1වෙනි උපග්‍රන්ථය
අපි උගන්වන්න කැමති සත්‍යයන්
අවංක හදවත් තියෙන අය සත්‍යය ඉක්මනින්ම අඳුරගන්නවා කියලා යේසුස් කිව්වා. (යොහ. 10:4, 27) ඒ නිසා මිනිස්සුන්ට අපි කියලා දෙන්න ඕනෙ බයිබලයේ තියෙන සරල ඉගැන්වීම්. ඒකට “ඔයා දැනගෙන හිටියාද . . . කියලා?” නැත්නම් “ඔයා අහලා තියෙනවාද . . . කියලා?” වගේ ප්‍රශ්නයක් අහලා පටන්ගන්න. ඊටපස්සේ ඒකට ගැළපෙන බයිබල් පදය/පද පෙන්නලා පැහැදිලි කරන්න. බයිබලයේ සරල ඉගැන්වීමක් කියලා දෙද්දී අපි කෙනෙක්ගේ හදවතේ සත්‍යයේ බීජයක් පැළ කරනවා. දෙවියන්ට පුළුවන් ඒ බීජයට වර්ධනය දෙන්න.—1 කොරි. 3:6, 7.
අනාගතය
-
1. ලෝකේ වෙන දේවල්වලින්, මිනිස්සු වැඩ කරන විදිහෙන් තේරෙන්නේ ළඟදීම වෙනසක් වෙනවා කියලා.—මතෙ. 24:3, 7, 8; ලූක් 21:10, 11; 2 තිමෝ. 3:1-5.
-
2. පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ.—ගීතා. 104:5; දේශ. 1:4.
-
3. පරිසරයට වෙලා තියෙන හානිය නැති කරලා ඒක තිබුණ තත්වයටම ගේනවා.—යෙසා. 35:1, 2; එළි. 11:18.
-
4. ඉස්සරහට හැමෝම නිරෝගීව ඉන්නවා.—යෙසා. 33:24; 35:5, 6.
-
5. ඔයාට පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන්.—ගීතා. 37:29; මතෙ. 5:5.
පවුල
-
6. සැමියෙක් තමන්ටම ආදරේ කරනවා වගේ බිරිඳටත් ආදරේ කරන්න ඕනේ.—එෆී. 5:33; කොලො. 3:19.
-
7. බිරිඳක් සැමියාට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.—එෆී. 5:33; කොලො. 3:18.
-
8. සැමියායි, බිරිඳයි එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනේ.—මලා. 2:16; මතෙ. 19:4-6, 9; හෙබ්‍රෙ. 13:4.
-
9. දෙමාපියන්ට ගෞරව කරනවා නම්, එයාලට කීකරු වෙනවා නම් දරුවන්ට සතුටින් ඉන්න පුළුවන්.—හිතෝ. 1:8, 9; එෆී. 6:1-3.
දෙවියන්
-
10. දෙවියන්ට නමක් තියෙනවා.—ගීතා. 83:18; යෙරෙ. 10:10.
-
11. දෙවියන් ඔහුගේ අදහස් අපිට දැනුම් දෙනවා.—2 තිමෝ. 3:16, 17; 2 පේතෘ. 1:20, 21.
-
12. දෙවියන් සාධාරණයි, හැමෝටම සලකන්නේ එකම විදිහට.—ද්වි. 10:17; ක්‍රියා 10:34, 35.
-
13. දෙවියන්ට ඕනෙ අපිට උදව් කරන්න.—ගීතා. 46:1; 145:18, 19.
යාච්ඤාව
-
14. දෙවියන් කැමතියි අපි ඔහුට යාච්ඤා කරනවාට.—ගීතා. 62:8; 65:2; 1 පේතෘ. 5:7.
-
15. යාච්ඤා කරන්නේ කොහොමද කියලා බයිබලයේ කියනවා.—මතෙ. 6:7-13; ලූක් 11:1-4.
-
16. අපි නිතරම යාච්ඤා කරන්න ඕනේ.—මතෙ. 7:7, 8; 1 තෙස. 5:17.
යේසුස්
-
17. යේසුස් දක්ෂ ගුරුවරයෙක්. ඔහු දීපු මඟ පෙන්වීම් අදටත් ප්‍රයෝජනවත්.—මතෙ. 6:14, 15, 34; 7:12.
-
18. අද ලෝකේ වෙන දේවල් යේසුස් කලින්ම කිව්වා.—මතෙ. 24:3, 7, 8, 14; ලූක් 21:10, 11.
-
19. යේසුස් දෙවියන්ගේ පුතා.—මතෙ. 16:16; යොහ. 3:16; 1 යොහ. 4:15.
-
20. යේසුස් සියලු බලැති දෙවියන් නෙමෙයි.—යොහ. 14:28; 1 කොරි. 11:3.
දෙවියන්ගේ රාජ්‍යය
-
21. දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ ස්වර්ගයේ තියෙන ඇත්ත ආණ්ඩුවක්.—දානි. 2:44; 7:13, 14; මතෙ. 6:9, 10; එළි. 11:15.
-
22. ඉස්සරහට මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්ගේ ආණ්ඩුව පාලනය කරනවා.—ගීතා. 2:7-9; දානි. 2:44.
-
23. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම දෙවියන්ගේ රාජ්‍යයයි.—ගීතා. 37:10, 11; 46:9; යෙසා. 65:21-23.
දුක් කරදර
-
24. දුක් කරදර ඇති කරන්නේ දෙවියන් නෙමෙයි.—ද්වි. 32:4; යාකො. 1:13.
-
25. මේ ලෝකේ පාලනය කරන්නේ සාතන්.—ලූක් 4:5, 6; 1 යොහ. 5:19.
-
26. ඔයාගේ දුක දෙවියන්ට දැනෙනවා.—ගීතා. 34:17-19; යෙසා. 41:10, 13.
-
27. දෙවියන් ළඟදීම දුක් කරදර නැති කරනවා.—යෙසා. 65:17; එළි. 21:3, 4.
මරණය
-
28. මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ. දුක් විඳින්නේ නැහැ.—දේශ. 9:5; යොහ. 11:11-14.
-
29. අපිට උදව් කරන්නවත් අනතුරක් කරන්නවත් මැරුණ අයට බැහැ.—ගීතා. 146:4; දේශ. 9:6, 10.
-
30. මැරුණ අයට ආයෙත් ජීවිතය දෙනවා.—යෝබ් 14:13-15; යොහ. 5:28, 29; ක්‍රියා 24:15.
-
31. “මරණය නැත්තටම නැති වෙනවා.”—එළි. 21:3, 4; යෙසා. 25:8.
ආගම්
-
32. දෙවියන් හැම ආගමක්ම පිළිගන්නේ නැහැ.—යෙරෙ. 7:11; මතෙ. 7:13, 14, 21-23.
-
33. දෙවියන්ට නමස්කාර කරනවා කියලා මවාපාන අය දෙවියන්ට පිළිකුල්.—යෙසා. 29:13; මීකා 3:11; මාක් 7:6-8.
-
34. අවංක ආදරය තමයි සැබෑ ආගම අඳුරගන්න තියෙන ලකුණ.—මීකා 4:3; යොහ. 13:34, 35.