ගෝලයන් වෙන්න උදව් කරද්දී
11පාඩම
සරලව කියලා දෙන්න
ප්‍රතිපත්තිය: ‘කතා කරන්නේ ලේසියෙන් තේරුම්ගන්න බැරි විදිහට නම් ඒක හරියට හුළඟට කතා කරනවා වගෙයි.’—1 කොරි. 14:9.
යේසුස් කරපු දේ
1. වීඩියෝ එක බලන්න, නැත්නම් මතෙව් 6:25-27 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:
යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
2. සරලව උගන්වද්දී ශිෂ්‍යයාට මතක හිටිනවා. හදවතටම දැනෙනවා.
යේසුස්ව ආදර්ශයට ගන්න
3. අඩුවෙන් කතා කරන්න. විෂයක් ගැන ඔයා දන්න හැම තොරතුරක්ම කියන්න එපා. පාඩමේ තියෙන තොරතුරුවලට විතරක් අවධානය දෙන්න. ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ එයා උත්තරයක් දෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න. එයා උත්තරේ දන්නේ නැත්නම්, වැරදි අදහසක් කියනවා නම් අමතර ප්‍රශ්න අහලා හරි දේ තේරුම්ගන්න උදව් කරන්න. එයා ප්‍රධාන කරුණ තේරුම්ගත්තාට පස්සේ ඊළඟ කරුණට යන්න.
4. අලුත් දෙයක් උගන්වද්දී එයා දන්න තොරතුරු පාවිච්චි කරන්න. උදාහරණෙකට නැවත නැඟිටීම ගැන තියෙන පාඩම පටන්ගන්න කලින්, මැරුණු අයගේ තත්වය ගැන එයා ඉගෙනගෙන තියෙන දේවල් ටික වෙලාවක් අරන් කතා කරන්න.
5. හොඳට හිතලා උදාහරණ පාවිච්චි කරන්න. උදාහරණයක් කියන්න කලින් මේ ගැන හිතන්න.