Skip to content

පටුනට යන්න

20වෙනි පාඩම

හොඳ අවසානයක්

හොඳ අවසානයක්

දේශනාකාරයා 12:13, 14

සාරාංශය: අවසානයක් විදිහට ඉගෙනගත්ත දේවල් පිළිගන්න සහ ඒවා අදාළ කරගන්න සවන් දෙන අයව උනන්දු කරන්න.

ඒක කරන විදිහ:

  • අවසානයේදී කියන දේ කතා කරපු විෂයට සම්බන්ධ කරන්න. ප්‍රධාන කරුණු සහ තේමාව ආයෙත් කියන්න.

  • ක්‍රියාවට පොලඹවන්න. කරන්න ඕනෙ මොනවාද, ඒවා කරන්න ඕනෙ ඇයි කියලා පෙන්වලා දෙන්න. ඔයා කියන දේවල් ගැන ඔයාට විශ්වාසයි, ඒවා වැදගත් කියලා පැහැදිලි වන විදිහට කතා කරන්න.

  • අවසානයේදී කියන දේවල් සරලව, කෙටියෙන් කියන්න. අලුත් කරුණු හඳුන්වා දෙන්න එපා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න දිරිගන්වද්දී කෙටියෙන් ඒක කරන්න.