Skip to content

පටුනට යන්න

6වෙනි පාඩම

බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න

බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න

යොහන් 10:33-36

සාරාංශය: නිකම්ම බයිබල් පදයක් කියවලා ඊළඟ කරුණට යන්න එපා. ඔයා පෙන්වන කරුණට කියවපු බයිබල් පදය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට පැහැදිලි කරන්න.

ඒක කරන විදිහ:

  • ප්‍රධාන වචන උලුප්පා දක්වන්න. බයිබල් පදයක් කියෙව්වාට පස්සේ ඔයා කතා කරන ප්‍රධාන කරුණට කෙළින්ම සම්බන්ධ වන වචන උලුප්පා දක්වන්න. ඒ වචන ආයෙත් කියවලා හෝ සවන් දෙන කෙනාට ඒ වචන හොයාගන්න උදව් වන ප්‍රශ්න අහලා හෝ ඒක කරන්න පුළුවන්.

  • මතක තියාගන්න ඕනෙ කරුණ කාවද්දන්න. ඔයා බයිබල් පදයක් හඳුන්වා දෙන්නේ ඒක කියවන්න හේතුව පැහැදිලි කරලා නම් පදයේ තියෙන ප්‍රධාන වචන ඔයා කියපු හේතුවට සම්බන්ධ වන විදිහ පෙන්වන්න.

  • අදාළ කිරීම සරල වෙන්න ඕනේ. ප්‍රධාන කරුණට සම්බන්ධ නැති තොරතුරු විස්තර කරන්න එපා. කතා කරන විෂය ගැන සවන් දෙන අය දැනටමත් දන්නේ මොනවාද කියලා හිතන්න. ඒ අනුව බයිබල් පදයේ අදාළ වීම පැහැදිලි කිරීමට කොච්චර තොරතුරු ප්‍රමාණයක් කියන්න ඕනෙද කියලා තීරණය කරන්න.