Skip to content

පටුනට යන්න

වැරදි ක්‍රියා

වැරදි ක්‍රියා

අපි වළකින්න ඕනෙ මොන වගේ වැරදි දේවල් කරන එකෙන්ද?

අපහාස කරන එක

මතෙ 5:22; 1කොරි 6:9, 10; එෆී 4:31

නික් 22:28; දේශ 10:20; යූද් 8ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

අල්ලස් දෙන එක, ගන්න එක

නික් 23:8; ගීතා 26:9, 10; හිතෝ 17:23

ද්වි 10:17; 16:19; ගීතා 15:1, 5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 8:1-5—සාමුවෙල්ගේ පුතාලා එයාව ආදර්ශයට ගත්තේ නැහැ. එයාලා අල්ලස් ගත්තා. අසාධාරණ විදිහට වැඩ කළා

    • නෙහෙ 6:10-13—විරුද්ධවාදීන් ෂෙමායාට සල්ලි ගෙවලා බොරු අනාවැකියක් කියන්න කිව්වා. නෙහෙමියාව බය කරලා වැඩ නතර කරන්නයි එයාලට ඕනෙ වුණේ

අසභ්‍ය දර්ශන බලන එක

අසභ්‍ය දර්ශන” කියන මාතෘකාව බලන්න

අසභ්‍ය විහිළු සහ කතා

ඕපාදූප කියන එක; අනුන්ගේ දේවලට ඇඟිලි ගහන එක

කන්කෙඳිරි ගාන එක

1කොරි 10:10; ෆිලි 2:14; යූද් 16

ගණන් 11:1ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 14:1-11, 26-30—ඊශ්‍රායෙල්වරු මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කන්කෙඳිරි ගෑවා. යෙහෝවා ඒක සැලකුවේ ඔහුට විරුද්ධව කරපු දෙයක් විදිහටයි

    • යොහ 6:41-69—යුදෙව්වන් යේසුස්ට විරුද්ධව එක එක දේවල් කිව්වා. ඒ නිසා සමහර ගෝලයන් ඔහුව අත්හැරලා ගියා

කෑදරකම

කේන්ති ගන්න එක; ප්‍රචණ්ඩකම්

ගීතා 11:5; හිතෝ 3:31; 29:22

1තිමෝ 3:2, 3; තීත 1:7ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • නික් 21:22-27—රණ්ඩුවකදී කෙනෙක්ට හානියක් වුණොත් නැත්නම් කෙනෙක් මැරුණොත් මෝසෙස්ගේ නීතියේ වරදකරුට දඬුවම් නියම කරලා තිබුණා

ඝෝෂාකාරී උත්සව

රෝම 13:13; ගලා 5:19, 21; 1පේතෘ 4:3

හිතෝ 20:1; 1කොරි 10:31ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • දානි 5:1-4, 30—බෙල්ෂසර් රජ “ලොකු උත්සවයක් පැවැත්තුවා.” ඒකෙදී එයා වෙරි වෙන කල් බීලා යෙහෝවාට අපහාස කරපු නිසා අන්තිමට එයා මැරුණා

චාටු කතා

යෝබ් 32:21, 22; ගීතා 5:9; 12:2, 3; හිතෝ 26:24-28; 29:5

හිතෝ 28:23; 1තෙස 2:3-6ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 18:18, 19—කෙනෙක් යේසුස්ට අනවශ්‍ය ගෞරවයක් දෙන්න හැදුවත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා

    • ක්‍රියා 12:21-23—මිනිස්සු හෙරොද් අග්‍රිපාව දෙවි කෙනෙක්ට සමාන කළාම එයා ඒකට ගොඩක් ආස වුණා. ඒ වරදට යෙහෝවා එයාට පහර දුන්නා

තරඟකාරිත්වය

දේශ 4:4; ගලා 5:26

  • බයිබල් සිද්ධීන්:

    • මාක් 9:33-37; 10:35-45—ගෝලයන් එයාලා අතරේ උසස්ම කෙනා කවුද කියන එක ගැන වාද කළා. ඒ නිසා නිතරම එයාලව නිවැරදි කරන්න යේසුස්ට සිද්ධ වුණා

    • 3යොහ 9, 10—දියොත්‍රෙෆස්ට ඕනෙ වුණේ “සහෝදරයන් අතරේ මුල් තැන ගන්න”

තර්ජනය කරන එක

එෆී 6:9; 1පේතෘ 2:23

ගීතා 10:4, 7; 73:3, 8ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 4:15-21—මන්ත්‍රණ සභාවේ අය ගෝලයන්ට තර්ජනය කරලා කිව්වා දේශනා කරන එක නවත්තන්න කියලා

දෙවියන් අකමැති විදිහට ලේ පාවිච්චි කරන එක

උත් 9:4; ද්වි 12:16, 23; ක්‍රියා 15:28, 29

ලෙවී 3:17; 7:26ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 1සාමු 14:32-34—ඊශ්‍රායෙල්වරු ලේ අයින් කරන්නේ නැතුව මස් කාලා යෙහෝවාට විරුද්ධව ලොකු වරදක් කළා

පම්පෝරි ගහන එක

පම්පෝරි ගහන එක” කියන මාතෘකාව බලන්න

බේබදුකම; වෙරි වෙන කල් බොන එක

හිතෝ 20:1; 23:20, 29-35; 1කොරි 5:11; 6:9, 10

එෆී 5:18; 1තිමෝ 3:8; තීත 2:3; 1පේතෘ 4:3ත් බලන්න

මත්පැන්” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 9:20-25—නෝවා වයින් බීලා මත් වුණා. ඒකෙන් පස්සේ හාම් සහ එයාගේ පුතා වුණ කානාන් බරපතළ වරදක් කරන්න පෙලඹුණා

    • දානි 5:1-6, 30—වෙරි වෙලා හිටපු බෙල්ෂසර් රජ යෙහෝවාට අපහාස කළා. ඒ නිසා එයාගේ රාජ්‍යය නැති වුණා වගේම එයාත් මැරුණා

බොරු කීම; අනුන්ගේ නම කැත කරන එක

බොරු කීම” කියන මාතෘකාව බලන්න

බොරු කීම; පොරොන්දු වුණ දෙයක් ඉටු නොකිරීම

බොරු කීම” කියන මාතෘකාව බලන්න

භේද ඇති කරන එක; නිකායන් හදාගන්න එක

මිනී මැරීම

නික් 20:13; මතෙ 15:19; 1පේතෘ 4:15

මතෙ 5:21, 22; මාක් 7:21ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 4:4-16—යෙහෝවා ආදරෙන් කායින්ට අවවාද කළත් එයා කිසි වරදක් නොකරපු එයාගේ මල්ලිව මැරුවා

    • 1රාජා 21:1-26; 2රාජා 9:26—දුෂ්ට ආහබ් රජයි, යෙසබෙල් බිසවයි නාබොත්ගේ වත්තට කෑදර වෙලා නාබොත්වයි, එයාගේ පුතාලවයි මරලා දැම්මා

රණ්ඩු කරන එක

රණ්ඩු කිරීම” කියන මාතෘකාව බලන්න

රූප නමස්කාරය

රූප නමස්කාරය” කියන මාතෘකාව බලන්න

ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක; අපවිත්‍රකම; දුරාචාරය; අනාචාරය

ලිංගික දුරාචාරය” කියන මාතෘකාව බලන්න

වංචා කරන එක

ගීතා 62:10; 1කොරි 5:10, 11; 6:9, 10

හිතෝ 1:19; 15:27ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෙරෙ 22:11-17—ෂල්ලුම් රජ (යෙහෝයහාෂ්) වංචා කළා. තවත් බරපතළ වැරදි කළා. ඒ නිසා යෙහෝවා එයාව හෙළා දැක්කා

    • ලූක් 19:2, 8—බදු එකතු කරන අයගේ ප්‍රධානියෙක් වුණ සකෙවුස් කලින් වංචා කරලා අනිත් අයගෙන් වැඩිපුර සල්ලි ගත්තා. පස්සේ එයා ඒ ගැන දුක් වෙලා ඒ අයට වන්දි ගෙව්වා

    • ක්‍රියා 24:26, 27—ආණ්ඩුකාර ෆීලික්ස් පාවුල්ගෙන් අල්ලසක් බලාපොරොත්තු වුණත් පාවුල් ඒක දුන්නේ නැහැ

සමච්චල් කරන එක

හිතෝ 19:29; 24:9

හිතෝ 17:5; 22:10; 2පේතෘ 3:3, 4ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 36:15-21—කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා එවපු පණිවිඩකරුවන්ටයි, අනාගතවක්තෘවරුන්ටයි නින්දා අපහාස කළා

    • යෝබ් 12:4; 17:2; 21:3; 34:7—යෝබ් දුක් විඳපු කාලේදී එයාව දන්න අඳුරන අය එයාට සමච්චල් කළා

සොරකම් කරන එක

සොරකම” කියන මාතෘකාව බලන්න