3වන ප්‍රශ්නය
සෛලයට තොරතුරු ලැබුණේ කොහෙන්ද?
ඔබේ පෙනුම ගැන ටිකක් සිතන්න. ඔබට ඔබේ ඇස්වල, හිස කෙස්වල සහ සමෙහි වර්ණය ලැබුණේ කෙසේද? ඔබේ උස මහත තීරණය වුණේ කෙසේද? ඔබට ඔබේ දෙමාපියන් දෙදෙනාගේම හෝ එක් කෙනෙකුගේ පෙනුම ලැබුණේ කෙසේද? ඔබේ ඇඟිලිවල කෙළවරෙහි යටි පැත්ත මෘදුවටත් උඩ පැත්ත නියපොත්තකින් ආවරණය වී තිබිය යුතු බවත් තීරණය වුණේ කෙසේද?
චාල්ස් ඩාවින්ගේ කාලයේදී එම ප්‍රශ්නවලට පිළිතුරු අභිරහසක්ව පැවතුණා. පරම්පරාවකින් පරම්පරාවකට දේහ ලක්ෂණ උරුම වන බව දැකීමෙන් ඔහු පවා පුදුම වුණා. නමුත් ජාන ගැනවත් සෛලයක් තුළ දේහ ලක්ෂණ පිහිටන ආකාරය ගැනවත් ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ. කෙසේනමුත් අද වන විට ජීව විද්‍යාඥයන් දශක ගණනාවක් පුරා කළ අධ්‍යයනවලින් මිනිස් ජාන ගැන පුළුල් අවබෝධයක් ලබා තිබෙනවා. එසේ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ සෛලයක ජානමය තොරතුරු ඇතුළත් DNA අණුව (ඩියොක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය) ගැන ගැඹුරින් අධ්‍යයනය කර ඇති නිසයි. නමුත් ඉන් මතු වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ‘DNA අණුවට මුලින්ම තොරතුරු ලැබුණේ කෙසේද’ යන්නයි.
බොහෝ විද්‍යාඥයන් පවසන දේ. බොහෝ ජීව විද්‍යාඥයන් සහ අනිකුත් විද්‍යාඥයන් පවසන්නේ DNA අණුව හා එහි ඇතුළත් දත්ත, වසර මිලියන ගණනකට පෙර සිදු වූ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයක් කියායි. එමෙන්ම ඔවුන් තවදුරටත් පවසන්නේ එහි ඇති තොරතුරු හා එය ක්‍රියාත්මක වන ආකාරයෙන් එය කවුරුන් හෝ නිර්මාණය කළ බවක් පෙනෙන්න නැති බවයි.17
බයිබලයේ සඳහන් වන දේ. කලලයක විවිධ අවයවයන් වර්ධනය විය යුතු නිශ්චිත ආකාරය පිළිබඳ කාලසටහන හා ඊට අදාළ සියලුම තොරතුරු සපයන්නේ දෙවි බව බයිබලයේ සඳහන් වෙනවා. එය උපමාලංකාරයෙන් බයිබල් ලේඛකයෙකු විස්තර කරන්නේ මෙසේයි. “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.”—ගීතාවලිය 139:16.
සාක්ෂිවලින් ඔප්පු වන දේ. ජීවය බිහි වුණේ පරිණාමයෙන් නම් DNA අණුව ඇති වුණේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බව ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. අනික් අතට බයිබලයේ සඳහන් දේ සත්‍යයක් නම් DNA අණුව ඉතා සැලසුම්සහගත බුද්ධිමත් නිර්මාණයක් බව ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි.
මෙම සංකීර්ණ DNA අණුව සරලව විස්තර කර තිබෙනවා නම් එහි ක්‍රියාකාරිත්වය තේරුම්ගැනීම අපහසු නොවන අතර එය මොන තරම් පුදුමාකාරද කියාත් වටහාගත හැකියි. එමනිසා දැන් අපි 1,30,00,000 වාරයක් පමණ විශාල කළ මිනිස් සෛලයක ආකෘතියක් තුළ සංචාරය කරනවා කියා සිතමු. වෙනත්
වචනවලින් පැවසුවොත් මෙම ආකෘතිය පුද්ගලයන් 70,000කට පමණ අසුන්ගත හැකි ක්‍රීඩාංගණයක් තරම් විශාලයි.සෛලයට ඇතුල් වූ විගස විවිධ හැඩයන්ගෙන් යුත් පුදුමාකාර දේවල් ඔබ දකියි. තවත් ඉදිරියට යන විට සෛලයේ මැද පිහිටා තිබෙන අඩි 200ක් පමණ විෂ්කම්භයකින් යුත් ගෝලයක් ඔබ දකියි. ඒ සෛලයේ න්‍යෂ්ටියයි.
දැන් ඔබ න්‍යෂ්ටියට ඇතුල් වුණා කියා සිතන්න. එහි ක්‍රොමසෝම හෙවත් වර්ණදේහ යුගළ 23ක් පිහිටා තිබෙනවා ඔබ දකියි. (1) ළඟට ගොස් එක් යුගළයක් දෙස හොඳින් බලන විට එය දිස් වන්නේ මැදින් සිහින් වූ සොසේජයන් දෙකක් ආකාරයටයි. නමුත් ඒවා විශාල ගස් කඳන් තරම් මහතයි. එම වර්ණදේහ සෑදී තිබෙන්නේ ගනකම කඹයක් තදින් වෙළී ඇති ආකාරයටයි. (2) ඔබ තවත් ළං වී ඒ කඹය දෙස බලන විට එය පුදුමාකාර කඹයක් බව ඔබට පෙනෙයි. මේ ගනකම් කඹය සෑදී තිබෙන්නේ තවත් දඟරාකාර කුඩා ලණුවක් වැනි දෙයකින් බව ඔබ දකියි. (3) ඒ කුඩා ලණුව දිගහැර බලන විට එය ඊටත් වඩා හීනි ලණුවක් හා සමාන දෙයක් දඟරගැසීමෙන් සැකසී ඇති බව ඔබට පෙනෙයි. මේ දඟරයත් දිගහැර බලන විට ඔබ තේරුම්ගන්නේ ඉහත කී දඟර සහිත ලණු වැනි සියල්ල සෑදී ඇත්තේ තනි හීනි ලණුවකින් බවයි.
පුදුමාකාර අණුවක සැකැස්ම
සියල්ල සෑදී ඇති තනි ලණුව දෙස දැන් බලන්න. (4) එම ලණුව රෝද වැනි යමක් වටා ළඟින් ළඟ තදින් එතී ඇති බවක් ඔබ දකියි. ඒවා එකට එකතු කර තබන්නේ යම් රාමුවක් තුළයි. කුඩාවට දඟර ගැසුණු මෙම හීනි ලණුවට නැවතත් දඟර ගැසී ඊට වඩා ගනකමකින් යුත් ලණුවක් සෑදෙන්න උපකාර කරන්නේ මෙම රාමුව හා රෝදයි. මෙම ආකෘතියේ ඇති වර්ණදේහ 46හිම ඇති ලණු වැනි දෑ දිගහැර එකිනෙකට සම්බන්ධ කළා නම් එහි මුළු දිග පෘථිවියේ වට ප්‍රමාණයෙන් අඩක් පමණ ආවරණය කළ හැකියි. a
මෙම කාර්යක්ෂම ඇසුරුම් ක්‍රමය ගැන එක් විද්‍යා පොතක විස්තර කළේ එය “අතිදක්ෂ ඉන්ජිනේරු ශිල්ප ක්‍රමයක්” කියායි.18 ඒ අනුව බලන විට අතිදක්ෂ ඉන්ජිනේරුවෙක් නොමැතිව මෙවැනි දෙයක් සිදු වෙයි කියා ඔබට සිතිය හැකිද? දැන් ඔබ සිටින මෙම අඩි 200ක් පමණ උස විශාල ආකෘතිය, ගබඩාවක් කියා සිතන්න. එහි මිලියන ගණනක් වූ බඩු භාණ්ඩ ඉතාමත් පිළිවෙළකින් හා සංවිධානාත්මක ලෙස අසුරා තිබෙනවා නම්, ඉන් ඕනෑම එකක් ඉතා පහසුවෙන්ම ගත හැකි නම් ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද? එහි ඇති පිළිවෙළ හා සංවිධානාත්මක භාවය පිටුපස කවුරුන් හෝ සිටිය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද? නමුත් ඕනෑම විශාල ගබඩා සංකීර්ණයකට වඩා සෛලයේ න්‍යෂ්ටිය මොන තරම් පිළිවෙළකින් යුක්තද!
නැවතත් එම තනි ලණුව දෙස බලන්න. එය ඔබේ අතට ගැනීමට ඔබට අවසර තිබෙනවා. (5) ඔබ එය හොඳින් පරීක්ෂා කර බලන විට එය ඇත්තටම සාමාන්‍ය ලණුවක් නොවන බව ඔබට වැටහෙයි. (6) එය සෑදී ඇත්තේ එකිනෙක වටා එතුණු රැහැන් දෙකකිනුයි.
(7) එමෙන්ම එය තවත් ළං කර බැලූ විට එම රැහැන් දෙක අතර සමාන දුරින්, හරහට පටි වැනි යමක් තිබෙන බවත් ඔබ දකියි. මෙය දිස් වන්නේ ලණු ඉණිමඟක් අඹරා ඇති ආකාරයටයි. මේ ඔබ අතේ තබාගෙන සිටින්නේ විද්‍යාඥයන්ට තවමත් හරි හැටි විස්තර කිරීමට නොහැකි පුදුමාකාර DNA අණුවයි.මෙම DNA අණුව ක්‍රමානුකූලව ඇසිරී වර්ණදේහය සෑදී තිබෙන ආකාරය දැන් ඔබ දන්නවා. නමුත් ඔබ දුටු DNA ඉණිමඟෙහි ඇති හිණි පෙතිවලින් සිදු වන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? අපි දැන් එය සරලව තේරුම්ගනිමු.
තොරතුරු ගබඩා කිරීමේ සුවිශේෂී තාක්ෂණය
ඉණිමඟක් හා සමාන DNA අණුවක් සෑදෙන්නේ එහි ඇති හිණි පෙති නිසයි. එහි එක් එක් හිණි පෙත්ත සෑදී තිබෙන්නේ රසායනික ද්‍රව්‍යයන් දෙකක් එකට සම්බන්ධ වීමෙනුයි. එසේ ඒවා සම්බන්ධ වන රසායනික ද්‍රව්‍යයන් හතරක් තිබෙනවා. විද්‍යාඥයන් ඒවා කෙටියෙන් හඳුන්වන්නේ A, T, G සහ C ලෙසයි. ඒවා එකිනෙකට සම්බන්ධ වන පිළිවෙළත් ඒ තුළින් DNA අණුවට දත්ත ලැබෙන ආකාරයත් හඳුනාගැනීමෙන් විද්‍යාඥයන් පුදුම වෙනවා.
එම අකුරු හතර අපි පුංචි හෝඩියකට සමාන කරමු. ඒවා එකිනෙක සම්බන්ධ වීමෙන් “වචන” සෑදෙනවා. ඒවා හඳුන්වන්නේ කෝඩෝන ලෙසයි. එවැනි “වචන” හෙවත් කෝඩෝන එකතු වීමෙන් “කතන්දරයක්” හෙවත් ජානයක් සෑදෙනවා. සාමාන්‍යයෙන් එවැනි ජානයක අකුරු 27,000ක් පමණ තිබෙනවා. එවැනි ජාන කිහිපයක් එකතු වීමෙන් “පරිච්ඡේද” b ජීවියෙකු පිළිබඳ සියලුම තොරතුරු අඩංගු වන්නේ ඒ තුළයි.
සෑදෙන අතර ඒවා හඳුන්වන්නේ වර්ණදේහ ලෙසයි. ඒ අනුව සම්පූර්ණ “පොත” සෑදෙන්නේ වර්ණදේහ 23කිනුයි. එය හඳුන්වන්නේ ජෙනෝමය හෙවත් වර්ණදේහ කට්ටලය ලෙසයි.මිනිස් වර්ණදේහ කට්ටලයක් සෑදී තිබෙන්නේ DNA ඉණිමඟෙහි ඇති හිණි පෙති බිලියන තුනක් පමණ සංඛ්‍යාවකිනුයි.19 එසේනම් වර්ණදේහ කට්ටලයක කොතරම් තොරතුරු ප්‍රමාණයක් ගබඩා වී තිබෙනවාද? එය තේරුම්ගැනීමට මෙම සඟරාවේ පිටුවක ප්‍රමාණයෙන් යුත් පිටු 1,000කින් පමණ සමන්විත ශබ්දකෝෂයක් ගැන සිතන්න. වර්ණදේහ කට්ටලයක ඇති තොරතුරු ඇතුළත් කිරීමට එවැනි ශබ්දකෝෂ 428ක් පමණ අවශ්‍යයි. සෑම සෛලයකම වර්ණදේහ කට්ටල දෙකක් තිබෙන නිසා ඒ සියලු තොරතුරු ඇතුළත් කිරීමට එවැනි ශබ්දකෝෂ 856ක් අවශ්‍යයි. ඔබ එම තොරතුරු පිටපත් කිරීමට උත්සාහ කළොත් ඔබට අවුරුදු 80ක් පුරා නිවාඩු රහිතව එක දිගට වැඩ කිරීමට සිදු වෙයි.
ඔබ එසේ කළා කියා සිතන්න. ඒ තොරතුරු කන්දරාව ට්‍රිලියන 100ක් පමණ වූ ශරීරයේ ඇති සෑම සෛලයක් තුළටම එහි එක් පිටපත බැගින් ඇතුළත් කිරීමට ඔබට හැකි වෙයිද? එම විශාල තොරතුරු ප්‍රමාණය සෛලයේ න්‍යෂ්ටිය තුළ තැන්පත් කිරීමට ඒවා කොතරම් කුඩා කළ යුතුද කියා ඔබට සිතාගන්නවත් පුළුවන්ද?
අණුක ජීව විද්‍යාව හා පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “මෙම DNA අණු ග්‍රෑමයක් වියළාගත් විට එහි ප්‍රමාණය ඝන සෙන්ටිමීටරයක් පමණ වෙනවා. නමුත් එහි CD තැටි ට්‍රිලියනයක පමණ තොරතුරු ප්‍රමාණයක් ගබඩා කළ හැකියි.”20 ඉන් අදහස් කරන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස්. එසේ වන්නේ ජාන නිසයි. ඒ සෑම ජානයක්ම ගබඩා වී තිබෙන්නේ DNA අණුව තුළයි. මිනිස් ශරීරයක් බිහි වීමට අවශ්‍ය සියලුම තොරතුරු අඩංගු වී තිබෙන්නේ එය තුළයි. එහි ඇති තොරතුරු සම්භාරය මොන තරම්ද කියනවා නම් DNA අණු තේ හැන්දක් තුළ ලෝක ජනගහනය මෙන් 350 ගුණයක් නිර්මාණය කළ හැකියි. ඒ අනුව බලන විට බිලියන හතක් පමණ වූ වර්තමාන ලෝක ජනගහනය බිහි කිරීමට අවශ්‍ය වන්නේ DNA තේ හැන්දකින් බිඳක් පමණයි.21
කර්තෘ කෙනෙක් නැති පොතක්ද?
අපි තොරතුරු රැසක් ගබඩා කළ හැකි CD තැටියක් ගැන සිතමු. එහි හැඩය, මතුපිට පෙනුම සිත් ඇදගන්නාසුලුයි. එමෙන්ම එය නව තාක්ෂණයේ ප්‍රතිඵලයක්. ඉන් ඔප්පු වන්නේ එය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් බවයි. ඒ වගේම ඊට තොරතුරු රැසක්ද ඇතුළත් කළ හැකියි. ඉතා සංකීර්ණ යන්ත්‍රයක් නිර්මාණය කරන ආකාරය, නඩත්තු හා අලුත්වැඩියා කරන ආකාරය පිළිබඳ සියලු තොරතුරුද ඊට ඇතුළත් කර තිබෙනවා කියා සිතන්න. එම තොරතුරු නිසා එහි ප්‍රමාණය හෝ බර වෙනස් වන්නේ නැහැ. වැඩි වටිනාකමක් තිබෙන්නේ CD තැටියට වඩා එහි අඩංගු තොරතුරුයි. එම තැටිය කවුරුන් හෝ නිර්මාණය කළා නම් එහි අඩංගු වටිනා තොරතුරුද කවුරුන් හෝ බුද්ධිමත් කෙනෙක් විසින් ඊට ඇතුළත් කළා කියා ඔබ සිතන්නේ නැද්ද? ඒ අනුව බලන විට යමක් ලිවීමට ලේඛකයෙක් සිටිය යුතු නොවේද? එමෙන්ම විශාල තොරතුරු ප්‍රමාණයක් ඉතා කුඩා උපකරණයක් තුළ ගබඩා කිරීමේ
තාක්ෂණය මිනිසුන් සොයාගෙන තිබුණත් ඒවා DNA අණුවක් අසලකින්වත් තබන්න බැහැ.ඇත්තෙන්ම DNA අණුවක් CD තැටියකට හෝ පොතකට සමාන කිරීමෙහි වරදක් නැහැ. එක් පොතක ජෙනෝමය ගැන මෙසේ සඳහන් වුණා. “ජෙනෝමය කියන්නේත් ඇත්තටම එක්තරා පොතක්. පොතක් හා සමානව එහි තිබෙන්නේත් තොරතුරුයි. නමුත් එය සාමාන්‍ය පොතකට වඩා අද්විතීයයි. එයට තමාගේම පිටපතක් සෑදීමටත් තමා තුළ ගබඩා වී ඇති දත්තවලට අනුව ක්‍රියාත්මක වීමටත් හැකියාව තිබෙනවා.”22 එයින් DNA අණුවක් සතු තවත් සුවිශේෂී පැත්තකට අපගේ අවධානය යොමු කරනවා.
සුපිරි යන්ත්‍ර
ඔබ තවමත් සිටින්නේ න්‍යෂ්ටිය තුළ කියා සිතන්න. මෙහි ඇති සියලුම දේවල් ක්‍රියාත්මක වන ආකාරය දැකගැනීමට හැකි නම් කොතරම් වටිනවාද කියා ඔබට සිතෙයි. ඒත් එක්කම “ක්‍රියාත්මක කිරීමට බොත්තම ඔබන්න” කියා සංඥා පුවරුවක් DNA අණුවට ඉහළින් තිබෙනවා ඔබ දකියි. එය එබූ විට එය ක්‍රියාත්මක වීමට පටන්ගනියි. මෙම DNA අණුව අඩුම තරමින් ඉතා වැදගත් කාර්යයන් දෙකක් ඉටු කරනවා. පළමු එක නම් ප්‍රතිවලිත වීම ලෙස හඳුන්වන අනුපිටපතක් සෑදීමයි. එසේ වන්නේ අලුතින් බිහි වන සෑම සෛලයකටම මුල් සෛලයේ අඩංගු සියලුම තොරතුරුවල පිටපතක් අවශ්‍ය නිසයි. එය සිදු වන ආකාරය දැන් ඔබට දැකගත හැකියි.
මෙම DNA අණුව අසලින් කුඩා දොරක් විවෘත වී උපාංග කිහිපයක් සහිත අමුතු යන්ත්‍රයක් පිටතට පැමිණෙයි. එය DNA අණුවට සම්බන්ධ වී දුම්රිය මාර්ගයක වේගයෙන් ගමන්ගන්නා දුම්රියක් මෙන් ගමන් කරයි. එම වේගය නිසා එහි සිදු වන සියලුම ක්‍රියාවලීන් ඔබට දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් එම යන්ත්‍රයට පිටුපසින් DNA අණු දෙකක් නිර්මාණය වෙමින් පවතින ආකාරය ඔබට දැකගන්න ලැබෙයි.
ඔබ ඒ දුටුවේ DNA අණුවක් ප්‍රතිවලිත වන විට සිදු වන ක්‍රියාවලිය ඉතාමත් සරල ආකාරයෙනුයි. මුලින්ම එන්සයිම කිහිපයක් DNA අණුව මත ගමන් කර එය දෙකට වෙන් කරයි. ඉන්පසුව ඒ එක් එක් රැහැන ආකෘතියක් ලෙස යොදාගනිමින් අලුත්ම DNA අණු දෙකක් 16 සහ 17 පිටුවල ඇති පින්තූරය බලන්න.
සාදයි. නමුත් DNA අණුව ප්‍රතිවලිත වන විට එය පැටලීමකින් තොරව වෙන් කිරීම සඳහා ඉදිරියෙන් ගමන්ගන්නා ඉතා කුඩා යන්ත්‍රය ඔබට පෙනෙන්නේ නැහැ. එමෙන්ම DNA අණුවෙහි ඇති යම් යම් අඩුපාඩු සකස් කරන ආකාරයත් දැකගන්න බැහැ. ඊට හේතුව ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදු වෙන නිසයි.—මේ යන්ත්‍රය ගමන් කරන වේගය ගැන මදක් සිතන්න. සැබෑ DNA අණුවක එම එන්සයිම තත්පරයකට හිණි පෙති සියයක් පමණ පසු කර යනවා.23 එම DNA අණුව දුම්රිය මාර්ගයක විශාලත්වයට තිබුණා නම් එම එන්සයිමය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරනවා. නමුත් බැක්ටීරියා සෛලයක තිබෙන එන්සයිමවලට එය මෙන් දස ගුණයක වේගයෙන් ගමන් කළ හැකියි. මිනිස් සෛලයක ඇති DNA අණුවක් ප්‍රතිවලිත වන විට එන්සයිම රාශියක් එම අණුවෙහි විවිධ ස්ථානවල එම ක්‍රියාවලිය සිදු කිරීමට පටන්ගනියි. පැය අටක් වැනි කාලයක් තුළ වර්ණදේහ 23හිම ඇති සියලුම තොරතුරු සහිත පිටපතක් සකස් කිරීමට ඊට හැක්කේ ඒ නිසයි.24 (20වන පිටුවේ ඇති “ තමාවම කියවා පිටපත් කරගන්නා අණුවක්” යන කොටුව බලන්න.)
තොරතුරු “කියවීම”
දැන් DNA අණුව පිටපත් කළ ඒ යන්ත්‍රය ක්‍රමානුකූලව එතැනින් ඉවත් වී යයි. ඊළඟට තවත් යන්ත්‍රයක් පැමිණෙයි. එයද DNA අණුව මත ගමන් කළත් කලින් යන්ත්‍රය මෙන් වේගවත් නැහැ. මෙම යන්ත්‍රයේ එක් කෙළවරකින් ඇතුල් වන DNA අණුව එයාකාරයෙන්ම අනික් කෙළවරින් පිට වෙනවා. නමුත් එම යන්ත්‍රයේ තවත් විවරයකින් DNA අණුවේ තනි රැහැනක් හා සමාන යමක් පිට වෙනවා ඔබ දකියි. එහි සිදු වන්නේ කුමක්ද?
මෙම DNA අණුව සතු අනික් වැදගත් කාර්යය වන්නේ ජානමය තොරතුරු පිටපත් කිරීමයි. ශරීරයට අවශ්‍ය සියලුම ප්‍රෝටීන නිපදවීම සඳහා දත්ත ඇතුළත් ජාන තිබෙන්නේ DNA අණුව තුළයි. නමුත් DNA අණුව කිසිවිටක සෛලයේ න්‍යෂ්ටියෙන් පිටතට යන්නේ නැහැ. එසේනම් එම දත්ත, පිටතට ලබා දෙන්නේ කෙසේද? මෙම අලුත් යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ ඒ සඳහායි. න්‍යෂ්ටියට පිටතින් පැමිණෙන රසායනික සංඥාවක් මගින් ජානයක් ක්‍රියාත්මක වීමට පටන්ගන්නවා. එවිට මෙම යන්ත්‍රය එම ජානය වෙත ගොස් RNA (රයිබොනියුක්ලික් අම්ලය) අණුවක් මගින් ජානයේ ඇති තොරතුරු පිටපත් කරගන්නවා. මෙම අණුව DNA අණුවක තනි රැහැනකට තරමක් සමාන වුණත් එහි ක්‍රියාකාරිත්වය ඊට වඩා වෙනස්. එහි කාර්යය වන්නේ ජානයක ඇති දත්ත පිටපත් කරගැනීමයි. ඉන්පසු මෙම RNA අණුව එම දත්ත සමඟින් න්‍යෂ්ටියෙන් පිට වී, ප්‍රෝටීනයක් සෑදීම සඳහා රයිබසෝමය වෙත ගමන් කරයි.
ඔබ සිතින් මවාගත් මෙම සංකීර්ණ ආකෘතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට එවැනි ආකෘතියක් නිර්මාණය කිරීමට මොන තරම් බුද්ධියක් අවශ්‍යද කියා ඔබට සිතෙයි. ඒ වගේම ඔබේ ශරීරයේ ඇති සෛලයක් තුළ සිදු වන දහස් ගණනක් වූ සියලුම ක්‍රියාවලීන් එකවර
මෙම ආකෘතියෙන් දැකගන්න ලැබුණා නම් එය මොන තරම් පුදුමාකාර ආකෘතියක් වෙයිද කියාත් ඔබට සිතෙයි.මෙම ආකෘතියෙන් ඔබට ඒ සියල්ල දැකගත නොහැකි වුණත් මේ දැන් පවා ඔබේ ශරීරයේ ඇති ට්‍රිලියන 100ක් පමණ වූ සෑම සෛලයකම ඒ සියලුම ක්‍රියාවලීන් සිදු වන බව ඔබ දන්නවාද? ඔබේ ශරීරයේ ඇති එන්සයිම, පටක සහ අවයව වැනි අනිකුත් සියලුම කොටස්වලට අවශ්‍ය සිය දහස් ගණනක් වූ ප්‍රෝටීන නිපදවීමට අදාළ දත්ත මෙන්ම මඟ පෙන්වීම් DNA අණු මගින් නිරතුරුවම ලබා දෙනවා. මේ දැන් පවා ඔබේ ශරීරයේ ඇති DNA අණු මගින් ඊට අදාළ තොරතුරු පිටපත් කර, අවශ්‍ය සකස් කිරීම් කර, අලුත් සෛල බිහි කරමින් පවතිනවා.
එම තොරතුරු වැදගත් වන්නේ ඇයි?
එම පුදුමාකාර ‘සෛලයට තොරතුරු ලැබුණේ කොහෙන්ද’ යන ප්‍රශ්නය අපි නැවත අසමු. ඊට බයිබලයේ සඳහන් පිළිතුර වන්නේ මනුෂ්‍යයන්ට වඩා බුද්ධියෙන් ඉතා ඉහළ කෙනෙක් DNA අණුවට අවශ්‍ය සියලු දත්ත ලියා ඊට ඇතුළත් කළ බවයි. එම පිළිතුර යල් පැන ගිය හෝ විද්‍යාවට පටහැනියි කියා ඔබ සිතනවාද?
මේ ගැන සිතන්න. අඩුම තරමින් ඔබ මේ වන තෙක් මනසින් මවාගත් ආකෘතිය නිර්මාණය කිරීමටවත් විද්‍යාඥයන්ට හැකිද? එසේ කිරීමට
ඔවුන් උත්සාහ කළා නම් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙයි. ඊට එක් හේතුවක් වන්නේ මිනිස් සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ කට්ටලය ගැන සහ එහි ක්‍රියාකාරිත්වය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ඉතා අල්ප වීමයි. එමෙන්ම DNA අණුවෙහි ඇති සියලුම ජාන ගැනවත් ඒවායෙන් ඉටු වන කාර්යයන් ගැනවත් සම්පූර්ණ තොරතුරු විද්‍යාඥයන් තවමත් සොයාගෙන නැහැ. සෑම DNA අණුවකම ජාන පිහිටා තිබෙන්නේ තැනින් තැනයි. ඒවා අතර ඇති කොටස් අනවශ්‍ය බව විද්‍යාඥයන් සිතුවා. නමුත් දැන් ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජානවල ක්‍රියාකාරිත්වය එම කොටස් මගින් පාලනය වන බවයි. කෙසේනමුත් DNA අණුවක් සහ ඊට අදාළ සියලු අංගෝපාංග සහිත ආකෘතියක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වුණා කියා අපි සිතමු. නමුත් න්‍යෂ්ටියක් තුළ සිදු වෙන සියලුම ක්‍රියාවලීන් එම ආකෘතියෙන් නිරූපණය කිරීමට ඔවුන්ට හැකි වෙයි කියා ඔබ සිතනවාද?පිළිගත් විද්‍යාඥයෙක් වූ රිචඩ් ෆෙයින්මන් ඔහුගේ මරණයට ටික දිනකට පෙර මෙවැනි සටහනක් තැබුවා. “මට යමක් නිර්මාණය කරන්න බැහැ කියන්නේ මට ඒ ගැන 25 ඔහුගේ එම අවංක අදහස DNA අණුව පිළිබඳවත් සත්‍යයක්. න්‍යෂ්ටිය තුළ තිබෙන DNA අණුවක් එහි පිටපතක් සාදාගන්නා බවත් එහි ජානමය තොරතුරු ස්වංක්‍රීයව පිටපත් කරගන්නා බවත් ඔබ දන්නවා. නමුත් එවැනි DNA අණුවක් නිපදවීම කෙසේවෙතත් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු අවබෝධ කරගැනීමටවත් මේ වන තෙක් කිසිම විද්‍යාඥයෙකුට හැකි වී නැහැ. එසේ තිබියදීත් සමහරුන් පවසන්නේ එම පුදුමාකාර අණුව අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බිහි වුණා කියා තමන් හොඳින්ම දන්නා බවයි. ඔබ මෙතෙක් සලකා බැලූ සියලු තොරතුරු ගැන සිතන විට එවැනි නිගමනයකට එකඟ වෙන්න ඔබට පුළුවන්ද?
පූර්ණ අවබෝධයක් නැහැ කියන එකයි.”සමහර දැන උගත් පුද්ගලයන් ඒ ගැන දරන්නේ වෙනස් අදහසක්. උදාහරණයකට DNA අණුවක ඇති ද්විත්ව හේලික්සාකාර හැඩය සොයාගත් ෆ්‍රැන්සිස් ක්‍රික් නමැති විද්‍යාඥයාගේ අදහස වුණේ මෙම අණුවෙහි ඇති සංකීර්ණ සැකැස්ම හා මනා පිළිවෙළ ගැන කල්පනා කරන විට එය අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයක් කියා සිතිය නොහැකි බවයි. ඒ අනුව ඔහුගේ අදහස වුණේ DNA අණුව බුද්ධිමත් පිටසක්වල ජීවියෙකු විසින් පෘථිවියට රැගෙන එන්න ඇති බවයි.26
අවුරුදු 50ක් පුරා දෙවි කෙනෙකුගේ පැවැත්ම පිළිබඳව කොහෙත්ම විශ්වාස නොකළ දර්ශනවාදියෙකු වූ ඇන්තනි ෆ්ලූ 81ක් වන වියේදී ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් දරන්න පටන්ගත්තා. එනම් ජීවයේ ආරම්භය සඳහා බුද්ධිමත් කෙනෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය බව ඔහු පිළිගත්තා. එවැනි ප්‍රබල වෙනසකට හේතුව වූයේ කුමක්ද? ඔහු DNA පිළිබඳව කළ අධ්‍යයනයයි. තමන් වර්තමානයේ දරන අදහස නිසා අනිකුත් විද්‍යාඥයන්ගේ අප්‍රසාදයට ලක් වෙයිද කියා ඔහුගෙන් ඇසූ විට ෆ්ලූ දුන් පිළිතුර මෙයයි. “එහෙමවුණත් කරන්න දෙයක් නැහැ. මෙතෙක් කල් මම ගත් හැම තීරණයක්ම පදනම් වුණේ ඊට අදාළ සාක්ෂි මතයි. ඒ ප්‍රතිපත්තියට අනුව සාක්ෂි තිබෙනවා නම් අකමැත්තෙන් වුණත් මට ඒක පිළිගන්න වෙනවා.”27
ඔබ සිතන්නේ කුමක්ද? විශාල කර්මාන්ත ශාලාවක තිබෙන සුපිරි පරිගණකයක් ඔබේ සිතේ මවාගන්න. එහි සියලු කාර්යයන් පාලනය වන්නේ ඊට ඇතුළත් කර තිබෙන දත්ත මගිනුයි. ඒවා මගින් එහි ඇති සෑම යන්ත්‍රයක්ම නිෂ්පාදනය කළ යුතු ආකාරය ගැන හා නඩත්තු කළ යුතු ආකාරය ගැන නිරතුරුවම මඟ පෙන්වීම් ලබා දෙනවා. ඊට අමතරව එම දත්ත සියල්ලෙහිම අනුපිටපතක්ද පරිගණකය විසින්ම සකස් කරනවා. එම සාක්ෂිවලට අනුව ඔබ පිළිගන්නේ කුමක්ද? පරිගණකය සතු දත්ත පරිගණකය විසින්ම බිහි කළා කියාද? නැත්නම් බුද්ධිමත් පිරිසක් විසින් එම දත්ත ඊට ඇතුළත් කළා කියාද? ඔබත් සාක්ෂි අනුව තීරණයක් ගන්න.
a එක් විද්‍යා අත්පොතක එය වෙනත් ආකාරයේ මිනුම් දණ්ඩකින් විස්තර කර තිබෙනවා. එහි පවසන්නේ න්‍යෂ්ටිය තුළ එම රැහැන් සියල්ල ඇසිරී ඇති ආකාරය හරියට කිලෝමීටර් 40ක් දිග නූලක් ඉතා පුදුමාකාර පිළිවෙළකින් මෙන්ම ඕනෑම ස්ථානයකින් ඇද්ද විට පැටලීමකින් තොරව ගැලවිය හැකි ආකාරයට ටෙනිස් බෝලයක් තුළ අසුරා තිබෙනවා හා සමානයි කියායි.—Molecular Biology of the Cell.
b සෑම සෛලයකම වර්ණදේහ කට්ටල දෙකක් තිබෙන අතර එහි ඇති මුළු වර්ණදේහ සංඛ්‍යාව 46යි.