Skip to content

පටුනට යන්න

වගකීම් දරන අය

වගකීම් දරන අය

කෙනෙක්ව වැඩිමහල්ලෙක් විදිහට පත් කරන්න නම් එයාට සාධාරණ මට්ටමෙන් යම් සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවා මොනවාද?

වැඩිමහල්ලන් හොඳ ආදර්ශයක් තියන්න ඕනෙ තවත් මොන වගේ පැතිවලින්ද?

කෙනෙක්ව සහායක සේවකයෙක් විදිහට පත් කරන්න නම් එයාට සාධාරණ මට්ටමෙන් යම් සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවා මොනවාද?

වගකීම් දරන පුරුෂයන්ව පත් කරන්නේ දෙවියන්ගේ බලයෙන් කියලා කියන්නේ ඇයි?

ක්‍රියා 20:28

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 13:2-5; 14:23—සංචාරක සේවකයන් වුණ පාවුල් සහ බානබස් විවිධ සභාවලට ගිහින් වගකීම් දරන්න පුරුෂයන්ව පත් කළා. අදත් චාරිකා සේවකයන් ඒ දේම කරනවා. එයාලා ඒ දේ කරන්නේ දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරලා පත් කරන අයට තියෙන්න ඕනෙ සුදුසුකම් බයිබලෙන් හොයලා බලලයි

    • තීත 1:1, 5—විවිධ සභාවලට ගිහින් වැඩිමහල්ලන්ව පත් කරන වගකීම තීතස්ට භාර දුන්නා

ක්‍රිස්තියානි සභාව අයිති කාටද? ඒක මිල දී අරන් තියෙන්නේ කොහොමද?

වගකීම් දරන අයව සේවකයන් විදිහට හඳුන්වන්නේ ඇයි?

වගකීම් දරන අය දිගටම නිහතමානී වෙන්න ඕනෙ ඇයි?

ෆිලි 1:1; 2:5-8; 1තෙස 2:6-8; 1පේතෘ 5:1-3, 5, 6

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 20:17, 31-38—පාවුල් තමන් අවුරුදු ගාණක් තිස්සේ කරපු සේවය ගැන එෆීසයේ වැඩිමහල්ලන්ට කිව්වා. එයාලත් පාවුල් පෙන්නපු ආදරේ, සැලකිල්ල අගය කළා

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන මඟ පෙන්වීම් වැඩිමහල්ලන් භාරගන්න ඕනෙ කොහොමද?

අනිත් අයට උගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන් හොඳම විදිහ මොකක්ද?

1තිමෝ 4:12; 1පේතෘ 5:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • නෙහෙ 5:14-16—නෙහෙමියාට යෙහෝවා ගැන ලොකු ගෞරවයක් තිබුණ නිසා එයා දෙවියන්ගේ සෙනඟගෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. එයාට ලබාගන්න අයිතියක් තිබුණ දේවල්වත් එයා ගත්තේ නැහැ

    • යොහ 13:12-15—යේසුස් එයාගේ ආදර්ශයෙන් නිහතමානී වෙන්නේ කොහොමද කියලා ගෝලයන්ට පෙන්නුවා

සභාවේ ඉන්න එක් එක් කෙනාට ආදරේ සැලකිල්ල පෙන්නන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

වැඩිමහල්ලන් යෙහෝවාගෙන් ඈත් වෙලා ඉන්න අයට උදව් කරන්නේ කොහොමද?

උගන්වද්දී වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද?

සභාව පවිත්‍රව තියාගන්න වැඩිමහල්ලන් මහන්සි වෙන්න ඕනෙ ඇයි?

වැඩිමහල්ලන් පුහුණු කරන්නේ කාවද?

2තිමෝ 2:1, 2

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 10:5-20—යේසුස් නියෝජිතයන් 12දෙනාව සේවේ යවන්න කලින් එයාලව පුහුණු කළා

    • ලූක් 10:1-11—යේසුස් ගෝලයන් 70දෙනෙක්ව සේවේ යවන්න කලින් එයාලට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා

වැඩිමහල්ලන්ට හුඟක් වගකීම් තියෙනවා. ඒවා කරන්න එයාලට උදව් වෙන්නේ මොකක්ද?

1පේතෘ 5:1, 7

හිතෝ 3:5, 6ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 3:9-12—දෙවියන්ගේ සෙනඟව හරියට විනිශ්චය කරන්න ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් සලමොන් රජ යෙහෝවාගෙන් ඉල්ලුවා

    • 2ලේක 19:4-7—යෙහෝෂපාට් රජ යූදා නගරවල විනිශ්චයකරුවන්ව පත් කළා. ඒ බෑරෑරුම් වැඩේ කරන්න යෙහෝවා එයාලට උදව් කරයි කියලත් එයා මතක් කළා

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න වැඩිමහල්ලන් ගැන සභාවේ අයට තියෙන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද?

1තෙස 5:12, 13; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7, 17

එෆී 4:8, 11, 12ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 20:37—එෆීසයේ හිටපු වැඩිමහල්ලන් පාවුල්ට එයාලාගේ ආදරේ පෙන්නුවා

    • ක්‍රියා 28:14-16—පාවුල් රෝමයට එනවා කියලා ආරංචි වුණාම එහේ හිටපු සහෝදරයෝ කිලෝමීටර් 65ක් දුර ගෙවාගෙන එයාව හම්බ වෙන්න අප්පියස්ගේ වෙළඳපොළට ආවා. ඒකෙන් එයාට ලොකු ශක්තියක් ලැබුණා