Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

මුළු පොළොවම පාලනය කරන ආණ්ඩුවක්

මුළු පොළොවම පාලනය කරන ආණ්ඩුවක්

අපි කතා කරන්නේ මොන ආණ්ඩුව ගැන කියලද ඔයා හිතන්නේ?— අපි කතා කරන්නේ මුළු පොළොවම ලස්සන උයනක් කරන්න යන දෙවිගේ ආණ්ඩුව ගැනයි. ඒ කියන්නේ දේවරාජ්‍යය ගැනයි. ඒ ගැන දැනගන්න ඔයා කැමතිද?—

හැම ආණ්ඩුවකම රජෙක් හරි ජනාධිපති කෙනෙක් හරි ඉන්නවා. එයා තමයි එයාගේ රටේ ඉන්න මිනිසුන්ව පාලනය කරන්නේ. ඔයා දන්නවද දේවරාජ්‍යයේ රජු කවුද කියලා?— ඒ යේසුස්. දැන් යේසුස් ඉන්නේ ස්වර්ගයේ. එයා ළඟදීම පොළොවේ ඉන්න හැමෝවම පාලනය කරනවා. ඒ කාලෙදී අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?—

පාරාදීසයේදී ඔයා ආසාවෙන් ඉන්නේ මොනවා කරන්නද?

අපිට හුඟක් සතුටින් ඉන්න පුළුවන්. ඒ කාලෙදී මිනිසුන් ගහගන්නේ නැහැ. යුද්ධ කරන්නේ නැහැ. හැමෝම අනිත් අය එක්ක ආදරෙන් ඉන්නවා. කවුරුවත් අසනීප වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. දැන් ඇස් පේන්නේ නැති අයට ඒ කාලෙදී පේනවා. කන් ඇහෙන්නේ නැති අයට ඒ කාලෙදී ඇහෙනවා. දැන් ඇවිදින්න බැරි අයට එදාට දුවන්න පනින්න පුළුවන්. ඇති තරම් කෑම බීමත් තියෙන්න යනවා. සත්තු අනිත් සතුන්ටවත් මිනිසුන්ටවත් කරදර කරන්නේ නැහැ. හැමෝම එකට ඉන්නවා. මැරුණු අයටත් ආයෙත් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔයා මේ පොතෙන් ඉගෙනගත්ත රෙබෙකා, රාහබ්, දාවිත්, එලියා වගේ අයත් ආයේ ජීවත් වෙන්න යනවා. ඒ අයව හම්බ වෙලා කතා කරන්න ඔයා කැමතිද?—

යෙහෝවා දෙවි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා සතුටින් ඉන්නවටයි දෙවි කැමති. දිගටම යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන දෙවි කියන දේ කළොත් ඔයාටත් පුළුවන් ලස්සන පාරාදීසයක මැරෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙන්න. ඔයාත් ඒකට කැමතියි නේද?—