Skip to content

පටුනට යන්න

හික්මවීම්

හික්මවීම්

හොඳම හික්මවීම් ලැබෙන්නේ බයිබලෙන් කියන්නේ ඇයි?

අපි හැමෝටම මඟ පෙන්වීම්, නිවැරදි කිරීම් ඕනෙ ඇයි?

යෙහෝවා අපිව හික්මවන්නේ ඇයි?

හිතෝ 3:11, 12; හෙබ්‍රෙ 12:7-9

ද්වි 8:5; හිතෝ 13:24; එළි 3:19ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 12:9-13; 1රාජා 15:5; ක්‍රියා 13:22—දාවිත් අතින් බරපතළ වැරදි වුණත් යෙහෝවා එයාව ආදරෙන් හික්මවලා එයාට සමාව දුන්නා

    • යෝනා 1:1-4, 15-17; 3:1-3—යෝනා පැවරුම අත්හැරලා ගිය නිසා යෙහෝවා එයාට හික්මවීමක් දුන්නා. ඒත් ඒ පැවරුම කරන්න ඔහු යෝනාට ආයෙත් අවස්ථාව දුන්නා

යෙහෝවා දෙන හික්මවීම් අපි හිතට ගන්න ඕනෙ ඇයි?

යෙහෝවා දෙන හික්මවීම් අහක දාන අයට වෙන්න පුළුවන් මොනවාද?

හිතෝ 1:24-26; 13:18; 15:32; 29:1

යෙරෙ 7:27, 28, 32-34ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෙරෙ 5:3-7—දෙවියන්ගේ සෙනඟ යෙහෝවා දුන්න හික්මවීම් පිළිගත්තේ නැහැ. එයාලා වැරදි හදාගත්තේ නැති නිසා යෙහෝවා කලින්ට වඩා තදින් එයාලට දඬුවම් කළා

    • ශෙප 3:1-8—යෙරුසලමේ වැසියන් යෙහෝවා දුන්න හික්මවීම් පිළිගත්තේ නැති නිසා අන්තිමට එයාලා විනාශ වුණා

යෙහෝවා දෙන හික්මවීම් පිළිගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

හිතෝ 4:13; 1කොරි 11:32; තීත 1:13; හෙබ්‍රෙ 12:10, 11

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 30:1-6—යෙහෝවා අතීතයේදී තමන්ගේ සෙනඟට දීපු හික්මවීම් හිතට අරන් ජීවත් වෙන අයට ඔහු ආශීර්වාද කරනවා

    • 2ලේක 7:13, 14—තමන් දෙන හික්මවීම් පිළිගන්න අයට ලැබෙන ආශීර්වාද ගැන යෙහෝවා සලමොන් රජට කිව්වා

අනිත් අයට ලැබෙන හික්මවීම්වලින් අපිටත් ප්‍රයෝජන ලැබෙනවා කියන්නේ ඇයි?

අනිත් අයට හික්මවීමක් ලැබෙද්දී අපි සතුටු වෙන්න හොඳ නැත්තේ ඇයි?

දෙවියන් දෙන හික්මවීම්වලින්, උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

යොෂු 1:8; යාකො 1:25

ද්වි 17:18, 19; ගීතා 119:97ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 22:11-13—හැමදාමත් යෙහෝවා කියන දේ ඒ විදිහටම කළොත් ඔහුගේ ආශීර්වාද අද්දකින්න පුළුවන් කියලා දාවිත් ඔහුගේ පුත් සලමොන්ට කිව්වා

    • ගීතා 1:1-6—දෙවියන්ගේ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන අයට ආශීර්වාද ලැබෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා

දරුවන්ට ආදරේ කරන දෙමාපියන් එයාලාගේ දරුවන්ව හික්මවන්නේ ඇයි?

දෙමාපියන්” කියන මාතෘකාව බලන්න

දෙමාපියන්ගෙන් හික්මවීමක් ලැබෙද්දී දරුවන් කරන්න ඕනෙ මොනවාද?

පවුල - දුවලා පුතාලා” කියන අනුමාතෘකාව බලන්න