Skip to content

පටුනට යන්න

4වෙනි පාඩම

බයිබල් පද හොඳින් හඳුන්වා දීම

බයිබල් පද හොඳින් හඳුන්වා දීම

මතෙව් 22:41-45

සාරාංශය: බයිබල් පදයක් කියවන්න කලින් ඒකට හොඳින් ඇහුම්කන් දීමට සවන් දෙන අයගේ මනස සූදානම් කරන්න.

ඒක කරන විදිහ:

  • බයිබල් පදය කියවන්නේ ඇයි කියලා හිතන්න. ඔයා කාවද්දන්න හදන කරුණ හොයාගන්න උදව් වන විදිහට හැම බයිබල් පදයක්ම හඳුන්වා දෙන්න.

  • කියන හැම දේකටම පදනම බයිබලයේ කියලා පෙන්වන්න. දෙවි ගැන විශ්වාසයක් තියෙන අයට කතා කරද්දී බයිබලය දෙවිගේ වචනය කියන දේ කාවද්දන්න. ප්‍රඥාවන්තම උපදෙස් තියෙන්නේ බයිබලයේ කියලා ඒකෙන් තේරෙයි.

  • බයිබල් පදය ගැන උනන්දුවක් ඇති කරන්න. බයිබල් පදයෙන් උත්තරය හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් කියවන බයිබල් කොටසෙන් තේරුම්ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් ගැන සඳහන් කරන්න.