Skip to content

පටුනට යන්න

8වෙනි පාඩම

උදාහරණ පාවිච්චි කරන්න

උදාහරණ පාවිච්චි කරන්න

මතෙව් 13:34, 35

සාරාංශය: උගන්වද්දී සවන් දෙන අයගේ හිතට කාවදින, වැදගත් කරුණු කියලා දෙන සරල උදාහරණ පාවිච්චි කරන්න.

ඒක කරන විදිහ:

  • සරල උදාහරණ තෝරාගන්න. යේසුස් කළා වගේ බැරෑරුම් කාරණයක් පැහැදිලි කරන්න සරල උදාහරණයක් යොදාගන්න. අනවශ්‍ය තොරතුරු එකතු කරලා උදාහරණය සංකීර්ණ කරන්න එපා. පාවිච්චි කරන උදාහරණයේ තියෙන තොරතුරු ඔයා උගන්වන්න හදන පාඩමට ගැළපුණේ නැත්නම් සවන් දෙන අයගේ මනස ප්‍රධාන කරුණෙන් වෙන පැත්තකට යන්න පුළුවන්.

  • සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන දේ ගැන හිතන්න. සවන් දෙන අය සාමාන්‍යයෙන් කරන, එයාලා උනන්දු වන දේවල්වලට සම්බන්ධ උදාහරණ තෝරාගන්න. ඒත් එයාලා අපහසුතාවට පත් වන උදාහරණ තෝරාගන්න එපා.

  • ප්‍රධාන කරුණ උගන්වන්න. හැම පොඩි කරුණකටම උදාහරණ පාවිච්චි කරන්න එපා. උදාහරණය විතරක් නෙමෙයි ඒකෙන් කියලා දෙන පාඩම සවන් දෙන අයට මතක තියාගන්න උදව් කරන්න.