Skip to content

පටුනට යන්න

සමාජ තත්වය

සමාජ තත්වය

දෙවියන් කෙනෙක්ගේ රට ජාතිය, පවුල් පසුබිම, ආර්ථික තත්වය දිහා බලලා එයාට වැඩි සැලකිල්ලක් දක්වනවාද?

ක්‍රියා 17:26, 27; රෝම 3:23-27; ගලා 2:6; 3:28

  • බයිබල් සිද්ධියක්:

    • යොහ 8:31-40—සමහර යුදෙව්වන් හිතුවේ එයාලා ආබ්‍රහම්ගෙන් පැවතගෙන ආපු නිසා එයාලා අනිත් අයට වඩා විශේෂයි කියලා. ඒත් එයාලා ආබ්‍රහම් වගේ වැඩ කරපු නැති නිසා යේසුස් එයාලව නිවැරදි කළා

වෙන රටක, ජාතියක අය අපිට වඩා පහත් කියලා හිතන්න කිසිම සාධාරණ හේතුවක් තියෙනවාද?

යොහ 3:16; රෝම 2:11

  • බයිබල් සිද්ධීන්:

    • යෝනා 4:1-11—වෙනත් ජාතියකට අයිති නිනිවයේ අයට අනුකම්පාව පෙන්වන්න ඕනෙ කියලා යෙහෝවා හරිම ඉවසීමෙන් යෝනාට කියලා දුන්නා

    • ක්‍රියා 10:1-8, 24-29, 34, 35—චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ව අපවිත්‍ර අය විදිහට සලකන එක වැරදියි කියලා පේතෘස් තේරුම්ගත්තා. ඒ නිසා එයා කොර්නේලියස්ටයි, එයාගේ ගෙදර ඉන්න අයටයි ක්‍රිස්තියානීන් වෙන්න උදව් කළා

තමන් අනිත් අයට වඩා උසස් කියලත් අනිත් අයගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්න ඕනෙ කියලත් පොහොසත් අය හිතන එක හරිද?

අනිත් අය තමන්ට වඩා පහත් කියලත් තමන් කියන කියන දේ එයාලා කරන්න ඕනෙ කියලත් වගකීම් දරන අය හිතන එක හරිද?

2කොරි 1:24; 1පේතෘ 5:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 17:18-20—යෙහෝවා ඊශ්‍රායෙල් රජවරුන්ට කිව්වා එයාලා සෙනඟට වඩා උසස් කියලා හිතන්න එපා කියලා. මොකද සෙනඟ කියන්නේ රජුගේ සහෝදරයන් කියලා ඔහු පෙන්නුවා

    • මාක් 10:35-45—නියෝජිතයන්ට තනතුරු ලබාගන්න ආසාවක් තියෙනවා කියලා දැක්කාම යේසුස් එයාලව නිවැරදි කළා (ඉංග්‍රීසි ‘ස්ටඩි බයිබලයේ’ මාක් 10:42lord it over them” කියන ස්ටඩි නෝට් එකත් බලන්න)

දෙවියන් කෙනෙක්ව පිළිගන්නේ මොන වගේ දේවල් දිහා බලලාද?

අසාධාරණයට විරුද්ධව සටන් කරන කණ්ඩායම්වලට උදව් කරන එක ක්‍රිස්තියානීන්ට සුදුසුද?

එෆී 6:5-9; 1තිමෝ 6:1, 2

  • බයිබල් සිද්ධියක්:

    • යොහ 6:14, 15—යේසුස් රටේ ප්‍රශ්න විසඳයි කියලා මිනිස්සු බලාපොරොත්තු වුණත් ඔහු රජකම භාරගන්න කැමති වුණේ නැහැ