Skip to content

පටුනට යන්න

සමාව දීම

සමාව දීම

යෙහෝවා ඇත්තටම සමාව දෙන්න කැමති කෙනෙක්ද?

ගීතා 86:5; දානි 9:9; මීකා 7:18

2පේතෘ 3:9ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 78:40, 41; 106:36-46—ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම යෙහෝවාගේ හිත රිද්දුවත් ඔහු නිතරම එයාලට සමාව දුන්නා

    • ලූක් 15:11-32—පව්කාර ජීවිතයක් ගත කරලා පස්සේ ඒ ගැන දුක් වුණ පුතෙක්ට තාත්තා සමාව දුන්න විදිහ ගැන යේසුස් උදාහරණයක් කිව්වා. ඔහු එහෙම කළේ යෙහෝවා සමාව දෙන විදිහ පෙන්නන්නයි

අපිට සමාව දෙන්න යෙහෝවා මොනවාද කළේ?

යොහ 1:29; එෆී 1:7; 1යොහ 2:1, 2

  • බයිබල් සිද්ධීන්:

    • හෙබ්‍රෙ 9:22-28—අපිට සමාව ලබාගන්න පුළුවන් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් විතරයි කියලා පාවුල් පැහැදිලි කළා

    • එළි 7:9, 10, 14, 15—යේසුස්ගේ ලේවලින් පවිත්‍ර වෙලා යෙහෝවාට පරිශුද්ධ සේවයක් කරන “මහත් සමූහයක්” යොහන් දර්ශනයකින් දැක්කා

යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

මතෙ 6:14, 15; මාක් 11:25; ලූක් 17:3, 4; යාකො 2:13

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 42:7-10—යෝබ්ගේ පීඩා අයින් කරලා එයාට නැති වුණ දේවල් ආයෙත් දෙන්න කලින් යෙහෝවා එයාට කිව්වා එයාගේ හිත රිද්දපු යාළුවන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා

    • මතෙ 18:21-35—යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි අනිත් අයට සමාව දෙන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන උදාහරණයක් යේසුස් කිව්වා

තමන්ගේ වැරදි හංගන්නේ නැතුව, ඒවා ගැන කියලා අවංකවම පසුතැවිලි වෙන එක වැදගත් ඇයි?

ක්‍රියා 3:19; 26:20; 1යොහ 1:8-10

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 32:1-5; 51:1, 2, 16, 17—බරපතළ වැරදි කරපු නිසා දාවිත්ට ලොකු වේදනාවක් දැනුණා. එයා ඒ වැරදි ගැන අවංකවම පසුතැවිලි වුණා

    • යාකො 5:14-16—අපේ අතින් බරපතළ වරදක් වුණොත් අපි වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ කියලා යාකොබ් කිව්වා

යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද?

හිතෝ 28:13; යෙසා 55:7; එෆී 4:28

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 21:27-29; 2ලේක 18:18-22, 33, 34; 19:1, 2—දෙවියන්ගෙන් ලැබෙන දඬුවම ගැන දැනගත්තාට පස්සේ ආහබ් නිහතමානී වුණ නිසා යෙහෝවා එයාට යම් දුරකට දයාව පෙන්නුවා. ඒත් ආහබ් ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ. ඒ නිසයි යෙහෝවා එයාට සමාව දෙන්නේ නැතුව එයාව මරලා දැම්මේ

    • 2ලේක 33:1-16—මනස්සේ හරිම දුෂ්ට රජෙක්. ඒත් එයා පසුතැවිලි වුණ නිසා යෙහෝවා එයාට සමාව දුන්නා. රූප නමස්කාරය දේශයෙන් අයින් කරලා යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟට උදව් කරපු එකෙන් තේරෙන්නේ එයා ඇත්තටම පසුතැවිලි වුණා කියලයි

අවංකවම පසුතැවිලි වෙන අයට යෙහෝවා කොච්චර දුරට සමාව දෙනවාද?

ගීතා 103:10-14; යෙසා 1:18; 38:17; යෙරෙ 31:34; මීකා 7:19

  • බයිබල් සිද්ධියක්:

    • 2සාමු 12:13; 24:1; 1රාජා 9:4, 5—දාවිත් අතින් බරපතළ වැරදි වුණත් යෙහෝවා එයාට සමාව දුන්නා. පස්සේ කාලෙක ඔහු දාවිත්ව නිර්දෝෂ ජීවිතයක් ගත කරපු කෙනෙක් විදිහට හැඳින්නුවා

යේසුත් යෙහෝවා වගේ කැමැත්තෙන්ම සමාව දෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් ඇයි?

ගීතා 86:5; ලූක් 23:33, 34

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 26:36, 40, 41—යේසුස්ට ඔහුගේ කිට්ටුම යාළුවන්ගේ උදව් ඕනෙම වුණ වෙලාවේදී එයාලට නින්ද ගියා. ඒත් එහෙම වුණේ එයාලා මහන්සියෙන් හිටපු නිසා කියලා යේසුස් තේරුම්ගත්තා

    • මතෙ 26:69-75; ලූක් 24:33, 34; ක්‍රියා 2:37-41—යේසුස්ව දන්නේ නැහැ කියලා තුන් පාරක්ම කිව්ව එක ගැන පේතෘස් දුක් වුණා. ඒත් යේසුස් එයාට සමාව දුන්නා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ එයාව හම්බ වෙලා සභාවේ වැදගත් වගකීම් එයාට භාර දුන්නා

යෙහෝවා හැම කෙනෙක්ටම සමාව දෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි?

මතෙ 12:31; හෙබ්‍රෙ 10:26, 27; 1යොහ 5:16, 17

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 23:29-33—යේසුස් නීතිය පිටපත් කරන අයටත් පරිසිවරුන්ටත් කිව්වා පසුතැවිලි වුණේ නැත්නම් එයාලව ගෙහෙන්නාවට, නැත්නම් සදාකාලික විනාශයට නියම කරනවා කියලා

    • යොහ 17:12; මාක් 14:21—යේසුස් යූදස්ව හඳුන්වන්නේ “විනාශ වෙන කෙනා” විදිහටයි. එයා ඉපදෙන්නේ නැතුව හිටියා නම් ඊට වඩා හොඳයි කියලත් යේසුස් කිව්වා

අනිත් අයට සමාව දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?