Skip to content

පටුනට යන්න

18වෙනි පාඩම

සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න

සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න

1 කොරින්ති 9:19-23

සාරාංශය: කතා කරන විෂය ගැන හිතන්න සවන් දෙන අයව පොලඹවන්න. තමන් වටිනා දෙයක් ඉගෙනගත්තා කියන හැඟීම එයාලට ඇති වෙන්නේ එතකොටයි.

ඒක කරන විදිහ:

  • සවන් දෙන අය දැනටමත් දන්නේ මොනවාද කියලා හිතන්න. එයාලා දන්න දේවල්ම ආයේ ආයේ කියනවා වෙනුවට විෂය ගැන කලින් හිතපු නැති පැති ගැන හිතන්න උදව් කරන්න.

  • ගවේෂණය කරන්න. ඒවා ගැන හොඳින් හිතන්න. ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න නිතරම අහන්න ලැබෙන උදාහරණ, සිදුවීම් පාවිච්චි කරනවා වෙනුවට අලුත් ඒවා පාවිච්චි කරන්න. ඒවා ඔයා පාවිච්චි කරන තොරතුරුවලට සම්බන්ධ වන විදිහ ගැන හිතන්න.

  • ප්‍රයෝජන පෙන්වන්න. බයිබලයෙන් පෙන්වන කරුණු සවන් දෙන අයට උදව් වන විදිහ පැහැදිලි කරන්න. සවන් දෙන අයට අදාළ වන බයිබලයේ සඳහන් සිදුවීම්, ඒවායේ හිටපු අයගේ ආකල්ප, එයාලා වැඩ කරපු විදිහ ගැන සාකච්ඡා කරන්න.