Skip to content

පටුනට යන්න

මහලු වයස; මහලු අය

මහලු වයස; මහලු අය

වයසට ගියාම අපිට මොනවාද වෙන්නේ?

ගීතා 71:9; 90:10

සහනය - අසනීප, මහලු වයස නිසා කලින් තරම් දේවල් කරන්න බැරි වෙද්දී” කියන අනුමාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • දේශ 12:1-8—වයසක අය සාමාන්‍යයෙන් අද්දකින දේවල් සලමොන් රජ කාව්‍යමය විදිහට විස්තර කළා. උදාහරණ: පෙනීම අඩු වෙන එක (“ජනේලයෙන් එළිය බලන කාන්තාවන්”), කන් ඇහෙන්නේ නැති වෙන එක (“ගායිකාවන්ගේ ගී හඬ ඇහෙන්නේ නැති තරම්”)

කලින් තරම් දේවල් කරන්න බැරි වුණත් වයසක අයට දිගටම සතුටින් ඉන්න පුළුවන් ඇයි?

2කොරි 4:16-18; යාකො 1:2-4

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 12:2, 23—යෙහෝවාගේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා වයසට ගිහින් හිටිය සාමුවෙල් තේරුම්ගත්තා

    • 2සාමු 19:31-39—බාසිල්ලයි දුන්න උදව් දාවිත් රජ හුඟක් අගය කළා. බාසිල්ලයි නිහතමානීව කිව්වා දාවිත්ට සේවය කරන්න එන්න බැහැ කියලා

    • ගීතා 71:9, 18—වයසට ගියාම යෙහෝවාට එයාගෙන් වැඩක් නැති වෙයි කියලා දාවිත් හිතුවා. ඒ නිසා තමන්ව අහක දාන්න එපා කියලත් ඉදිරි පරම්පරාවට දෙවියන් ගැන කියලා දෙන්න ශක්තිය දෙන්න කියලත් එයා යෙහෝවාගෙන් ඉල්ලුවා

    • ලූක් 2:36-38—වයසට ගිහින් හිටියත් අනාගතවක්තෘවරියක් වුණ ආනා දිගටම ලොකු ආදරයකින් යෙහෝවාට සේවය කළා. ඒ නිසා ඔහු එයාට ආශීර්වාද කළා

වයසක අය යෙහෝවාට ගොඩක් වටිනවා කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 92:12-14; හිතෝ 16:31; 20:29; යෙසා 46:4; තීත 2:2-5

  • බයිබල් සිද්ධීන්:

    • උත් 12:1-4—ආබ්‍රහම්ට අවුරුදු 75ක් වෙද්දී යෙහෝවා එයාට පැවරුමක් භාර දුන්නා. ඒ පැවරුම නිසා එයාගේ මුළු ජීවිතේම වෙනස් වුණා

    • දානි 10:11, 19; 12:13—අවුරුදු 90කටත් වඩා වයසක හිටිය දානියෙල්ව දේවදූතයෙක් ශක්තිමත් කළා. දානියෙල් යෙහෝවාට ගොඩක් වටිනවා කියලත් දානියෙල්ගේ විශ්වාසවන්තකමට ආශීර්වාද ලැබෙනවා කියලත් එයා කිව්වා

    • ලූක් 1:5-13—යෙහෝවා ආශ්චර්යයක් කරලා මහලු සෙකරියාටයි, එලිසබෙත්ටයි පුතෙක් ලබා දුන්නා

    • ලූක් 2:25-35—ගැලවුම්කරු වෙන්න හිටිය පුංචි යේසුස්ව දකින්න යෙහෝවා මහලු සිමියොන්ට අවස්ථාව දුන්නා. ඒ වෙලාවේ සිමියොන් ගැලවුම්කරු ගැන අනාවැකියක් කිව්වා

    • ක්‍රියා 7:23, 30-36—යෙහෝවා ඔහුගේ සෙනඟව බලාගන්න මෝසෙස්ව පත් කරද්දී එයාට වයස අවුරුදු 80යි

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න වයසක අයට අපි සලකන්න ඕනෙ කොහොමද?

ලෙවී 19:32; 1තිමෝ 5:1

  • බයිබල් සිද්ධීන්:

    • උත් 45:9-11; 47:12—යෝසෙප් එයාගේ මහලු තාත්තාව ඊජිප්තුවට ගෙන්නගෙන තාත්තා මැරෙන කල්ම එයාව හොඳින් බලාගත්තා

    • රූත් 1:14-17; 2:2, 17, 18, 23—රූත් වයසක නායොමිව බලාගෙන වචනයෙන් සහ ක්‍රියාවෙන් එයාට ශක්තියක් වුණා

    • යොහ 19:26, 27—යේසුස් වධකණුවේ ඉද්දී ඔහුගේ අම්මාව බලාගන්න වගකීම තමන් ගොඩක් ආදරේ කරපු ගෝලයා වන යොහන්ට භාර දුන්නා

අපිට සභාවේ ඉන්න වයසක අයට උදව් කරන්න පුළුවන් මොන විදිවලින්ද?