Skip to content

පටුනට යන්න

විශ්වාසය

විශ්වාසය

කෙනෙක්ට තියෙන විශ්වාසය යෙහෝවාට ගොඩක් වටිනවා කියලා කියන්න පුළුවන් ඇයි?

යොහ 3:16, 18; ගලා 3:8, 9, 11; එෆී 6:16; හෙබ්‍රෙ 11:6

2කොරි 5:7ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • හෙබ්‍රෙ 11:1–12:3—විශ්වාසය කියන්නේ මොකක්ද කියලා පාවුල් විස්තර කළා. ශක්තිමත් විශ්වාසයක් තිබුණ ආබෙල්, යේසුස් වගේ අය ගැනත් ඔහු කතා කළා

    • යාකො 2:18-24—අපි වැඩ කරන විදිහෙන් අපේ විශ්වාසය පේන්න ඕනෙ කියන දේ පැහැදිලි කරන්න යාකොබ් ආබ්‍රහම්ගේ ආදර්ශය ගැන කිව්වා

විශ්වාසය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

රෝම 10:9, 10, 17; 1කොරි 16:13; යාකො 2:17

හෙබ්‍රෙ 3:12-14ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 20:1-6, 12, 13, 20-23—දෙවියන්ගේ සෙනඟට විරුද්ධව සතුරු ප්‍රහාරයක් ආපු වෙලාවේ යෙහෝෂපාට් සෙනඟට කිව්වේ ජය ගන්න නම් යෙහෝවාවත් ඔහුගේ අනාගතවක්තෘවරුන්වත් විශ්වාස කරන්න ඕනෙ කියලයි

    • 1රාජා 18:41-46—නියඟය අවසන් කරනවා කියලා යෙහෝවා දුන්න පොරොන්දුව ඉටු වෙන කල් එලියා ඉවසීමෙන් බලාගෙන හිටියා. ඒකෙන් එලියාට තිබුණ විශ්වාසය පැහැදිලි වුණා