Skip to content

පටුනට යන්න

සහනය

සහනය

අපි අධෛර්යය වෙන හේතු සහ සහනයක් වෙන බයිබල් පද

අනිත් අය අපේ හිත රිද්දද්දී, අපේ විශ්වාසය කඩ කරද්දී

බලාපොරොත්තු කඩ වීම” කියන මාතෘකාව බලන්න

අනිත් අයගේ නපුරුකම් නිසා දිගටම දුකක් දැනෙද්දී

නපුරුකම් කරද්දී” කියන මාතෘකාව බලන්න

අපි වටින්නේ නැහැ කියලා හිතෙද්දී

සැකයන්” කියන මාතෘකාව බලන්න

අපේ වැරදි, දුර්වලකම් නිසා කලකිරෙද්දී

බලාපොරොත්තු කඩ වීම” කියන මාතෘකාව බලන්න

අසනීප, මහලු වයස නිසා කලින් තරම් දේවල් කරන්න බැරි වෙද්දී

ගීතා 71:9, 18; දේශ 12:1-7

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 20:1-3—බරපතළ අසනීපයක් හැදුණ නිසා හෙසකියා රජ හොඳටම ඇඬුවා

    • ෆිලි 2:25-30—එපෆ්‍රොදිතස් අසනීපෙන් කියලා ෆිලිප්පි සභාවට ආරංචි වුණා. ඒක දැනගත්තාම එයා දුක් වුණා. එයාගේ පැවරුම හරියට කළේ නැහැ කියලා සභාවේ අය හිතයි කියලා එයා වධ වුණා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 2සාමු 17:27-29; 19:31-38—රජ බාසිල්ලයිට ගෞරවය දීලා රජමාලිගාවට එන්න කිව්වා. ඒත් එයාගේ සීමාව තේරුම් අරන් එයා කිව්වා එයාට එන්න බැහැ කියලා

    • ගීතා 41:1-3, 12—දාවිත් බරපතළ විදිහට අසනීප වුණත් යෙහෝවා එයාට උදව් කරයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා

    • මාක් 12:41-44—තමන්ට තියෙන හැම දේම දුන්න දුප්පත් වැන්දඹුවව යේසුස් අගය කළා

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාව” කියන මාතෘකාව බලන්න

කනස්සල්ල

කනස්සල්ල” කියන මාතෘකාව බලන්න

කලකිරෙද්දී; කේන්තියෙන් ඉද්දී

එක දිගට එන ප්‍රශ්න, අසාධාරණකම් නිසා සමහරුන්ගේ සතුට නැති වෙනවා

දේශ 9:11, 12

ගීතා 142:4; දේශ 4:1; 7:7ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • රූත් 1:11-13, 20—නායොමිගේ සැමියායි, පුතාලා දෙන්නායි මැරුණාට පස්සේ එයාට දැනුණේ යෙහෝවා එයාව අත්හැරලා කියලා

    • යෝබ් 3:1, 11, 25, 26; 10:1—තමන්ගේ දරුවන්, හොඳ සෞඛ්‍යය සහ ධනය නැති වුණ යෝබ්ට ජීවිතේ එපා වුණා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • රූත් 1:6, 7, 16-18; 2:2, 19, 20; 3:1; 4:14-16—නායොමි දෙවියන්ගේ සෙනඟ ගාවට ගිහින් එයාලාගෙන් උදව් ලබාගත්තා වගේම අනිත් අයටත් උදව් කළා. ඒ නිසා එයාගේ දුක සතුටට හැරුණා

    • යෝබ් 42:7-16; යාකො 5:11—යෝබ් විශ්වාසය නැති කරගන්නේ නැතුව විඳදරාගත්ත නිසා යෙහෝවා එයාට හුඟක් ආශීර්වාද කළා

අනිත් අය කරන නපුරුකම් නිසා සමහරුන්ගේ සතුට නැති වෙනවා

දේශ 4:1, 2

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 1:6, 7, 10, 13-16—පෙනින්නා හන්නාගේ හිත රිද්දුවා. ඒලී එයාව වැරදියට තේරුම්ගත්තා

    • යෝබ් 8:3-6; 16:1-5; 19:2, 3—යෝබ්ව සනසන්න ආපු තුන්දෙනා පෙන්නුවේ එයාලා ධර්මිෂ්ඨයි කියලා. එයාලා යෝබ්ව විනිශ්චය කළා. ඒකෙන් යෝබ්ගේ දුක වැඩි වුණා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 1සාමු 1:9-11, 18—හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කිව්වාට පස්සේ හන්නාට සහනයක් දැනුණා

    • යෝබ් 42:7, 8, 10, 17—යෝබ් යාළුවන්ට සමාව දුන්නාට පස්සේ යෙහෝවා එයාට ආශීර්වාද කළා

ප්‍රශ්නයක් විසඳගන්න බැහැ, පැවරුමක් ඉටු කරන්න බැහැ කියලා හිතෙද්දී

  • බයිබල් සිද්ධීන්:

    • නික් 3:11; 4:10—පාරාවෝ ළඟට ගිහින් කතා කරලා සෙනඟව ඊජිප්තුවෙන් එළියට අරන් එන්න කියලා යෙහෝවා කිව්වාම මෝසෙස් හිතුවේ එයාට ඒක කරන්න බැහැ කියලා

    • යෙරෙ 1:4-6—මුරණ්ඩු සෙනඟකට දෙවියන්ගේ පණිවිඩය කියන්න තමන් පොඩි වැඩියි, තමන්ට අද්දැකීම් නැහැ කියලා යෙරෙමියා හිතුවා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • නික් 3:12; 4:11, 12—පැවරුම ඉටු කරන්න උදව් කරනවා කියලා යෙහෝවා මෝසෙස්ට කීප වතාවක්ම පොරොන්දු වුණා

    • යෙරෙ 1:7-10—එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න උදව් කරනවා කියලා යෙහෝවා යෙරෙමියාට පොරොන්දු වුණා

ලොකු බයක් දැනෙද්දී

බය” කියන මාතෘකාව බලන්න

විරුද්ධවාදිකම්

විරුද්ධවාදිකම්” කියන මාතෘකාව බලන්න

හිත නොනවත්වාම දොස් කියද්දී

එස්රා 9:6; ගීතා 38:3, 4, 8; 40:12

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 22:8-13; 23:1-3—නීතිය සෙනඟට කියවද්දී තමන් කොච්චර වැරදි කරලා තියෙනවාද කියලා යොෂියා රජයි, සෙනඟයි තේරුම්ගත්තා

    • එස්රා 9:10-15; 10:1-4—සමහර අය යෙහෝවාට අකීකරු වෙලා විදේශික කාන්තාවන්ව විවාහ කරගත්ත නිසා එස්රාගේ සහ සෙනඟගේ හිත් වධ දුන්නා

    • ලූක් 22:54-62—යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කිව්වාට පස්සේ පේතෘස්ගේ හිත එයාට දොස් කිව්වා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 2ලේක 33:9-13, 15, 16—යූදාවල හිටපු නරකම රජ මනස්සේ. ඒත් පසුතැවිලි වුණ නිසා එයාට සමාව ලැබුණා

    • ලූක් 15:11-32—යෙහෝවා අදිමදි කරන්නේ නැතුව, හදවතින්ම සමාව දෙනවා කියලා පෙන්නන්න යේසුස් අකීකරු පුතාගේ උදාහරණය කිව්වා