Skip to content

පටුනට යන්න

2වෙනි පාඩම

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

2 කොරින්ති 2:17

සාරාංශය: මවාපාන්නේ නැතුව, ස්වාභාවික විදිහට කතා කරන්න. විෂය සහ සවන් දෙන කෙනා ගැන ඔයාට හැඟෙන විදිහ ඔයාගේ කතා ශෛලියෙන් දැනෙන්න ඕනේ.

ඒක කරන විදිහ:

  • යාච්ඤා කරලා හොඳින් සූදානම් වෙන්න. ඔයා ගැන හිතනවා වෙනුවට පණිවිඩයට අවධානය දෙන්න උදව් කරන්න කියලා යාච්ඤාවෙන් ඉල්ලන්න. කියන්න ඕනෙ ප්‍රධාන කරුණු මනසට ගන්න. අදහස් ඔයාගෙම වචනවලින් කියන්න. ප්‍රකාශනවල තියෙන දේ කටපාඩම් කරලා කියන්න එපා.

  • කියන දේ හදවතින්ම කියන්න. සවන් දෙන අයට අවධානය දෙන්න. ඔයා කියන්න යන දේ එයාලා දැනගන්න ඕනෙ ඇයි කියලා හිතන්න. එතකොට ඔයාගේ ඉරියව්වෙන්, අංග චලනවලින් සහ මුහුණෙන් ඔයා අවංක, මිත්‍රශීලී කෙනෙක් කියලා පෙනෙයි.

  • ඔයාට සවන් දෙන අය දිහා බලන්න. ඔයා ඉන්න ප්‍රදේශයේ අය අපහසුතාවට පත් වෙන්නේ නැත්නම් එයාලගේ මුහුණ දිහා බලලා කතා කරන්න. දේශනයක් දෙද්දී මුළු සභාව දිහාම බලනවා වෙනුවට එක වරකට එක් කෙනෙක් දිහා බලලා කතා කරන්න.