ගෝලයන් වෙන්න උදව් කරද්දී
10පාඩම
කැප කිරීම් කරන්න
ප්‍රතිපත්තිය: ‘අපේ හිතේ තියෙන ආදරේ නිසා ඔයාලට ශුභාරංචිය කියන්න විතරක් නෙමෙයි අපේ ජීවිත වුණත් දෙන්න අපි ලෑස්ති වෙලා හිටියා.’—1 තෙස. 2:8.
යේසුස් කරපු දේ
1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 3:1, 2 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:
-
අ. නිකදේමස් රෑ වුණාට පස්සේ යේසුස්ව හම්බ වෙන්න යන්න ඇත්තේ ඇයි?—යොහන් 12:42, 43 බලන්න.
-
ආ. මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න යේසුස් කැප වෙලා වැඩ කළා කියලා ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?
යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
2. යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කැප වෙලා වැඩ කරද්දී අපි පෙන්නන්නේ අපි මිනිස්සුන්ට ආදරෙයි කියලයි.
යේසුස්ව ආදර්ශයට ගන්න
3. ශිෂ්‍යයාට පහසු තැනක්, වෙලාවක් තෝරගන්න. පාඩම කරන්න එයා කැමති දවසක්, වෙලාවක් ඇති. එයාට පහසු ගෙදරදීද, වැඩපොළේදීද නැත්නම් පොදු තැනකදීද කියලා හිතන්න. පුළුවන් තරම් එයාට ලේසි විදිහට ඔයාගේ කාලසටහන හදාගන්න.
4. හැම සතියකම පාඩම කරන්න. හදිස්සියේ එදාට පාඩමට යන්න බැරි වුණොත් පාඩම කරන්නේ නැතුව ඉන්න එපා. මෙහෙම හිතන්න.
5. හොඳ පැති දකින්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. හැම සතියකම පාඩම කරන්න එයාට බැරි වෙයි. ඉගෙනගන්න දේවල් ඉක්මනින්ම අදාළ කරගන්නෙත් නැති වෙයි. ඒත් එයා වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයාට උදව් කරන්න කියලා යාච්ඤා කරන්න. (ෆිලි. 2:13) අනිවාර්යයෙන්ම එයාට හොඳ ගුණාංග ගොඩක් ඇති. ඒවා දකින්න ඔයාට උදව් කරන්න කියලත් යාච්ඤා කරන්න.