Skip to content

පටුනට යන්න

විඳදරාගැනීම

විඳදරාගැනීම

විඳදරාගන්න එක යෙහෝවාගේ සේවකයන්ට අත්‍යවශ්‍ය දෙයක් කියලා කියන්නේ ඇයි?

අපි දේශනා කරද්දී සමහරු විරුද්ධ වෙයි, පණිවිඩේට අකමැති වෙයි කියලා අපිට හිතන්න පුළුවන් ඇයි?

මතෙ 10:22; යොහ 15:18, 19; 2කොරි 6:4, 5

  • බයිබල් සිද්ධීන්:

    • 2පේතෘ 2:5; උත් 7:23; මතෙ 24:37-39—නෝවා “දෙවියන් හරියි කියලා සලකන දේවල් ගැන දේශනා” කළත් වැඩිදෙනෙක් එයාව ගණන් ගත්තේ නැහැ. එයායි, එයාගේ පවුලේ අයයි විතරයි ජලගැල්මෙන් බේරුණේ

    • 2තිමෝ 3:10-14—පාවුල් තිමෝතිව දිරිගන්වන්න එයා විඳදරාගත්ත විදිහ ගැන කිව්වා

පවුලේ අය වුණත් අපිට විරුද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් ඇයි?

මතෙ 10:22, 36-38; ලූක් 21:16-19

  • බයිබල් සිද්ධීන්:

    • උත් 4:3-11; 1යොහ 3:11, 12—ආබෙල් හරි දේ කළත් කායින් වැඩ කළේ දුෂ්ට විදිහටයි. ඒ නිසා එයා ආබෙල්ව මැරුවා

    • උත් 37:5-8, 18-28—යෝසෙප්ගේ අයියලා එයාව වළකට දාලා පස්සේ එයාව වහලෙක් විදිහට වික්කා. ඒ, යෙහෝවා එයාට පෙන්නපු හීනේ ගැන කියපු නිසයි

විරුද්ධවාදිකම් එද්දී අපි මැරෙන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

මතෙ 10:28; 2තිමෝ 4:6, 7

එළි 2:10ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • දානි 3:1-6, 13-18—මරණයට මුහුණ දෙන්න වුණත් ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ රූපයකට නමස්කාර කරන්න බැහැ කියලා කිව්වා

    • ක්‍රියා 5:27-29, 33, 40-42—මරණ තර්ජන ආවත් නියෝජිතයන් දිගටම විඳදරාගෙන දේශනා කළා

හික්මවීමක් ලැබෙද්දී දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

හිතෝ 3:11, 12; හෙබ්‍රෙ 12:5-7

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 20:9-12; ද්වි 3:23-28; 31:7, 8—යෙහෝවා දුන්න හික්මවීම නිසා මෝසෙස්ට ලොකු දුකක් දැනුණත් එයා අන්තිම වෙන කල් විශ්වාසවන්තව හිටියා

    • 2රාජා 20:12-18; 2ලේක 32:24-26—හෙසකියා වරදක් කරපු නිසා එයාට හික්මවීමක් ලැබුණා. ඒත් එයා නිහතමානීව ඒක පිළි අරන් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා

අනිත් අය යෙහෝවාව අත්හරිද්දී දිගටම විඳදරාගෙන ඉන්න එක අමාරු වෙන්න පුළුවන් ඇයි?

යෙරෙ 1:16-19; හබ 1:2-4

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 73:2-24—දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව, සාර්ථක ජීවිත ගත කරනවා දකිද්දී යෙහෝවාට නමස්කාර කරන එකෙන් වැඩක් තියෙනවාද කියලා ගීතිකාකරු හිතුවා

    • යොහ 6:60-62, 66-68—හුඟක් අය යේසුස්ව අත්හැරියත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පේතෘස් අදිටන් කරගත්තා

දිගටම විඳදරාගන්න අපිට උදව් වෙන දේවල්

යෙහෝවාට ළං වෙලා ඉන්න එක

බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන එක, අධ්‍යයනය කරන එක

හිතේ තියෙන හැම දේම නිතරම යෙහෝවාට කියන එක

රෝම 12:12; කොලො 4:2; 1පේතෘ 4:7

  • බයිබල් සිද්ධීන්:

    • දානි 6:4-11—දානියෙල්ගේ ජීවිතේ නැති කරන්න සමහරු කුමන්ත්‍රණය කළත් එයා යාච්ඤා කරන එක නැවැත්තුවේ නැහැ. එයා ඒක හොරෙන් කළෙත් නැහැ

    • මතෙ 26:36-46; හෙබ්‍රෙ 5:7—යේසුස් අන්තිම රාත්‍රියේදී දිගින් දිගටම යෙහෝවාට කන්නලව් කළා. ඔහුගේ අනුගාමිකයන්ටත් එහෙම කරන්න කියලා දිරිගැන්නුවා

යෙහෝවාට ආදරේ කරන අය එක්ක එකතු වෙලා නමස්කාර කරන එක

යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන තෑග්ග ගැන හිතන එක

යෙහෝවා ගැනයි, සහෝදර සහෝදරියන් ගැනයි තියෙන ආදරේ, හරි දේ කරන්න තියෙන ආසාව වැඩි කරගන්න එක

විශ්වාසය වැඩි කරගන්න එක

දුක් විඳින්න වෙද්දී ඒකෙන් වෙන යහපත ගැන හිතන එක

අමාරු තත්වයන් විශ්වාසවන්තව විඳදරාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවාව ගෞරවයට පත් වෙනවා

හිතෝ 27:11; යොහ 15:7, 8; 1පේතෘ 1:6, 7

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 1:6-12; 2:3-5—මිනිස්සුන්ව තමන්ගේ පැත්තට ගන්න ඕනෙ නිසා යෙහෝවා එයාලට ආශීර්වාද කරනවා කියලා සාතන් චෝදනා කළා. ඒ චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න යෝබ්ට විශ්වාසවන්තව ඉඳලා දුක් පීඩා විඳදරාගන්න වුණා

    • රෝම 5:19; 1පේතෘ 1:20, 21—අමාරුම තත්වයන්වලට මුහුණ දෙන්න වෙද්දී ආදම් වගේ අකීකරු නොවී විශ්වාසවන්තව ඉන්න පරිපූර්ණ කෙනෙක්ට පුළුවන්ද? මැරෙන කල්ම විශ්වාසවන්තව ඉඳලා යේසුස් ඒ වැදගත් ප්‍රශ්නයට උත්තරයක් දුන්නා

දිගටම විඳදරාගන්න අනිත් අයත් දිරිගැන්වෙනවා

සේවයේදී හොඳ ප්‍රතිඵල ලැබෙනවා

යෙහෝවා අපි ගැන සතුටු වෙලා අපිට ආශීර්වාද කරනවා