ආයෙත් හම්බ වෙද්දී
7පාඩම
අත්හරින්න එපා
ප්‍රතිපත්තිය: ‘එයාලා අත්හරින්නේ නැතුව දිගටම ඉගැන්නුවා. ශුභාරංචිය දිගටම දේශනා කළා.’—ක්‍රියා 5:42.
පාවුල් කරපු දේ
1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 19:8-10 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:
පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
2. සාර්ථක නැවත බැලීම් කරලා බයිබල් පාඩම් පටන්ගන්න නම් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ, කාලය දෙන්න ඕනේ.
පාවුල්ව ආදර්ශයට ගන්න
3. අපිට පහසු වෙලාවට නෙමෙයි, එයාට පහසු වෙලාවට යන්න. මෙහෙම හිතන්න. ‘කතා කරන්න එයාට පහසුම තැන, වෙලාව මොකක්ද?’ ඔයාට අමාරු වුණත් එයාට පුළුවන් වෙලාවට කොහොමහරි යන්න.
4. වෙලාවක් දාගන්න. එයාත් එක්ක කතා කරන හැම වතාවකම එයාව ආයෙත් හම්බ වෙන්න යන්න දවසක්, වෙලාවක් කතා කරගන්න. කියපු වෙලාවටම යන්න.
5. බලාපොරොත්තු අත්හරින්න එපා. ඔයා යනයන වෙලාවට එයා ගෙදර නැත්නම්, වෙලාවක් නැහැ කියනවා නම් එයාට උනන්දුවක් නැහැ කියලා හිතන්න එපා. (1 කොරි. 13:4, 7) උත්සාහය අත්හරින්න එපා. ඒත් ඔයාගේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න ඕනෙ කියන දේත් මතක තියාගන්න.—1 කොරි. 9:26.