යේසුස් ක්‍රිස්තුස්
යෙහෝවාගේ අරමුණ ඉටු කරන්න යේසුස් වැදගත් කාර්යයක් ඉටු කරනවා කියලා කියන්නේ ඇයි?
ක්‍රියා 4:12; 10:43; 2කොරි 1:20; ෆිලි 2:9, 10
හිතෝ 8:22, 23, 30, 31; යොහ 1:10; එළි 3:14ත් බලන්න
-
බයිබල් සිද්ධීන්:
-
මතෙ 16:13-17—යේසුස් දෙවියන්ගේ පුතා කියලත් ක්‍රිස්තුස් කියලත් පේතෘස් පිළිගත්තා
-
මතෙ 17:1-9—නියෝජිතයන් තුන්දෙනෙක් ඉස්සරහා යේසුස්ගේ පෙනුම වෙනස් වුණා. ඒ වෙලාවේ යෙහෝවා ස්වර්ගයේ ඉඳන් කිව්වා යේසුස් තමන්ගේ පුතා කියලා
-
යේසුස් හැම මිනිසෙක්ටම වඩා විශේෂයි කියලා කියන්නේ ඇයි?
යොහ 8:58; 14:9, 10; කොලො 1:15-17; 1පේතෘ 2:22
-
බයිබල් සිද්ධීන්:
-
මතෙ 21:1-9—යේසුස් බූරුවෙක්ගේ පිටේ නැඟලා යෙරුසලමට ගියා. දේවරාජ්‍යයේ රජ ගැන දීපු අනාවැකියක් ඒකෙන් ඉටු වුණා
-
හෙබ්‍රෙ 7:26-28—අනිත් හැම උත්තම පූජකයෙක්ටම වඩා යේසුස් ශ්‍රේෂ්ඨයි කියලා පාවුල් පැහැදිලි කළා
-
යේසුස් කරපු ආශ්චර්යයන්වලින් යේසුස් ගැනත් යෙහෝවා ගැනත් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
-
බයිබල් සිද්ධීන්:
-
මතෙ 4:23, 24—තමන් භූතයන්ට වඩා බලවත් කියලත් ඕනෙම අසනීපයක් සුව කරන්න පුළුවන් කියලත් යේසුස් පෙන්නුවා
-
මතෙ 14:15-21—රොටි පහකින් සහ මාළු කූරි දෙකකින් යේසුස් දහස් ගාණකට කන්න දුන්නා
-
මතෙ 17:24-27—දේවමාලිගාවේ බද්ද ගෙවන්න ඕනෙ වුණ නිසාත් ප්‍රශ්නයක් ඇති වෙන එක නවත්තන්න ඕනෙ වුණ නිසාත් යේසුස් ආශ්චර්යවත් විදිහට පේතෘස්ට කාසියක් ලබා දුන්නා
-
මාක් 1:40, 41—ලාදුරු රෝගියෙක්ව දැක්කාම යේසුස්ට අනුකම්පාවක් දැනිලා එයාව සුව කළා. ඒකෙන් තේරෙනවා අසනීපෙන් ඉන්න අයව සුව කරන්න ඔහුට ආසාවක් තියෙනවා කියලා
-
මාක් 4:36-41—යේසුස් දරුණු කුණාටුවක් නිශ්චල කරපු එකෙන් තේරෙනවා කාලගුණය පාලනය කරන්න දෙවියන් ඔහුට බලය දීලා තියෙනවා කියලා
-
යොහ 11:11-15, 31-45—ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් ඇඬුවා. ඊටපස්සේ ඔහු ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා. ඒකෙන් පේනවා මිනිස්සු මැරෙනවා දකින්නවත් මරණය නිසා මිනිස්සු දුක් විඳිනවා දකින්නවත් යේසුස් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා
-
යේසුස් කියලා දුන්න වැදගත්ම පණිවිඩය මොකක්ද?
යේසුස් මොන වගේ කෙනෙක්ද?
අනුකම්පාවෙන් පිරුණු කරුණාවන්ත කෙනෙක්—මාක් 5:25-34; ලූක් 7:11-15
ආදරෙන් පිරුණු කෙනෙක්—යොහ 13:1; 14:31; 15:13; 1යොහ 3:16
ඔහු ළඟට යන්න කවුරුත් බය වුණේ නැහැ—මතෙ 13:2; මාක් 10:13-16; ලූක් 7:36-50
කීකරුයි—ලූක් 2:40, 51, 52; හෙබ්‍රෙ 5:8
නිර්භීතයි—මතෙ 4:2-11; යොහ 2:13-17; 18:1-6
නිහතමානියි—මතෙ 11:29; 20:28; යොහ 13:1-5; ෆිලි 2:7, 8
ප්‍රඥාවන්තයි—මතෙ 12:42; 13:54; කොලො 2:3
යේසුස් කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතේ දුන්නේ ඇයි? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
යේසුස් ස්වර්ගයේ රජකම් කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ ඇයි?
ගීතා 72:12-14; දානි 2:44; 7:13, 14; එළි 12:9, 10
-
බයිබල් සිද්ධීන්:
-
ගීතා 45:2-7, 16, 17—දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් සතුරන්ව පරාජය කරනවා. ඔහු නිහතමානීව, ධර්මිෂ්ඨව සහ සත්‍යය තහවුරු වෙන විදිහට පාලනය කරනවා
-
යෙසා 11:1-10—යේසුස්ගේ පාලනය යටතේ මේ පොළොව සාමයෙන් පිරුණු පාරාදීසයක් වෙනවා
-
ළඟදීම යේසුස් මොනවාද කරන්න යන්නේ?