Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන මේ පොත හදලා තියෙන්නේ ඔයා අද්දකින ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න උදව් වෙන බයිබල් පද සහ සිද්ධීන් ලේසියෙන්ම හොයාගන්න උදව්වක් විදිහට. අනිත් අයව දිරිගන්වන්නත් යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න එයාලට උදව් කරන්නත් ඕනෙ වෙන බයිබල් පද හොයාගන්න මේ පොත උදව් වෙයි. මුලින්ම ඔයා කැමති මාතෘකාවක් තෝරගන්න. ඒ මාතෘකාව යටතේ තියෙන ප්‍රශ්න සහ බයිබල් සිද්ධීන්වල කෙටි විස්තරය කියවන්න. (“ පොත පාවිච්චි කරන විදිහ” කියන කොටුවබලන්න.) ඔයාට සහනයක් වෙන, මඟ පෙන්වීම් දෙන බයිබල් පද වගේම අනිත් අයටත් උදව් කරන්න, එයාලව දිරිගන්වන්න පාවිච්චි කරන්න පුළුවන් බයිබල් පදත් ඒ මාතෘකා යටතේ තියෙනවා.

එක මාතෘකාවක් යටතේ ඒකට අදාළ හැම බයිබල් පදයක්ම සඳහන් කරලා නැහැ. ඒත් තියෙන ඒ බයිබල් පද ඒ මාතෘකාව ගැන අධ්‍යයනය කරන්න ඔයාට උදව් වෙයි. (හිතෝ 2:1-6) ඒ බයිබල් පදවල තේරුම සහ ඒවා අදාළ කරගන්න පුළුවන් පැති ගැන තව ගැඹුරින් අධ්‍යයනය කරන්න ඔයා කැමති නම් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ තියෙන යොමු සටහන් සහ ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත පාවිච්චි කරන්න. ඒ බයිබල් සත්‍යයන් ගැන තියෙන අලුත්ම පැහැදිලි කිරීම් ගැන ප්‍රකාශනවලින් හොයලා බලන්න අමතක කරන්නත් එපා.

බයිබලෙන් ප්‍රඥාව, දැනුම, අවබෝධය ලබාගන්න ඔයාට මේ පොත උදව් වෙයි කියලා අපි හිතනවා. මේ පොත පාවිච්චි කරද්දී “දෙවියන්ගේ වදන් ජීවමානයි, හරිම බලවත්” කියන දේ ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි.—හෙබ්‍රෙ 4:12.