Skip to content

පටුනට යන්න

මෘදුකම

මෘදුකම

යෙහෝවා මෘදු, කරුණාවන්ත කෙනෙක් කියලා අපි දන්නේ කොහොමද?

මතෙ 11:28, 29; යොහ 14:9

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 19:12—කලකිරිලා හිටපු එලියාට යෙහෝවා ‘සන්සුන් කටහඬකින්’ කතා කළා

    • යෝනා 3:10–4:11—යෝනා කේන්තියෙන් යෙහෝවාට කතා කළත් ඔහු එයාට දයාව ගැන හරිම මෘදු විදිහට කියලා දුන්නා

අපිට මෘදු විදිහට වැඩ කරන්න පුළුවන් කොහොමද?

හිතෝ 15:1; එෆී 4:1-3; තීත 3:2; යාකො 3:13, 17; 1පේතෘ 3:15

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 11:26-29—දෙන්නෙක් අනාගතවක්තෘවරුන් වගේ වැඩ කරද්දී එයාලව නවත්තන්න කියලා යොෂුවා මෝසෙස්ට කිව්වා. ඒ වෙලාවේ මෝසෙස් කතා කළේ හරිම මෘදු විදිහට

    • විනි 8:1-3—ගිඩියොන් මෘදු විදිහට වැඩ කරපු නිසා ප්‍රශ්නයක් දුර දිග යන එක නැවතුණා