සල්ලි
සල්ලිවලට තියෙන ආසාව භයානක ඇයි?
“ධන සම්පත්වලට තියෙන ආසාව” කියන මාතෘකාව බලන්න
පවුලේ අයව බලාගන්න සල්ලි හම්බ කරන එකේ වරදක් නැහැ කියලා බයිබලෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?
දේශ 7:12; 10:19; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8, 18
-
බයිබල් සිද්ධීන්:
-
උත් 31:38-42—යාකොබ් එයාගේ පවුලේ අයව බලාගන්න එයාගේ මාමණ්ඩි ළඟ මහන්සි වෙලා අවංකව වැඩ කළා. එයා යාකොබ්ට අසාධාරණ විදිහට සැලකුවත් යෙහෝවා යාකොබ්ට ආශීර්වාද කළා
-
ලූක් 19:12, 13, 15-23—යේසුස් කියපු උදාහරණෙකින් පේනවා ඒ කාලේ මිනිස්සු සල්ලි හම්බ කරන්න සල්ලි ආයෝජනය කළා කියලා
-
සල්ලි ණයට ගන්න එක සහ ණයට දෙන එක ගැන තියෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
පුළුවන් තරම් ණය නොවී ඉන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?
-
බයිබල් සිද්ධීන්:
-
නෙහෙ 5:2-8—නෙහෙමියාගේ කාලේ හිටපු සමහරු එයාලට ණය වෙලා හිටපු අයට හරිම නපුරු විදිහට සැලකුවා
-
මතෙ 18:23-25—ගත්ත ණයක් ගෙවන්න බැරි වුණොත් දඬුවම් විඳින්න වෙයි කියන දේ යේසුස් කියපු උදාහරණෙන් අපිට මතක් කරලා දෙනවා
-
ලෝකේ කෙනෙක් එක්ක, සහෝදරයෙක් එක්ක හෝ නෑදෑයෙක් එක්ක බිස්නස් එකක් පටන්ගන්න කලින් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?
-
බයිබල් සිද්ධීන්:
-
උත් 23:14-20—ආබ්‍රහම් සාරාව තැන්පත් කරන්න ඉඩමක් මිල දී ගද්දී එයා ඒ ගනු දෙනුව කළේ සාක්ෂිකරුවන් ඉස්සරහා. ඒ ඉඩම එයාට අයිති නැහැයි කියලා කාටවත් කියන්න බැරි වෙන්නයි එහෙම කළේ
-
යෙරෙ 32:9-12—යෙරෙමියා එයාගේ නෑදෑයෙක්ගෙන් ඉඩමක් ගද්දී ඉඩමේ ඔප්පුවක් හදලා ඒකේ පිටපතකුත් හැදුවා. එයා ඒ ගනු දෙනුව කළේ සාක්ෂිකරුවන් ඉස්සරහා
-
සල්ලි වියදම් කරන්න ඕනෙ විදිහ කලින්ම සැලසුම් කරන එක හොඳ ඇයි?
ගනු දෙනුවක් නිසා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක සභාවේ සමඟියට බලපාන්න පුළුවන්. ඒ ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?
රෝම 12:18; 2තිමෝ 2:24ත් බලන්න
අපේ සතුට වැඩි වෙන්නේ අපි සල්ලි කොහොම පාවිච්චි කළොත්ද?