1වෙනි පාඩම
හිතට කාවදින හැඳින්වීමක්
ක්‍රියා 17:22
සාරාංශය: ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයගේ හිතේ උනන්දුවක් ඇති කරන්න ඕනේ. විෂය හඳුන්වා දෙන්නත් ඒක ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වන්නත් ඕනේ.
ඒක කරන විදිහ:
-
උනන්දුවක් ඇති කරන්න. සවන් දෙන්නන්ගේ හිතේ උනන්දුවක් ඇති කරන ප්‍රශ්නයක්, අදහසක්, සැබෑ සිදුවීමක්, ප්‍රවෘත්තියක් තෝරාගන්න.
-
විෂය හඳුන්වා දෙන්න. කතා කරන්න යන විෂය සහ ඒ ගැන කතා කරන්නේ ඇයි කියන දේ ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයට තේරෙන්න ඕනේ.
-
විෂය වැදගත් ඇයි කියලා පෙන්වන්න. සවන් දෙන අයගේ අවශ්‍යතා ගැන හිතලා ඔයා කියන්න යන දේ ඒ අනුව සකස් කරගන්න. කතා කරන විෂය තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට තේරෙන්න ඕනේ.