Skip to content

පටුනට යන්න

3වෙනි උපග්‍රන්ථය

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් පාඩමක් කරන විදිහ

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් පාඩමක් කරන විදිහ

ගොඩක් යාච්ඤා කරලා, හොඳට හිතලා, තොරතුරු හොයලා බලලා තමයි ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත හදලා තියෙන්නේ. පොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මේ දේවල් කරන්න.

පාඩමට කලින්

  1. 1. හොඳට සූදානම් වෙන්න. සූදානම් වෙද්දී ශිෂ්‍යයාගේ අවශ්‍යතා, එයා අද්දකින දේවල්, එයාගේ විශ්වාසයන් ගැන හිතන්න. එයාට තේරුම්ගන්න, අදාළ කරගන්න අමාරු වෙන්න පුළුවන් මොන වගේ තොරතුරුද කියලා හිතන්න. “තව දැනගන්න” කොටසේ තොරතුරු ශිෂ්‍යයාට ප්‍රයෝජනවත් වෙන විදි ගැන හිතන්න. අවශ්‍ය වුණොත් පාඩම අතරතුරේදී ඒ තොරතුරු පාවිච්චි කරන්න ලෑස්ති පිට ඉන්න.

පාඩම කරද්දී

  1. 2. ශිෂ්‍යයාගේ අකමැත්තක් නැත්නම් පාඩමට කලින් සහ පාඩම ඉවර වුණාම යාච්ඤා කරන්න.

  2. 3. ඕනෑවට වඩා කතා කරන්නේ නැතුව පාඩමේ තියෙන තොරතුරුවලට අවධානය දෙන්න. හිතේ තියෙන දේ කියන්න ශිෂ්‍යයාට ඉඩ දෙන්න.

  3. 4. පොතේ අලුත් කොටසක් පටන්ගද්දී ඒ කොටස ගැන තියෙන විස්තරය කියවලා ඒකේ තියෙන පාඩම් කීපයක් පෙන්නන්න.

  4. 5. පොතේ එක කොටසක් ඉවර වුණාම ඒ කොටසේ සාරාංශය පාවිච්චි කරලා ඒකෙන් ඉගෙනගත්ත සත්‍යයන් මතක් කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

  5. 6. හැම පාඩමක්ම කරද්දී,

    • 1වෙනි පිටුවේ තියෙන ඡේද කියවන්න.

    • “කියවන්න” කියලා තියෙන හැම බයිබල් පදයක්ම කියවන්න.

    • අවශ්‍යයි කියලා හිතෙනවා නම් අනිත් බයිබල් පදත් කියවන්න.

    • (පුළුවන්කමක් තියෙනවා නම්) බලන්න කියලා තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න.

    • පාඩමේ තියෙන හැම ප්‍රශ්නයක්ම ශිෂ්‍යයාගෙන් අහන්න.

    • “තවත් හොයමු” කොටසේ තියෙන පින්තූර ගැන එයාට හිතෙන්නේ මොනවාද කියලා ශිෂ්‍යයාගෙන් අහන්න.

    • “ඔයාට කරන්න දෙයක්” කොටස පාවිච්චි කරලා එයා ඉගෙනගත්ත දේවල් කොච්චර දුරට අදාළ කරගෙන තියෙනවාද කියලා තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න. ඒකේ දීලා තියෙන ඉලක්කය හරි වෙනත් ඉලක්කයක් හරි ඒ දෙකම හරි ජය ගන්න එයාට උනන්දු කරන්න.

    • පාඩමට ලෑස්ති වෙද්දී එයා ගොඩක් ආස වුණේ “තව දැනගන්න” කොටසේ තියෙන මොන ලිපියටද නැත්නම් වීඩියෝ එකටද කියලා අහන්න.

    • එක වතාවකදී සම්පූර්ණ පාඩමක් ඉවර කරන්න උත්සාහ කරන්න.

පාඩමෙන් පස්සේ

  1. 7. දිගටම ශිෂ්‍යයා ගැන හිතන්න. යෙහෝවාට තව ළං වෙන්න එයාට උදව් කරන්න කියලත් එයාට උදව් කරන්න ඕනෙ පැති තේරුම්ගන්න ඔයාට ප්‍රඥාව දෙන්න කියලත් යාච්ඤා කරන්න.