Skip to content

පටුනට යන්න

කතාබහක් පටන්ගද්දී

5පාඩම

ඥානවන්ත වෙන්න

ඥානවන්ත වෙන්න

ප්‍රතිපත්තිය: “හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න.”—කොලො. 4:6.

පාවුල් කරපු දේ

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 17:22, 23 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1.   අ. ඇතන්ස්වල බොරු දෙවිවරුන්ට කරන නමස්කාරය දැක්කාම පාවුල්ට දැනුණේ කොහොමද?—ක්‍රියා 17:16 බලන්න.

  2.  ආ. එයාලා කරන දේ වැරදියි කියලා කියනවා වෙනුවට එයාලාගේ විශ්වාසයන් පාවිච්චි කරලා පාවුල් ඥානවන්තව ශුභාරංචිය කිව්වේ කොහොමද?

පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපි කියන්න යන දේ, ඒක කියන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවෙද කියලා හිතලා බැලුවොත් පණිවිඩේ අහන්න හුඟක් අය කැමති වෙයි.

පාවුල්ව ආදර්ශයට ගන්න

3. ගැළපෙන වචන පාවිච්චි කරන්න. උදාහරණෙකට ක්‍රිස්තියානි නොවන කෙනෙක් එක්ක කතා කරද්දී එකපාරටම යේසුස්, බයිබලය වගේ වචන පාවිච්චි කරන්නේ නැතුව ඒ ගැන වෙන විදිහකට හඳුන්වලා දෙන්න.

4. නිවැරදි කරන්න ඉක්මන් වෙන්න එපා. හිතේ තියෙන දේ නිදහසේ කියන්න එයාට ඉඩ දෙන්න. බයිබලයේ කියන දේට වඩා වෙනස් දෙයක් එයා කිව්වොත් වාද කරන්න එපා. (යාකො. 1:19) එයාට ඇහුම්කන් දුන්නොත් ඔයාට පුළුවන් වෙයි එයා හිතන විදිහ තේරුම්ගන්න.—හිතෝ. 20:5.

5. පුළුවන් වෙලාවලදී එකඟ වෙන්න, අගය කරන්න. එයා අවංකවම හිතනවා ඇති එයා විශ්වාස කරන දේවල් හරියි කියලා. මුලින්ම එකඟ වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න. ඊටපස්සේ බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න එයාට ටිකෙන් ටික උදව් කරන්න.