Skip to content

පටුනට යන්න

7වෙනි පාඩම

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

ලූක් 1:3

සාරාංශය: සවන් දෙන අයට නිවැරදි නිගමනයට එන්න උදව් කිරීමට විශ්වාසවන්ත තොරතුරු ඉදිරිපත් කරන්න.

ඒක කරන විදිහ:

  • විශ්වාසවන්ත මූලාශ්‍ර යොදාගන්න. ඔයා කියන දේ බයිබලය මත පදනම් කරන්න. පුළුවන් හැම අවස්ථාවෙම බයිබලයෙන් කියවන්න. විද්‍යාත්මක කරුණක්, ප්‍රවෘත්තියක්, සිද්ධියක් හෝ වෙනත් තොරතුරක් ගැන කියද්දී ඒවා ලබාගන්නේ විශ්වාසවන්ත මූලාශ්‍රයකින් කියලත් ඒවා අලුත්ම තොරතුරු කියලත් සහතික වෙන්න.

  • මූලාශ්‍රවලින් ගන්න තොරතුරු නිවැරදිව පාවිච්චි කරන්න. බයිබල් පද පැහැදිලි කරද්දී අවට පදවලටත් බයිබලයේ අනිත් තැන්වල තියෙන තොරතුරුවලටත් ‘විශ්වාසවන්ත දාසයා’ සපයන ප්‍රකාශනවල තියෙන තොරතුරුවලටත් එකඟ වෙන්න ඕනේ. (මතෙ. 24:45) වෙනත් මූලාශ්‍රවලින් තොරතුරු ගද්දී ලේඛකයා අදහස් කරපු දේ වෙනස් කරලා කියන්න එපා.

  • තර්කානුකූලව හිතන්න උදව් කරන්න. බයිබල් පදයක් හෝ වෙනත් මූලාශ්‍රයක තොරතුරක් කියෙව්වාම ප්‍රශ්නයක් අහලා එහෙම නැත්නම් උදාහරණයක් පාවිච්චි කරලා සවන් දෙන අයටම ඒ ගැන නිවැරදි නිගමනයකට එන්න උදව් කරන්න.