Skip to content

පටුනට යන්න

විරුද්ධවාදිකම්

විරුද්ධවාදිකම්

විරුද්ධවාදිකම් එද්දී ක්‍රිස්තියානීන් ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

විරුද්ධවාදිකම් එද්දී අපි යෙහෝවාගෙන් ශක්තිය ඉල්ලන්න ඕනෙ ඇයි?

ගීතා 55:22; 2කොරි 12:9, 10; 2තිමෝ 4:16-18; හෙබ්‍රෙ 13:6

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 19:1-18—යෙසබෙල් එලියාව මරන්න හොයද්දී එලියා එයාට හැඟුණ හැම දේම යෙහෝවාට කියලා ඔහුගෙන් ශක්තිය, සැනසීම ලැබුවා

    • ක්‍රියා 7:9-15—යෝසෙප්ගේ අයියලා එයාට නපුරුකම් කළත් යෙහෝවා දිගටම යෝසෙප් එක්කම ඉඳලා එයාව බේරගත්තා. එයාගේ පවුලේ අයව බේරගන්නත් එයාව පාවිච්චි කළා

අපිට මොන වගේ විරුද්ධවාදිකම් එන්න පුළුවන්ද?

නින්දා, අපහාස

2ලේක 36:16; මතෙ 5:11; ක්‍රියා 19:9; 1පේතෘ 4:4

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 18:17-35—ඇසිරියාවේ රජගේ නියෝජිතයෙක් වුණ රබ්ෂාකේ යෙහෝවාටත් යෙරුසලමේ ඉන්න සෙනඟටත් නින්දා කළා

    • ලූක් 22:63-65; 23:35-37—යේසුස් අත්අඩංගුවේ ඉද්දීත් වධකණුවේ ඉද්දීත් විරුද්ධවාදීන් ඔහුට සමච්චල් කළා

පවුලේ අයගෙන් එන විරුද්ධවාදිකම්

අත්අඩංගුවට ගන්න එක සහ බලධාරීන් ඉස්සරහට අරන් යන එක

වධ හිංසා කරන එක

විරුද්ධවාදීන් වට කරගන්න එක

මරලා දාන එක

විරුද්ධවාදිකම් එද්දී අපි කරන්න ඕනෙ මොනවාද?

මතෙ 5:44; ක්‍රියා 16:25; 1කොරි 4:12, 13; 1පේතෘ 2:23

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 7:57–8:1—මැර පිරිසක් ස්තේපන්ට ගල් ගහද්දී එයාලට දඬුවම් කරන්න එපා කියලා එයා දෙවියන්ගෙන් ඉල්ලුවා. ඒ පිරිස අතරේ සාවුලුත් හිටියා

    • ක්‍රියා 16:22-34—පාවුල්ට හොඳටම ගහලා එයාව දඬුකඳේ ගැහුවත් එයා හිරගෙදර භාරකරුට කරුණාවෙන් සැලකුවා. ඒ නිසා භාරකරුත් එයාගේ ගෙදර ඉන්න හැමෝමත් යේසුස්ගේ අනුගාමිකයන් වුණා

මුල් සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන්ට මොනවාද වුණේ?

විරුද්ධවාදිකම් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

විරුද්ධවාදිකම් එද්දී අපිට තියෙන බලාපොරොත්තුව ශක්තියක් වෙන්නේ කොහොමද?

විරුද්ධවාදිකම් නිසා අපි තුළ ලැජ්ජාවක්, බයක් සහ අධෛර්යය කරවන සිතුවිලි ඇති වෙන්න ඉඩ දෙන්න හොඳ නැත්තේ ඇයි? යෙහෝවාට සේවය කරන එක නවත්තන්න හොඳ නැත්තේ ඇයි?

ගීතා 56:1-4; ක්‍රියා 4:18-20; 2තිමෝ 1:8, 12

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 32:1-22—සෙනකෙරිබ්ගේ බලවත් හමුදාව යෙරුසලමට විරුද්ධව එද්දී හෙසකියා රජ යෙහෝවාගෙන් උදව් ඉල්ලලා සෙනඟව ශක්තිමත් කළා. යෙහෝවාත් එයාලව ආරක්ෂා කළා

    • හෙබ්‍රෙ 12:1-3—විරුද්ධවාදීන් යේසුස්ට ලැජ්ජා කළත් ඔහු ලැජ්ජාව ගැන හිතන්න ගියේවත් අධෛර්යය වුණේවත් නැහැ

විරුද්ධවාදිකම් නිසා ලැබෙන්න පුළුවන් හොඳ ප්‍රතිඵල මොනවාද?

විරුද්ධවාදිකම්වලට අපි හොඳින් මුහුණ දෙද්දී යෙහෝවා අපි ගැන සතුටු වෙනවා. ඒකෙන් යෙහෝවාගේ නමට ලොකු ගෞරවයකුත් ලැබෙනවා

1පේතෘ 2:19, 20; 4:12-16

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 1:6-22; 2:1-10—යෝබ්ට ආපු පීඩා පිටිපස්සේ හිටියේ සාතන් කියලා යෝබ් දැනගෙන හිටියේ නැහැ. ඒත් යෝබ් යෙහෝවාව අත්හැරියේ නැහැ. ඒකෙන් සාතන් බොරුකාරයෙක් වුණා වගේම යෙහෝවාට ගෞරවයකුත් ලැබුණා

    • දානි 1:6, 7; 3:8-30—හනනියා, මිෂායෙල් සහ අෂරියා (ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ) යෙහෝවාට අකීකරු වෙනවාට වඩා දරුණු මරණයක් විඳින එක හොඳයි කියලා හිතුවා. අන්තිමට ඒකෙන් වුණේ නෙබුකද්නෙෂර් රජ යෙහෝවාට ප්‍රසිද්ධියේ ගෞරවය දුන්න එකයි

විරුද්ධවාදිකම් නිසා මිනිස්සුන්ට යෙහෝවා ගැන දැනගන්න අවස්ථාව ලැබෙනවා

ලූක් 21:12, 13; ක්‍රියා 8:1, 4

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 11:19-21—විරුද්ධවාදිකම් එද්දී ක්‍රිස්තියානීන් විවිධ පළාත්වලට විසිරිලා ගිය නිසා ශුභාරංචිය ගොඩක් තැන්වල පැතිරුණා

    • ෆිලි 1:12, 13—හිරේ හිටපු නිසා ශුභාරංචිය හුඟක් අයට කියන්න පාවුල්ට පුළුවන් වුණා. ඒ ගැන එයා සතුටු වුණා

අපි විරුද්ධවාදිකම් විඳදරාගද්දී ඒක අපේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්

ගොඩක් වෙලාවට සාක්ෂිකරුවන්ට එන පීඩා පිටිපස්සේ ඉන්නේ කවුද?

යෙරෙ 26:11; මාක් 3:6; යොහ 11:47, 48, 53; ක්‍රියා 25:1-3

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 19:24-29—එෆීසයේදී ආටෙමිස්ගේ දේවාලයේ හැඩේට පොඩි රූප හදලා විකුණපු අය හිතුවේ ක්‍රිස්තියානීන් දේශනා කරපු පණිවිඩය නිසා එයාලාගේ ව්‍යාපාරයට පාඩුවක් වෙයි කියලා. ඒ නිසා එයාලා ක්‍රිස්තියානීන්ට පීඩා කළා

    • ගලා 1:13, 14—ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් පාවුල්ට (සාවුල්ට) යුදෙව් ආගමේ චාරිත්‍ර ගැන කොච්චර උද්‍යෝගයක් තිබ්බාද කිව්වොත් එයා ක්‍රිස්තියානීන්ට පීඩා කළා

යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ට පීඩා කරන හැම කෙනෙක් පිටිපස්සේම ඉන්නේ කවුද?