Skip to content

පටුනට යන්න

කතාබහක් පටන්ගද්දී

1පාඩම

අනිත් අය ගැන හිතන්න

අනිත් අය ගැන හිතන්න

ප්‍රතිපත්තිය: ‘ආදරේ තියෙන කෙනෙක් තමන් ගැන විතරක් හිතන කෙනෙක් නෙමෙයි.’—1 කොරි. 13:4, 5.

යේසුස් කරපු දේ

1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 4:​6-9 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1.   අ. ස්ත්‍රිය එක්ක කතා කරන්න කලින් යේසුස් එයා ගැන නිරීක්ෂණය කළේ මොනවාද?

  2.  ආ. “බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියලා යේසුස් ඇහුවා. කතාබහක් පටන්ගන්න ඒක හොඳ විදිහක් කියන්නේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අනිත් කෙනා උනන්දු වෙන විෂයක් ගැන කතා කරන එක හොඳ කතාබහක් කරගෙන යන්න උදව් වෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. ගැළපෙන විදිහට කතා කරන්න. කොහොමහරි ඔයා හිතාගෙන ඉන්න දේම කියන්න හදන්න එපා. මේ දවස්වල හුඟක් අය කල්පනා කරන දෙයක් ගැන කතා කරන්න. මෙහෙම හිතන්න.

  1.   අ. ‘ප්‍රවෘත්තිවල වැඩියෙන්ම යන්නේ මොනවා ගැනද?’

  2.  ආ. ‘අහළ පහළ අය, වැඩපොළේ අය, ඉස්කෝලේ යාළුවෝ කතා වෙන්නේ මොනවා ගැනද?’

4. හොඳට නිරීක්ෂණය කරන්න. මෙහෙම හිතන්න.

  1.   අ. ‘එයා කරකර ඉන්නේ මොනවාද? එයා මොනවා ගැන හිතනවා ඇද්ද?’

  2.  ආ. ‘එයාගේ ඇඳුම්වලින්, පෙනුමෙන්, ගෙදර වටපිටාවෙන් එයාගේ විශ්වාසයන් ගැන, පසුබිම ගැන තේරෙන්නේ මොනවාද?’

  3.  ඇ. ‘මේක එයාත් එක්ක කතා කරන්න හොඳ වෙලාවක්ද?’

5. ඇහුම්කන් දෙන්න.

  1.   අ. වැඩිය කතා කරන්න එපා.

  2.  ආ. එයාගේ හිතේ තියෙන දේ එළියට ගන්න බලන්න. සුදුසු වෙලාවලදී ප්‍රශ්න අහන්න.