Skip to content

පටුනට යන්න

වැඩ

වැඩ

වැඩ කරන එකයි, සතුටයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?

වැඩක් හොඳට සහ දක්ෂ විදිහට කරන්න ඉගෙනගන්න එක හොඳ දෙයක් කියන්නේ ඇයි?

හිතෝ 22:29

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 16:16-23—යෞවන වයසේදී දාවිත් ප්‍රසිද්ධ වෙලා හිටියේ හොඳට වීණාව වාදනය කරන්න පුළුවන් කෙනෙක් විදිහට. ඒ නිසා එයාට පුළුවන් වුණා වීනාව වාදනය කරලා සාවුල් රජගේ හිත සන්සුන් කරන්න

    • 2ලේක 2:13, 14—හීරාම්ආබි හරිම දක්ෂ කර්මාන්තකරුවෙක්. ඒ නිසා සලමොන් රජ දේවමාලිගාව හදන වැඩේට එයාව පාවිච්චි කළා

යෙහෝවාට සේවය කරන අය කැමතියි අනිත් අය එයාලව හොඳට මහන්සි වෙලා වැඩ කරන අය විදිහට දකිනවාට. ඒ ඇයි?

එෆී 4:28; කොලො 3:23

  • බයිබල් සිද්ධීන්:

    • උත් 24:10-21—ආබ්‍රහම්ගේ සේවකයා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් දේවල් රෙබෙකා කළා. එයා අනිත් අයට උදව් කරන්න කැමති, ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් කියලා ඒකෙන් තේරෙනවා

    • ෆිලි 2:19-23—තිමෝති තරුණයෙක් වුණත් පාවුල් එයාට ලොකු වගකීමක් භාර දුන්නා. ඒ, එයා අනිත් අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු නිහතමානී කෙනෙක් නිසයි

දෙවියන්ගේ සේවකයන් විදිහට අපි කම්මැළි වෙන්න හොඳ නැත්තේ ඇයි?

හිතෝ 13:4; 18:9; 21:25, 26; දේශ 10:18

  • බයිබල් සිද්ධියක්:

    • හිතෝ 6:6-11—සලමොන් රජ කූඹියෙක්ව උදාහරණෙකට අරන් කම්මැළි නොවී වැඩ කරන එකේ වැදගත්කම පෙන්නුවා

අපේ වියදම් පියවගන්න අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ ඇයි?

අපේ පවුලේ අයව රැකබලා ගන්න අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ ඇයි?

1තිමෝ 5:8

  • බයිබල් සිද්ධීන්:

    • රූත් 1:16, 17; 2:2, 3, 6, 7, 17, 18—තරුණ වැන්දඹුවක් වුණ රූත් එයාගේ නැන්දම්මාව බලාගන්න මහන්සි වෙලා වැඩ කළා

    • මතෙ 15:4-9—යෙහෝවාට කරන සේවය නිසා දෙමාපියන්ව බලාගන්න බැහැ කියලා කියන අය හිතන විදිහ වැරදියි කියලා යේසුස් කිව්වා

මහන්සි වෙලා හම්බ කරන දේවල් අපි අනිත් අය එක්ක සතුටින් බෙදාගන්න ඕනෙ ඇයි?

සල්ලි හම්බ කරන එක ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

රස්සාව හොඳින් කරන්නත් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ලබාගන්නත් යෙහෝවා අපිට උදව් කරන්න ආසයි කියලා අපි දන්නේ කොහොමද?

මතෙ 6:25, 30-32; ලූක් 11:2, 3; 2කොරි 9:10

  • බයිබල් සිද්ධීන්:

    • උත් 31:3-13—යාකොබ් එයාගේ මාමණ්ඩි වුණ ලාබන් වෙනුවෙන් කම්මැළි නොවී වැඩ කළත් එයා යාකොබ්ට සැලකුවේ හරිම අසාධාරණ විදිහට. ඒත් යෙහෝවා යාකොබ්ගේ මහන්සියට ආශීර්වාද කළා

    • උත් 39:1-6, 20-23—පොතිෆර්ගේ ගෙදර දාසයෙක් විදිහට ඉද්දීත් හිරගෙදර ඉද්දීත් යෝසෙප් මහන්සි බලන්නේ නැතුව වැඩ කළා. ඒ නිසා යෙහෝවා එයාට ආශීර්වාද කළා

යෙහෝවාට කරන නමස්කාරයට වඩා වැඩි තැනක් අපේ රස්සාවට දෙන්න හොඳ නැත්තේ ඇයි?

ගීතා 39:5-7; මතෙ 6:33; යොහ 6:27

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 12:15-21—යෙහෝවාට ළං වෙන්න උදව් වෙන දේවලට වඩා සල්ලි හොයන එකට මුල් තැන දෙන එක කොච්චර මෝඩද කියලා යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

    • 1තිමෝ 6:17-19—අහංකාර වෙන්න එපා කියලත් “පුළුවන් තරම් යහපත් දේවල් කරන්න” කියලත් පාවුල් පොහොසත් අයට අවවාද කළා

රස්සාවක් හොයද්දී අපි හිතන්න ඕනෙ පැති මොනවාද?

යෙහෝවා වෙනුවෙන් වැඩ කරන එක

ක්‍රිස්තියානීන්ට කරන්න පුළුවන් හොඳම වැඩේ මොකක්ද?

යෙහෝවාට සේවය කරද්දී අපේ උපරිමය කරන්න අපි කැමති ඇයි?

හැම කෙනෙක්ම එකම විදිහට, එකම ප්‍රමාණයට යෙහෝවාට සේවය කරන්න ඕනෙ කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි?

ගලා 6:3-5

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 25:14, 15—යේසුස් තමන්ගේ අනුගාමිකයන් හැමෝගෙන්ම එකම ප්‍රමාණය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඔහු දීපු උදාහරණෙකින් පැහැදිලි වෙනවා

    • ලූක් 21:2-4—දුප්පත් වැන්දඹුව දුන්නේ පුංචි දෙයක් වුණත් දෙවියන්ට ඒක කොච්චර වටිනවාද කියලා යේසුස් පෙන්නුවා

යෙහෝවා වෙනුවෙන් කරන්න අපිට භාර දෙන ඕනෙම වැඩක් හොඳට කරන්න අපිට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද?

2කොරි 4:7; එෆී 3:20, 21; ෆිලි 4:13

  • බයිබල් සිද්ධියක්:

    • 2තිමෝ 4:17—තමන්ට ඕනෙ කරන ශක්තිය අවශ්‍යම වෙලාවේ ලැබුණා කියලා පාවුල් කිව්වා

යෙහෝවා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරද්දී අපිට සතුටක් ලැබෙන්නේ ඇයි?