Skip to content

පටුනට යන්න

15වෙනි පාඩම

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

1 තෙසලෝනික 1:5

සාරාංශය: ඔයා කියන්නේ සත්‍ය තොරතුරු කියලත් ඒවා වැදගත් කියලත් ඔයාට විශ්වාසයි කියන දේ පෙන්වන්න.

ඒක කරන විදිහ:

  • හොඳින් සූදානම් වෙන්න. ඔයා කියන්න යන තොරතුරු සත්‍යයයි කියලා බයිබලයේ ඔප්පු කරලා තියෙන්නේ කොහොමද කියලා ඔයාට තේරුම් යන කල් තොරතුරු අධ්‍යයනය කරන්න. ප්‍රධාන කරුණු වචන කීපයකින් කියන්න. ඒවා සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන විදිහ ගැන හිතන්න. දෙවිගේ බලය ඉල්ලන්න.

  • කියන දේ ගැන ඔයාට තියෙන විශ්වාසය පැහැදිලි වන විදිහට කතා කරන්න. තොරතුරු ඉදිරිපත් කරද්දී ප්‍රකාශනයක තියෙන දේ ඒ විදිහටම කියවන්නේ නැතුව ඔයාගේ වචනවලින් කියන්න.

  • කියන දේවල් උනන්දුවෙන්, අවංකව කියන්න. ප්‍රමාණවත් ශබ්දයක් ඇතුව කතා කරන්න. සවන් දෙන අය අපහසුතාවට පත් වෙන්නේ නැත්නම් එයාලගේ මුහුණ දිහා බලලා කතා කරන්න.