Skip to content

පටුනට යන්න

ආයෙත් හම්බ වෙද්දී

9පාඩම

තේරුම්ගන්න

තේරුම්ගන්න

ප්‍රතිපත්තිය: “සතුටින් ඉන්න අයත් එක්ක සතුටු වෙන්න. දුකෙන් ඉන්න අයත් එක්ක අඬන්න.”—රෝම 12:15.

යේසුස් කරපු දේ

1. වීඩියෝ එක බලන්න, නැත්නම් මාක් 6:30-34 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1.   අ. යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් “පාළු තැනකට” ගියේ ඇයි?

  2.  ආ. සෙනඟට උගන්වන්න යේසුස් පෙලඹුණේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපිට ඕනෙ පණිවිඩය කියන්න විතරක් නෙමෙයි, මිනිස්සු ගැන හිතලා එයාලට උදව් කරන්න. එයාලා ඉන්න තත්වය තේරුම්ගන්න උත්සාහ කරද්දී එයාලට උදව් කරන්න අපි පෙලඹෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. හොඳින් ඇහුම්කන් දෙන්න. එයාගේ හිතේ තියෙන දේවල් කියන්න ඉඩ දෙන්න. එයාට හිතෙන විදිහ, එයාගේ ප්‍රශ්නයක් ගැන එහෙම නැත්නම් ඔයා කියපු දෙයක් පිළිගන්න බැහැ වගේ දේවල් එයා කියන්න පුළුවන්. එහෙම කියද්දී මැද්දට පැනලා කතා කරන්න එපා. එයා කියන දේ ගණන් ගන්නේ නැතුව ඉන්නත් එපා. හොඳට අහගෙන ඉද්දී ඔයා පෙන්නන්නේ එයා හිතන දේ ඔයාට වැදගත් කියලයි.

4. උනන්දුව පෙන්නන කෙනා ගැන හිතන්න. එයාත් එක්ක කතා කරපු දේවල් මතක් කරගෙන මෙහෙම හිතන්න.

  1.   අ. ‘බයිබල් සත්‍යයන් එයා දැනගන්න ඕනෙමයි කියලා මට හිතෙන්නේ ඇයි?’

  2.  ආ. ‘පාඩමක් පටන්ගන්න එක එයාගේ ජීවිතේට, අනාගතේට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?’

5. උදව් වෙන තොරතුරු පෙන්නන්න. පුළුවන් තරම් ඉක්මනට පාඩමක් පටන්ගන්න එකේ වැදගත්කම ගැන කියන්න. ඒක එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න උදව් වෙන විදිහයි, එයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහයි පෙන්නන්න.