Skip to content

පටුනට යන්න

10වෙනි පාඩම

හඬ පාලනය

හඬ පාලනය

මතෙව් 10:27

සාරාංශය: කටහඬේ ශබ්දය, වේගය අඩු වැඩි කරන එකෙන් සහ ස්වරය වෙනස් කරන එකෙන් අදහස් පැහැදිලිව දන්වන්නත් හිතට දැනෙන විදිහට කතා කරන්නත් පුළුවන්.

ඒක කරන විදිහ:

  • ශබ්දය අඩු වැඩි කරන්න. ප්‍රධාන කරුණු කාවද්දන්නත් සවන් දෙන අයව ක්‍රියාවට පොලඹවන්නත් කටහඬේ ශබ්දය වැඩි කරන්න. විනිශ්චය පණිවිඩ ඇතුළත් වාර්තා කියවද්දීත් එහෙම කරන්න. කුතුහලයක් ඇති කරන දෙයක් ගැන හෝ බය, කනස්සල්ල වගේ හැඟීම් ගැන කියද්දී ශබ්දය අඩු කරන්න.

  • ස්වරය වෙනස් කරන්න. උනන්දුවෙන් දෙයක් කියද්දී, ප්‍රමාණයක් හෝ දුරක් විස්තර කරද්දී උස් හඬකින් කියන්න. දුකක්, කනස්සල්ලක් ගැන කියද්දී පහත් හඬකින් කතා කරන්න.

  • වේගය අඩු වැඩි කරන්න. ආසාවෙන් දෙයක් විස්තර කරද්දී වේගය ටිකක් වැඩි කරන්න. වැදගත් කරුණු පෙන්වද්දී වේගය අඩු කරන්න.