4වන ප්‍රශ්නය
සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන්ද?
ජීවයේ ආරම්භය හා එහි පරිණාමය ඩාවින් දැවැන්ත ගසකට සමාන කළා. පසු කාලයේදී තවත් අයද ඔහු හා එකඟ වුණා. ඔවුන්ගේ අදහසට අනුව ඒක සෛලීය ජීවීන් ගසේ කඳට සමානයි. පසුව ගසේ අතු හා රිකිලි බෙදී යන ආකාරයට ඒක සෛලීය ජීවීන් වෙනත් සත්ව හා ශාක විශේෂයන්ට බෙදී ගිය බව ඔවුන් පවසනවා. සියලුම සත්ව හා ශාක විශේෂයන් ආරම්භ වුණේ ඒ ආකාරයෙන් බව ඔවුන්ගේ මතයයි. ඇත්තටම සිදු වුණේ එයද?
බොහෝ විද්‍යාඥයන් පවසන දේ. සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන් යන අදහස ෆොසිල වාර්තාවලින් ඔප්පු වන බව බොහෝදෙනා පවසනවා. එමෙන්ම සියලුම ජීවීන් තුළ දක්නට ලැබෙන DNA නමැති පොදු ලක්ෂණය නිසාද ඔවුන් ඉහත කී අදහස සත්‍යයක් බව සිතනවා.
බයිබලයේ සඳහන් වන දේ. බයිබලයේ සඳහන් වන්නේ ශාක, මුහුදු ජීවීන්, ගොඩබිමේ වෙසෙන ජීවීන් හා කුරුල්ලන්ව නිර්මාණය කර තිබෙන්නේ “ඒ ඒ වර්ගයට අනුව” කියායි. (උත්පත්ති 1:12, 20-25) ඉන් පැහැදිලි වන්නේ යම් වර්ගයක් තුළ විවිධත්වයක් තිබිය හැකි බවයි. නමුත් එක් එක් වර්ග අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. බයිබලයේ සඳහන් එම වාර්තාව සමඟ බලන විට ෆොසිල වාර්තාවලින් බලාපොරොත්තු විය හැක්කේ එක් කාලපරිච්ඡේදයක් තුළ එක වර බිහි වූ විවිධ ජීවීන් පිළිබඳ තොරතුරුයි.
සාක්ෂිවලින් ඔප්පු වන දේ. සාක්ෂිවලින් හෙළි වන්නේ ඩාවින්ගේ මතය නිවැරදි බවද? එසේත් නැත්නම් බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි බවද? පසුගිය අවුරුදු 150 තුළ සොයාගත් දෙයින් හෙළි වන්නේ කුමක්ද? අපි දැන් ඒ ගැන සලකා බලමු.
පරිණාමීය ගස කපා දමයි
විද්‍යාඥයන් මෑත කාලවලදී ඒක සෛලීය ජීවින් සංඛ්‍යාවකගේම ජාන සැකැස්ම, සත්ව හා ශාකවල ජාන සැකැස්ම සමඟ සන්සන්දනය කර තිබෙනවා. ඔවුන් සිතුවේ සියලුම ජීවීන් හටගත්තේ එක් ජීවියෙකුගෙන් යන ඩාවින්ගේ මතය ඉන් ඔප්පු කළ හැකි වෙයි කියායි.
නමුත් පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද? ඊට පිළිතුරු ජීව විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් 1999දී මෙසේ වාර්තා කළා. “ජීවය ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන් කියා විශ්වාස කිරීමට සාක්ෂි නැහැ. ඒ වෙනුවට පෙනෙන්න තිබෙන්නේ ගසක අතු බෙදී යන ආකාරයකින් ජීවය ආරම්භ වූ බව නොව එක් එක් ජීවීන් වර්ග වෙන වෙනම ආරම්භ වූ බවයි. එමෙන්ම වර්තමානයේ ජීවීන්ව ශ්‍රේණිගත කර තිබෙන ආකාරය දෙස බලන විට එක් ජීවියෙකුගෙන් ජීවය ආරම්භ වුණා යන්න ගැළපෙන්නේ නැහැ.”29 a
30 එම සඟරාවේම තවත් පරිණාමවාදී විද්‍යාඥයෙක් වන මයිකල් රෝස් පැවසූ දෙයක්ද සඳහන් වුණා. “තනි ගසක අතු බෙදී යන්නාක් මෙන් එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් ඇති වුණා යන ඩාවින්ගේ මතය දැන් ටිකෙන් ටික වැළලී යමින් තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා ජීවය පිළිබඳ අප මෙතෙක් දැරූ ආකල්ප අපි වෙනස් කරගන්න ඕනේ. නමුත් තාම හුඟක් දෙනෙක් මේක තේරුම්ගෙන නැහැ.”31 b
එක් ජීවියෙකුගෙන් ජීවය ආරම්භ වූ බවට ඩාවින්ගේ මතය මෑතකදී කළ පර්යේෂණවලින් පවා ඔප්පු වී නැහැ. උදාහරණයකට පරිණාමවාදී විද්‍යාඥයෙක් වන එරික් බැප්ටිස් පැවසූ දෙයක් 2009දී නිව් සයන්ටිස්ට් සඟරාවේ මෙසේ වාර්තා වුණා. “ගසක අතු බෙදී යනවා හා සමානව එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් පරිණාමය වුණා යන්න පිළිගැනීමට අපිට කිසිම සාක්ෂියක් නැහැ.”ෆොසිල වාර්තාවන් සාක්ෂි සපයයිද?
එක් ජීවියෙකුගෙන් සියලුම ජීවීන් පැවත ආ බවට ෆොසිල වාර්තා සාක්ෂි සපයන බව බොහෝ විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ එම වාර්තාවන්ට අනුව මත්ස්‍යයාගෙන් උභයජීවීන්ද උරගයාගෙන් ක්ෂීරපායින්ද පරිණාමය වූ බවයි. නමුත් ඇත්තටම ෆොසිල වාර්තාවෙන් හෙළි වන්නේ එයද?
පරිණාමය ඔප්පු කිරීම සඳහා පර්යේෂණ කරන පාෂාණධාතු විද්‍යාඥයෙක් වන ඩේවිඩ් එම්. රවුප් ඊට දෙන පිළිතුර සලකා බලන්න. “ඩාවින්ගේ කාලයේ මෙන්ම වර්තමානයේ සිටින භූ විද්‍යාඥයන් ෆොසිල පරීක්ෂා කිරීමෙන් ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ජීවය ක්‍රමානුකූලව පරිණාමය වූ බවට සාක්ෂි නැති බවයි. ඒ වෙනුවට විවිධ ජීවීන් හදිසියේම මතු වී යම් කාලයකට පසු හදිසියේම නැති වී ගොස් තිබෙන බව ෆොසිල වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් ඒ කාලය තුළ ඔවුන් පරිණාමය වී ඇති බවක් දකින්න ලැබෙන්නේ නැහැ.”32
තවත් ආකාරයකින් පවසනවා නම් ෆොසිල ගණනාවකින්ම ඔප්පු වී ඇත්තේ ජීවියෙක් කාලයක් පුරා පැවතුණත් සැලකිය යුතු වෙනසක් උන් තුළ දක්නට නැති බවයි. එමෙන්ම එක් ජීවියෙක් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවියෙක් දක්වා පරිණාමය වූ බවක් පෙන්නුම් කරන සාක්ෂිද නැහැ. ඒ වෙනුවට ෆොසිල වාර්තාවලින් පෙන්නුම් කරන්නේ සුවිශේෂී ශරීර සැකැස්මකින් හා උන්ටම ආවේණික වූ හැකියාවන් ඇති ජීවීන් හදිසියේම මතු වී ඇති බවයි. ශබ්ද තරංග යොදාගෙන තම ගමන් මාර්ගය සොයාගන්නා වවුලා ඊට කදිම උදාහරණයක්. ඌ ඊට පෙර සිටි වෙනත් ජීවියෙකුගෙන් පරිණාමය වූ බවට කිසිම සාක්ෂියක් නැහැ.
වර්තමානයේ පවතින ප්‍රධාන සත්ව වර්ග අතරින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාමත් කෙටි කාලයක් තුළ එකවර ඇති වී තිබෙන බව ෆොසිල වාර්තාවලින් පෙනී යනවා. එය සිදු වී තිබෙන්නේ විද්‍යාඥයන් “කේම්බ්‍රිය යුගය” ලෙස හඳුන්වන කාලපරිච්ඡේදය තුළයි. ඒ අනුව පාෂාණධාතු විද්‍යාඥයන් එය “කේම්බ්‍රියානු පිපුරුම” ලෙස නම් කර තිබෙනවා.
කාලය පිළිබඳව ඔවුන්ගේ නිගමනය නිවැරදියි කියා සිතමු. (1) ඒ අනුව අපි පෘථිවියේ ආරම්භයේ සිට අද දක්වා ඇති කාලපරිච්ඡේදය පාපන්දු ක්‍රීඩාංගණයකට සමාන කරමු. පාෂාණධාතු විද්‍යාඥයන් පවසන ලෙස කේම්බ්‍රියානු යුගයට පැමිණීම සඳහා එම ක්‍රීඩාංගණයෙන් අටෙන් හතක් පමණ ප්‍රමාණයක් ඉදිරියට පැමිණිය යුතුයි. ෆොසිල වාර්තාවලින් පැහැදිලි වන්නේ “කේම්බ්‍රියානු පිපුරුම” හෙවත් සත්ව වර්ග අතරින් වැඩි ප්‍රමාණයක් එකවර බිහි වී තිබෙන්නේ මෙම යුගයේ ඉතාමත් කෙටි කාලයක් තුළදීයි. (2) එය කොතරම් කෙටිද කියනවා නම් පහත සඳහන් චිත්‍රයේ දැක්වෙන ලෙස පියවරකටත් වඩා අඩු කාලපරිච්ඡේදයකදීයි.
ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළ සත්ව වර්ග වැඩි ප්‍රමාණයක් එකවර බිහි වී ඇති බවට සාක්ෂි තිබෙනවා. ඒ නිසා ජීවීන් පරිණාමය වුණා යන අදහස ගැන අධ්‍යයනය කරන අය ඩාවින් හඳුන්වා දුන් මතය ගැන ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබෙනවා. උදාහරණයකට 2008දී පරිණාමවාදී ජීව විද්‍යාඥ ස්ටුවට් නියුමන් ප්‍රකාශ කළේ එකිනෙකාට වෙනස් ජීවීන් රැසක් 33
එකවර බිහි වූ ආකාරය පැහැදිලි කිරීමට නව ක්‍රමයක් ගැන කල්පනා කළ යුතු බවයි. ඔහු මෙවැනි දෙයක්ද ප්‍රකාශ කළා. “මගේ විශ්වාසයට අනුව ජීවියෙක් තවත් ජීවියෙක් දක්වා පරිණාමය වූ ආකාරය තේරුම්ගැනීමට ඩාවින් ඉදිරිපත් කළ මතය ගැළපෙන්නේ නැහැ. ඒ නිසා එය බැහැර කර ඊට ඔබ්බෙන් යම් දෙයක් සලකා බලන්න අවශ්‍යයි.”ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදිද?
මත්ස්‍යයන් උභයජීවීන් බවටත් උරගයන් ක්ෂීරපායින් බවටත් පරිණාමය වුණා කියා පෙන්වීමට විද්‍යාඥයන් ෆොසිල ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම එවැනි පරිණාමයක් වූ බවට ෆොසිලවලින් ඔප්පු වෙනවාද? ඒ ගැන කිට්ටු අවධානයක් දුන් විට අපට යම් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.
මුලින්ම මතු වන ගැටලුව නම් ෆොසිලවල සැබෑ ප්‍රමාණයයි. උරගයන් ක්ෂීරපායින් බවට පරිණාමය වූ ආකාරය පෙන්වීමට විද්‍යාඥයන් ෆොසිල පෙළක් ඉදිරිපත් කරනවා. නමුත් විද්‍යා අත්පොත්වල ඒවා චිත්‍රයට නඟා ඇති ආකාරය නිසා බොහෝදෙනා සිතන්නේ ඒ සියලු ෆොසිල ප්‍රමාණයෙන් එක හා සමාන බවයි. නමුත් ඇත්තටම ඒවා එසේ නොවෙයි. එම ෆොසිල පෙළේ සමහර ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර තවත් ඒවා ඉතා කුඩායි.
ඊළඟ ප්‍රශ්නය වන්නේ එම ෆොසිල පෙළ එකින් එක සම්බන්ධ වන ආකාරය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති වීමයි. එම ෆොසිල අතර තිබෙන සමහර ෆොසිල වසර මිලියන ගණනක් පැරණි බව විද්‍යාඥයන් පවසනවා. ඒ අනුව ෆොසිල දෙකක් අතර ඇති කාල පරතරය ගැන සත්ව විද්‍යාඥ හෙන්රි ජී. මෙසේ පවසනවා. “ෆොසිල දෙකක් අතර තිබෙන කාල පරතරය එතරම් විශාල නිසා එකකින් අනික පරිණාමය වුණා කියා නිශ්චිතව පවසන්න බැහැ.”34 c
මෙතෙක් හමු වී ඇති මත්ස්‍යයන්ගේ හා උභයජීවීන්ගේ ෆොසිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජීව විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් මෙසේ පවසනවා. “ඒ ඒ ජීවී වර්ගයන්ට අයත් ෆොසිල රැසක් සොයාගෙන තිබෙනවා. ඉන් ඔප්පු වන්නේ ඒ කාලයේදී 35 d
එම වර්ගයන්ට අයත් විවිධ ජීවීන් රැසක් සිට ඇති බවයි.” ඒ වගේම ඔහු මෙවැනි දෙයක්ද පවසනවා. “එම ජීවීන් පසු කාලවල වෙනත් ජීවීන් දක්වා පරිණාමය වූ ආකාරය ගැන විස්තර කරන්න අපි දන්නේ නැහැ. ඊට අමතරව මෙම ජීවීන් එකිනෙකාට සම්බන්ධ වුණේ කොහොමද කියාවත් ඍජු අදහසක් ඉදිරිපත් කිරීමට අපට හැකියාවක් නැහැ.”ඇත්ත කතාව කුමක්ද?
වර්ෂ 2004දී නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවේ ෆොසිල වාර්තාව ගැන මෙසේ සඳහන් කර තිබුණා. “පරිණාමය හරියට සෑම රූප රාමු 1,000කින් 999ක්ම නැති වූ චිත්‍රපටියක් වගෙයි.”36 ඉන් කියා පෑමට උත්සාහ කරන දේ බලන්න.
එය අපි මෙසේ තේරුම්ගනිමු. රූප රාමු 1,00,000කින් සමන්විත චිත්‍රපටියක් තිබෙනවා කියා සිතන්න. නමුත් ඉන් ඔබට සොයාගැනීමට ලැබෙන්නේ රූප රාමු 100ක් පමණයි. එය කුමක් වටා ගෙතුණු කතාවක්ද කියා ඔබට එම රූප රාමුවලින් තීරණය කළ හැකිද? ඒ ගැන ඔබට යම් අනුමාන අදහසක් තිබෙන අතර එය ඔප්පු කිරීම සඳහා එම රූප රාමු 100න් ඔබේ අදහසට ගැළපෙන්නේ රූප රාමු පහක් පමණයි. ඒවා පමණක් පිළිවෙළින් තබා ඔබේ අනුමාන අදහස ඔප්පු කිරීමට උත්සාහ කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද? අනික් රූප රාමු 95න් හෙළි වන්නේ වෙනත් කතන්දරයක් නම් සියලුම රූප රාමු පිළිවෙළින් තබා කතන්දරය කුමක්ද කියා දැනගැනීමට උත්සාහ කිරීම ඊට වඩා සාධාරණයි කියා ඔබ සිතන්නේ නැද්ද!
පරිණාමවාදීන් ෆොසිල වාර්තා ඉදිරිපත් කරන ආකාරයට මෙම නිදසුන ගැළපෙන්නේ කෙසේද? දිගු කාලයක් පුරා පැවත තිබූ ජීවී විශේෂයන් තුළ සැලකිය යුතු ප්‍රමාණයේ වෙනස්කම් දක්නට ලැබෙන්නේ නැති බව බොහෝ ෆොසිල වාර්තාවලින් පැහැදිලිව පෙනෙන්න තිබුණත් වසර ගණනාවක් පුරා පර්යේෂකයන් එය පිළිගත්තේ නැහැ. මෙතරම් වැදගත් සාක්ෂි තිබියදීත් ඔවුන් ඒ ගැන කිසිවක් නොපවසන්නේ ඇයි? ඒ ගැන රිචඩ් මොරිස් නමැති කතුවරයා පවසන දේ සැලකිල්ලට ගන්න. “පාෂාණධාතු විද්‍යාඥයන්ගේ පිළිගත් මතය වුණේ ජීවීන් ක්‍රමක්‍රමයෙන් පරිණාමය වූ බවයි. ඔවුන් ඒ මතයේම එල්බගෙන සිටි නිසා 37
ඊට පටහැනි සාක්ෂි ෆොසිල මගින් අනාවරණය වුණත් ඒවා පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් උත්සාහ කළේ එම සාක්ෂි පවා ඔවුන්ගේ මතයට සරිලන විදිහට ඉදිරිපත් කිරීමටයි.”“ෆොසිල කිහිපයක් පිළිවෙළින් තබා ජීවය පරිණාමය වූයේ මෙසේයැයි පැවසීම උපකල්පනයක් පමණයි. එය ප්‍රිය උපදවන, යම් පාඩමක් ඉගෙනගත හැකි සුරංගනා කතාවක් වගෙයි. නමුත් එය විද්‍යාවෙන් ඔප්පු කළ හැකි දෙයක් නොවෙයි.”—හෙන්රි ජී විසින් රචිත In Search of Deep Time—Beyond the Fossil Record to a New History of Life නම් පොතේ 116-117 දක්වා පිටු.
නවීන දින පරිණාමවාදීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් ෆොසිල යම් පිළිවෙළකට අනුව ඉදිරිපත් කරන්නේ එම පිළිවෙළ ඔප්පු කිරීම සඳහා ඇති තරම් ෆොසිල සහ ප්‍රවේණි සාක්ෂි බහුලව තිබෙන නිසාද නැත්නම් එම පිළිවෙළ ඔවුන්ගේ මතයට ගැළපෙන නිසාද? e
ඔබ සිතන්නේ කුමක්ද? සාක්ෂිවලට අනුව හොඳම නිගමනය කුමක්ද? මෙතෙක් සලකා බැලූ තොරතුරු නැවතත් සැලකිල්ලට ගනිමු.
-
පෘථිවියේ සිටි මුල් ජීවීන් “සරලයි” කියා පැවසිය නොහැකියි.
-
සෛලයකට අවශ්‍ය සංඝටක පවා අහම්බෙන් ඇති වුණා යන්න සිතාගන්නවත් බැරි දෙයක්.
-
මිනිසා මෙතෙක් බිහි කර ඇති ඕනෑම සුපිරි “පරිගණක වැඩසටහනකට” හෝ තොරතුරු ගබඩා කිරීමේ පද්ධතියකට වඩා DNA අණුව ඉතා සංකීර්ණ මෙන්ම අති දියුණු තාක්ෂණයකින් යුත් බවට සාක්ෂි තිබෙනවා.
-
සියලුම ජීවීන් පැවත ඇවිත් තිබෙන්නේ තනි ජීවියෙකුගෙන් නොවන බව ප්‍රවේණි විද්‍යාවෙන් කළ පර්යේෂණ තුළින් හෙළි වී තිබෙනවා. ෆොසිල වාර්තාවෙන් හෙළි වන්නේ එක් එක් ජීවීන් වර්ග එකවර වෙන වෙනම ආරම්භ වූ බවයි.
මෙම සත්‍ය තොරතුරුවලට අනුව ඔබ සිතන්නේ කුමක්ද? ජීවයේ ආරම්භය පිළිබඳව බයිබලයේ සඳහන් පැහැදිලි කිරීම මෙතෙක් සොයාගෙන තිබෙන සාක්ෂිවලට එකඟද? බොහෝදෙනා පවසන්නේ බයිබලයේ ඇති වාර්තාව විද්‍යාවට පටහැනි බවයි. ඇත්තටම එය සත්‍යයක්ද? බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ කුමක්ද?
a ජීව විද්‍යාවට අනුව සෑම ජීවියෙකුවම ශ්‍රේණිගත කර තිබෙනවා. ඒවා නම් කර තිබෙන්නේ රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය සහ විශේෂය ලෙසයි. උදාහරණයකට අශ්වයාව ශ්‍රේණිගත කර තිබෙන්නේ මෙසේයි. රාජධානිය, සත්ව; වංශය, කෝඩේටා; වර්ගය, ක්ෂීරපායි; ගෝත්‍රය, පෙරිසෝඩැක්ටයිලා; කුලය, ඉක්විඩේ; ගණය, ඉක්වස්; විශේෂය, කැබලස්.
b මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මිනිසා පරිණාමය වුණා යන මතය වැරදියි කියා නිව් සයන්ටිස් සඟරාවවත් බැප්ටිස් හෝ රෝස් යන විද්‍යාඥයන්වත් පවසන්නේ නැති බවයි. නමුත් ඔවුන් පවසන්නේ ඩාවින් තම මතය සඳහා මූලික පදනම කරගත් ‘ගස’ පිළිබඳ අදහස සත්‍යය බව ඔප්පු කිරීමට සාක්ෂි නැති බවයි. ඔවුන් තවමත් පරිණාමය විස්තර කිරීමට වෙනත් ක්‍රම සොයමින් සිටිනවා.
c විද්‍යාඥ හෙන්රි ජී. පරිණාමවාදය පිළිගන්නා කෙනෙක් වන අතර එම මතය වැරදියි කියා ඔහු පවසන්නේ නැහැ. ඔහු කී දෙයින් පැහැදිලි වන්නේ ෆොසිල වාර්තාවෙන් තේරුම්ගත හැකි දේවල් සීමිත බවයි.
d විද්‍යාඥ මැල්කම් එස්. ගෝඩන් පරිණාමවාදය විශ්වාස කරන කෙනෙක්.
e “ මිනිසාගේ පරිණාමය සත්‍යයක්ද?” යන කොටුව බලන්න.