Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ආදරණීය සහෝදර සහෝදරියෙනි,

දෙවියන් ගැන, මිනිස්සු ගැන තියෙන ආදරය නිසයි හැම ජාතියකම අයට ගෝලයන් වෙන්න උදව් කරන්න අපි පෙලඹෙන්නේ. (මතෙ. 28:19, 20; මාක් 12:28-31) අපි අනිත් අය ගැන හිතලා එයාලට ආදරෙන් සලකද්දී ඒක එයාලාගේ හිතටම දැනෙනවා. එතකොට ‘සත්‍යය පිළිගන්න කැමති’ අයට උදව් කරන්න අපිට පුළුවන්.—ක්‍රියා 13:48.

අපි පුරුදු වෙලා හිටියේ යෝජනාවක් කටපාඩම් කරගෙන සඟරාවක්, පොතක් දීලා එන්න. ඒත් දැන් අපි හිතන්න ඕනෙ හොඳ කතාබහක් කරගෙන යන එක ගැනයි. අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් තමයි එයාලා කැමති විෂයක් ගැන කතා කරන එක. ඒකට එයාලාගේ හිතට වධ දෙන දේවල්, එයාලා කැමති දේවල් තේරුම් අරන් එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න ඕනේ.

මේ සඟරාවේ තියෙන පාඩම් 12 කතා කරන්නේ අනිත් අයට ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරන්න ඕනෙම කරන ගුණාංග ගැනයි. හැම පාඩමකම බයිබල් සිද්ධියක් තියෙනවා. ඒ හැම සිද්ධියකම යේසුස් හරි ඔහුගේ ගෝලයෙක් හරි පණිවිඩය කියද්දී පෙන්නපු ගුණාංගයක් ඔයා දකියි. ඒවා ඔයාට උදව් වෙයි යෝජනාවක් කටපාඩමින් කියන්නේ නැතුව අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන් විදි ගැන හිතන්න. ඒ ගුණාංග සේවේ හැම පැත්තකටම උදව් වෙනවා. ඒත් කතාබහක් පටන්ගද්දී, නැවත බැලීමක්, පාඩමක් කරද්දී සමහර ගුණාංග විශේෂයෙන්ම ඕනෙ ඇයි කියලා බලමු.

පාඩමක් කියවන ගමන්, ඔයාගේ පැත්තේ අයට කතා කරද්දී ඒ ගුණාංගය අදාළ කරගන්න පුළුවන් විදි ගැන හිතන්න. යෙහෝවා ගැන, අනිත් අය ගැන ඔයාට තියෙන ආදරේ වැඩි කරගන්න. අනිත් අයට ගෝලයන් වෙන්න උදව් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ආදරේ පෙන්නන එක. වෙන ඕනෙම ක්‍රමයකට, දක්ෂතාවකට වඩා ඒක සාර්ථකයි.

ඔයාලත් එක්ක සේවය කරන්න ලැබුණ එක අපිට ලොකු සතුටක්. (ශෙප. 3:9) අනිත් අයට ආදරෙන් උදව් කරන්න ඔයාලා දරන වෑයමට යෙහෝවාගේ ආශීර්වාදය අපි පතනවා.

ඔයාලාගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය