Skip to content

පටුනට යන්න

සැමරීම්

සැමරීම්

ක්‍රිස්තියානීන් පවත්වන සැමරීම්

ක්‍රිස්තියානීන්ට පවත්වන්න කියලා තියෙන එකම සැමරීම මොකක්ද?

එකතු වෙලා නමස්කාර කරන එකෙන් දෙවියන්ගේ සෙනඟ සතුටක් ලබනවා

ද්වි 31:12; හෙබ්‍රෙ 10:24, 25

  • බයිබල් සිද්ධියක්:

    • 2ලේක 30:1, 6, 13, 14, 18-27—හෙසකියා රජ පාස්කුව සමරන්න විශේෂ උත්සවයක් පැවැත්වුවා

ක්‍රිස්තියානීන් පවත්වන්නේ නැති සැමරීම්

බොරු ආගම්වලට සම්බන්ධ සැමරීම්වලට සහභාගි වෙන එක වැරදි ඇයි?

1කොරි 10:21; 2කොරි 6:14-18; එෆී 5:10, 11

වෙන ආගම් එක්ක සම්බන්ධ වීම” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නික් 32:1-10—ඊශ්‍රායෙල්වරු රූපයකට නමස්කාර කරලා තමන් යෙහෝවාට නමස්කාර කරනවා කියද්දී ඔහුට කේන්ති ගියා

    • ගණන් 25:1-9—තමන්ගේ සෙනඟ වෙනත් දෙවිවරුන්ගේ උත්සවයකට ගිහින් දුරාචාරයේ යෙදුණ නිසා යෙහෝවා එයාලට දඬුවම් කළා

නත්තල ක්‍රිස්තියානීන් සමරන්න ඕනෙ උත්සවයක්ද?

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 2:1-5—යේසුස් ඉපදුණේ ලියාපදිංචි කිරීමක් වුණ කාලෙකදියි. වැස්ස තියෙන සීතල කාලෙක ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න රෝමවරු කැරලිකාර යුදෙව්වන්ට කියයි කියලා හිතන්න බැහැ

    • ලූක් 2:8, 12—යේසුස් ඉපදුණ දවසේ එඬේරු එළිමහනේ හිටියා. සීතල දෙසැම්බර් මාසයේ එයාලා එළිමහනේ ඉඳියි කියලා කීයටවත් හිතන්න බැහැ

ක්‍රිස්තියානීන් උපන් දින සමරන්න ඕනෙද?

  • බයිබල් සිද්ධීන්:

    • උත් 40:20-22—වෙන දෙවිවරුන්ට නමස්කාර කරපු පාරාවෝ එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී මිනීමැරුමකුත් වුණා

    • මතෙ 14:6-11—ක්‍රිස්තියානීන්ට වෛර කරපු, දුෂ්ට හෙරොද් රජත් එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී යොහන් බව්තීස්තව මරලා දැම්මා

මෝසෙස්ගේ නීතියට සම්බන්ධ සැමරීම්

මෝසෙස්ගේ නීතියේ තියෙන අණපනත්, සැමරීම් ක්‍රිස්තියානීන්ට අදාළද?

ක්‍රිස්තියානීන් සබත පවත්වන්න ඕනෙද?

ජාතික උත්සව

රටේ ඉතිහාසයට සම්බන්ධ විශේෂ සැමරීම්වලට ක්‍රිස්තියානීන් හවුල් වෙන්න ඕනෙද?

ක්‍රිස්තියානීන් යුද්ධවලට සම්බන්ධ සැමරීම්වලට හවුල් වෙනවාද?

ගීතා 11:5; යෙසා 2:4

ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් “යුද්ධ” කියන මාතෘකාවත් බලන්න

ප්‍රසිද්ධ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන සැමරීම්වලට ක්‍රිස්තියානීන් සහභාගි වෙනවාද?

නික් 20:5; රෝම 1:25

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 12:21-23—1වෙනි හෙරොද් අග්‍රිපා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය තමන්ට ලබාගත්ත නිසා දෙවියන් එයාට දඬුවම් කළා

    • ක්‍රියා 14:11-15—මිනිස්සු පාවුල්ටයි, බානබස්ටයි අනවශ්‍ය ගෞරවයක් දෙද්දී එයාලා ඒක භාරගත්තේ නැහැ

    • එළි 22:8, 9—මිනිස්සුන්ගෙන් නමස්කාරය ලබාගන්න දේවදූතයෙක් කැමති වුණේ නැහැ