Skip to content

පටුනට යන්න

16වෙනි පාඩම

ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න

ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න

යෝබ් 16:5

සාරාංශය: ප්‍රශ්නවලට නෙමෙයි විසඳුම්වලට වැඩි අවධානයක් දෙන්න. හොඳ පැති දකින්න සවන් දෙන අයට උදව් කරන්න.

ඒක කරන විදිහ:

  • සවන් දෙන අය ගැන හොඳ විදිහට හිතන්න. සහෝදර සහෝදරියන්ට ඕනෙ යෙහෝවා දෙවි සතුටු වන දේ කරන්න කියලා විශ්වාස කරන්න. උපදෙසක් දෙද්දී වුණත් ඉස්සෙල්ලාම එයාලව අගය කරන්න.

  • ප්‍රශ්න ගැන, දිරිගැන්වීමක් ලැබෙන්නේ නැති දේවල් ගැන පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. ඒ වගේ තොරතුරු ගැන යම් ප්‍රමාණයකට කතා කරන එකෙන් ප්‍රයෝජනයක් තිබුණත් ඔයාගේ ඉදිරිපත් කිරීමේ වැඩි හරියක් තියෙන්න ඕනෙ දිරිගැන්වෙන තොරතුරු.

  • බයිබලය පාවිච්චි කරන්න. යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු, දැන් කරන, කරන්න යන දේවල්වලට අවධානය දෙන්න. සවන් දෙන අයව දිරිගන්වන්න. ශක්තිමත් කරන්න.