Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

හෙබ්‍රෙව් 8:1

සාරාංශය: ඔයා දේශනය ගොඩනඟලා තියෙන විදිහ තේරුම්ගන්න උදව් වන විදිහට ඒක ඉදිරිපත් කරන්න. අරමුණට, තේමාවට එක් එක් ප්‍රධාන කරුණ සම්බන්ධ වන විදිහ පැහැදිලි කරන්න.

ඒක කරන විදිහ:

  • අරමුණ මනසේ පැහැදිලිව තියාගන්න. දේශනයේ අරමුණ මොකක්ද? දැනුවත් කරන එකද? විශ්වාසයක් ඇති කරන එකද? ක්‍රියාවට පොලඹවන එකද? ඒ අනුව ප්‍රධාන කරුණු ගොඩනඟන්න.

  • දේශනයේ තේමාව කාවද්දන්න. තේමාවට සම්බන්ධ ප්‍රධාන වචන හෝ ඒකට සමාන වචන හෝ දේශනය පුරාම පාවිච්චි කරලා තේමාව මතක් කරන්න.

  • ප්‍රධාන කරුණු පැහැදිලිව, සරලව කියන්න. ඔයාගේ තේමාවට අදාළ වන, ඔයාට තියෙන කාලය ඇතුළත හොඳින් උගන්වන්න පුළුවන් ප්‍රධාන කරුණු කීපයක් විතරක් තෝරාගන්න. ඒ හැම එකක්ම පැහැදිලිව කියන්න. එක කරුණකින් අනිත් කරුණට යද්දී එකපාර යන්නේ නැතුව පොඩි විරාමයක් දෙන්න.