Skip to content

පටුනට යන්න

කතාබහක් පටන්ගද්දී

6පාඩම

නිර්භීත වෙන්න

නිර්භීත වෙන්න

ප්‍රතිපත්තිය: “එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.”—ක්‍රියා 4:31.

යේසුස් කරපු දේ

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ලූක් 19:1-7 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1.   අ. සමහරු සකෙවුස්ව මඟහරින්න ඇත්තේ ඇයි?

  2.  ආ. ඒත් යේසුස් එයාට ශුභාරංචිය කියන්න පෙලඹුණේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. තරාතිරම් බලන්නේ නැතුව හැමෝටම ශුභාරංචිය කියන්න අපිට නිර්භීතකම ඕනේ.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. දේශනා කරන්න යේසුස්ට ශක්තිය ලැබුණේ දෙවියන්ගේ බලයෙන්. ඔයාව ශක්තිමත් කරන්නත් ඒ බලයට පුළුවන්. (මතෙ. 10:19, 20; ලූක් 4:18) සමහර අයට කතා කරන්න ඔයාට බයක් දැනෙනවා නම් බය නැති කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න.—ක්‍රියා 4:29.

4. පිටින් බලලා තීරණයකට එන්න එපා. කෙනෙක්ගේ පෙනුම, සමාජ තත්වය, ආගමික විශ්වාසයන්, එයා ජීවත් වෙන විදිහ සහ එයා දුප්පත්ද පොහොසත්ද කියන එක වගේ දේවල් බලලා අපි එයාත් එක්ක කතා කරන්න අදිමදි කරන්න පුළුවන්. ඒත් මේක මතක තියාගන්න:

  1.   අ. කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දකින්න අපිට බැහැ. යෙහෝවාටයි, යේසුස්ටයි විතරයි ඒක කරන්න පුළුවන්.

  2.  ආ. ජීවිතේ වෙනස් කරගන්න ඕනෙම කෙනෙක්ට උදව් කරන්න යෙහෝවාට පුළුවන්.

5. විමසිල්ලෙන් ඉඳලා ඥානවන්තව වැඩ කරන්න. (මතෙ. 10:16) වාද කරන්න එපා. එයා පණිවිඩේ අහන්න කැමති නැත්නම්, ඔයාට අනතුරක් වෙයි කියලා හිතෙනවා නම් සුහදව කතාව නවත්තලා එතනින් යන්න.—හිතෝ. 17:14.