Skip to content

පටුනට යන්න

විවාහය

විවාහය

විවාහය කියන සැලැස්ම ඇති කළේ කවුද?

යෙහෝවාගේ සේවකයෙක් විවාහ වෙන්න තෝරගන්න ඕනෙ මොන වගේ කෙනෙක්වද?

බව්තීස්ම වුණ දරුවෙක් බව්තීස්ම වෙලා නැති කෙනෙක් එක්ක විවාහ වෙන්න හදනවා නම් ක්‍රිස්තියානි දෙමාපියන් ඒකට කැමති වෙන්නේ නැත්තේ ඇයි?

1කොරි 7:39; 2කොරි 6:14, 15

  • බයිබල් සිද්ධීන්:

    • උත් 24:1-4, 7—මහලු වයසේ හිටපු ආබ්‍රහම් තමන්ගේ පුතාට බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු කානානිවරුන් අතරින් බිරිඳක්ව හොයලා දුන්නේ නැහැ. යෙහෝවාට සේවය කරන බිරිඳක්ව ඊසාක්ට හොයලා දෙන්න එයා තීරණය කළා

    • උත් 28:1-4—ඊසාක් එයාගේ පුතා යාකොබ්ට කිව්වා කානානිවරුන් අතරින් බිරිඳක්ව තෝරගන්නේ නැතුව යෙහෝවාට නමස්කාර කරන කෙනෙක්ව හොයාගන්න කියලා

අපි යෙහෝවාට නමස්කාර කරන්නේ නැති කෙනෙක්ව විවාහ කරගත්තොත් යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

ද්වි 7:3, 4

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 11:1-6, 9-11—සලමොන් දෙවියන් දුන්න අනතුරු ඇඟවීම් සැහැල්ලුවට අරන් විදේශික කාන්තාවන්ව විවාහ කරගත්තා. එයාලාගේ බලපෑම් හින්දා එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඒ ගැන යෙහෝවාට ඇති වුණේ ලොකු කේන්තියක්

    • නෙහෙ 13:23-27—යෙහෝවාට නමස්කාර කරපු නැති කාන්තාවන්ව විවාහ කරගත්ත ඊශ්‍රායෙල් පුරුෂයන් ගැන නෙහෙමියාට දැනුණේ යෙහෝවාට දැනුණ විදිහටමයි. ඒ නිසා එයා ඒ පුරුෂයන්ට තදින්ම අවවාද කරලා එයාලට හික්මවීමක් දුන්නා

යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න, හොඳ නමක් තියෙන කෙනෙක්ව විවාහයට තෝරගන්න එක වැදගත් ඇයි?

හිතෝ 18:22; 31:10, 28

එෆී 5:28-31, 33ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 25:2, 3, 14-17—නාබල් හුඟක් පොහොසත් වුණත් එයා හරිම නපුරු, සැරපරුෂ කෙනෙක්. ඒකෙන් තේරෙනවා එයා අබිගායිල්ට හොඳ සැමියෙක් වුණේ නැහැ කියලා

    • හිතෝ 21:9—ගැළපෙන්නේ නැති කෙනෙක්ව විවාහ කරගත්තොත් අපිට ඒ කෙනා එක්ක සතුටින්, සමාදානයෙන් ඉන්න බැරි වෙයි

    • රෝම 7:2—විවාහ වුණාට පස්සේ කාන්තාවකට එයාගේ සැමියාගේ අධිකාරියට යටත් වෙන්න වෙනවා. ඒ නිසා ඥානවන්ත කාන්තාවක් කෙනෙක් එක්ක විවාහ වෙන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලන්න ඕනේ

විවාහයට සූදානම් වීම

බිරිඳට, දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න තමන්ට පුළුවන්ද කියලා කෙනෙක් බඳින්න කලින් හිතලා බලන්න ඕනෙ ඇයි?

1තිමෝ 5:8

  • බයිබල් සිද්ධියක්:

    • හිතෝ 24:27—කෙනෙක් සැමියෙක් සහ තාත්තා කෙනෙක් වෙන්න කලින් ඉඳන්ම මහන්සි වෙලා වැඩ කරලා පවුලක් බලාගන්න පුළුවන් විදිහට දේවල් සැලසුම් කරන්න ඕනේ

යාළු වෙලා ඉන්න කෙනාගේ පෙනුම ගැන හිතනවා වෙනුවට අනිත් අයගෙන් මඟ පෙන්වීම් ලබාගෙන එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන එක වැදගත් ඇයි?

හිතෝ 13:10; 1පේතෘ 3:3-6

  • බයිබල් සිද්ධීන්:

    • රූත් 2:4-7, 10-12—රූත් වැඩ කරපු විදිහ, පවුලේ අයට සලකපු විදිහ, යෙහෝවා එක්ක එයාට තිබුණ බැඳීම, විශ්වාසවන්ත අය රූත් ගැන කියපු දේවල් බෝවස්ට උදව් වුණා රූත් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න

    • රූත් 2:8, 9, 20—බෝවස් යෙහෝවාට හුඟක් ආදරේ කරපු, කරුණාවන්ත, ත්‍යාගශීලී කෙනෙක් කියලා රූත් තේරුම්ගත්තා

දෙන්නෙක් යාළු වෙලා ඉන්න කාලෙත් බඳින්න පොරොන්දු වුණාට පස්සෙත් එයාලා හැසිරීම පවිත්‍රව තියාගනියි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ ඇයි?

ගලා 5:19; කොලො 3:5; 1තෙස 4:4

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 5:18, 19—ආදරේ පෙන්නන්න කරන සමහර දේවල් කරන්න අවසර තියෙන්නේ විවාහ වුණාට පස්සේ විතරයි

    • සල 1:2; 2:6—ෂූලම්මීය තරුණිය සහ එයාගේ පෙම්වතා එකිනෙකාට ආදරේ පෙන්නුවත් එයාලා අපවිත්‍ර හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරුණේ නැහැ

    • සල 4:12; 8:8-10—ෂූලම්මීය තරුණිය හරියට අගුලු දාලා තියෙන උයනක් වගේ. එයා එයාවම පාලනය කරගෙන හැසිරීම පවිත්‍රව තියාගත්තා

යුවළක් නීත්‍යනුකූලව විවාහ වෙන්න ඕනෙ ඇයි?

සැමියාගේ වගකීම්

යෙහෝවා සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

පවුලේ හිස විදිහට සැමියෙක් ආදර්ශයට ගන්න ඕනෙ කාවද?

සැමියෙක් එයාගේ බිරිඳව තේරුම් අරන් එයාට ආදරෙන් සලකන එක වැදගත් ඇයි?

කොලො 3:19; 1පේතෘ 3:7

  • බයිබල් සිද්ධීන්:

    • උත් 21:8-12—සාරා කියපු දේ කරන්න ආබ්‍රහම් අකමැති වුණත් යෙහෝවා එයාට කිව්වා සාරා කියන දේට ඇහුම්කන් දෙන්න කියලා

    • හිතෝ 31:10, 11, 16, 28—හොඳ බිරිඳක් ඉන්න ප්‍රඥාවන්ත සැමියෙක් එයාගේ බිරිඳව පාලනය කරන්න හදන්නෙවත් වැරදි හොයහොය ඉන්නෙවත් නැහැ. එයා බිරිඳව විශ්වාස කරනවා, අගය කරනවා

    • එෆී 5:33—සැමියා තමන්ට ආදරේ කරනවා කියලා බිරිඳකට දැනෙන්න ඕනේ

බිරිඳගේ වගකීම්

යෙහෝවා බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

බිරිඳට තියෙන වැඩ කොටස පහත් එකක්ද?

උත් 1:26-28, 31; 2:18

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 1:8; 1කොරි 7:4—දෙවියන් බිරිඳකට, අම්මා කෙනෙක්ට පවුල තුළ යම් අධිකාරියක් දීලා තියෙනවා

    • 1කොරි 11:3—යෙහෝවාගේ සැලැස්මට අනුව සියලු බලැති දෙවියන් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම කාට හරි යටත් වෙන්න ඕනෙ කියලා පාවුල් පෙන්නුවා

    • හෙබ්‍රෙ 13:7, 17—සභාවේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්න ඕනේ. එයාලට කීකරු වෙන්නත් ඕනේ

යෙහෝවා ගැන විශ්වාසයක් නැති සැමියෙක් ඉන්න බිරිඳකට යෙහෝවාව සතුටු කරන්න පුළුවන් කොහොමද?

බිරිඳක් දිගටම එයාගේ සැමියාට ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි?

එෆී 5:33

  • බයිබල් සිද්ධියක්:

    • උත් 18:12; 1පේතෘ 3:5, 6—සාරා එයාගේ සැමියාට කොච්චර ගෞරව කළාද කිව්වොත් එයා හිතිනුත් ආබ්‍රහම්ට “ස්වාමියා” කියලා කිව්වා

බයිබලේ හොඳ බිරිඳක් විදිහට හඳුන්වන්නේ මොන වගේ කෙනෙක්වද?

හිතෝ 19:14; 31:10, 13-31

  • බයිබල් සිද්ධීන්:

    • උත් 24:62-67—අම්මා නැති දුක දරාගන්න රෙබෙකා එයාගේ සැමියාට උදව් කළා

    • 1සාමු 25:14-24, 32-38—අබිගායිල් දාවිත්ට නිහතමානීව කතා කරපු නිසා එයාගේ හිතුවක්කාර සැමියාවත් ගෙදර හැමෝවමත් ආරක්ෂා කරන්න එයාට පුළුවන් වුණා

    • එස්ත 4:6-17; 5:1-8; 7:1-6; 8:3-6—එස්තර් ආරාධනාවක් නැතුව දෙපාරක්ම රජ ඉස්සරහට ගියා. එයා ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව එහෙම කළේ දෙවියන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න කියලා රජගෙන් ඉල්ලන්න

ප්‍රශ්න විසඳගන්න විදිහ

පවුල් ජීවිතේ ප්‍රශ්න විසඳගන්න උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

සල්ලි ගැන සමබරව හිතන්න යුවළකට උදව් වෙන්නේ මොන ප්‍රතිපත්තිද?

නෑදෑයන්, නැන්දම්මා මාමණ්ඩි එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

ලිංගික සම්බන්ධකම් ගැන හරි විදිහට හිතන්න යුවළකට උදව් වෙන මඟ පෙන්වීම් මොනවාද?

සැමියාගේ/බිරිඳගේ අඩුපාඩු ගැන හිතන්නේ නැතුව එයාගේ හොඳ පැති ගැන හිතන එක වැදගත් ඇයි?

ප්‍රශ්න දුර දිග යන්න නොදී ඒවා ඉක්මනින්ම, ආදරෙන් විසඳගන්න එක වටින්නේ ඇයි?

මොනම හේතුවක් නිසාවත් ඉක්මනින් කේන්ති ගන්න එක, කෑගහන එක, අපහාස කරන එක සහ හිංසා කරන එක සුදුසු නැත්තේ ඇයි?

එකඟ නොවීම් ඇති වෙද්දී සැමියායි, බිරිඳයි දෙන්නාම අධිෂ්ඨාන කරගන්න ඕනෙ මොනවා කරන්නද?

යෙහෝවාට මුල් තැන දීලා වැඩ කරන යුවළකට ලැබෙන ආශීර්වාද මොනවාද?

විවාහය ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිති

විවාහය සහ ලිංගික සම්බන්ධකම් ගැන දෙවියන් දෙන මඟ පෙන්වීම් මොනවාද?

ක්‍රිස්තියානියෙක් කීපදෙනෙක්ව විවාහ කරගන්න එක සුදුසුද?

විවාහයක් වෙන්න ඕනෙ පිරිමියෙක් සහ කාන්තාවක් අතරේ විතරයි කියලා අපි දන්නේ කොහොමද?

විවාහ වුණ දෙන්නෙක් වෙන් නොවී ඉන්න ඕනෙ ඇයි?

ක්‍රිස්තියානියෙක්ට දික්කසාද වෙන්න පුළුවන් එකම සාධාරණ හේතුව මොකක්ද?

සාධාරණ හේතුවක් නැතුව දික්කසාද වෙන එක ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

සැමියා හරි බිරිඳ හරි මැරුණොත් අනිත් කෙනාට ආයෙත් විවාහ වෙන්න පුළුවන්ද?