පාලක මණ්ඩලයෙන් ලියුමක්
යෙහෝවා දෙවිට ප්‍රේම කරන මිත්‍රය,
යේසුස් පැවසුවේ, “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියායි. (යොහන් 8:32) ලොව පුරාම බොරු ප්‍රචාරයන් පැතිරෙන මේ “අවසාන කාලයේ” සත්‍යය ගැන අවබෝධයක් ලබාගැනීමට හැකි වීම ඇත්තෙන්ම ආශීර්වාදයක්! (2 තිමෝති 3:1) දේවවචනයේ සඳහන් දේවල් ඔබට පැහැදිලි කර දුන් පසු එය සත්‍යය බව ඔබ පිළිගත් අවස්ථාව ඔබට මතකද? එය කිසිදා අමතක නොවන අද්දැකීමක්!
සත්‍යය ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීම හා ඒ ගැන අන් අයට නිතරම පැවසීම වැදගත්. නමුත් අප ඉගෙනගෙන තිබෙන සත්‍යයට එකඟව ජීවත් වීමත් ඉතා වැදගත්. ඒ සඳහා අප දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දැරිය යුතුයි. එයින් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් මිය ගිය දවසට පෙර රාත්‍රියේ තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසූ මෙම වදන්වලින් ඊට පිළිතුර පැහැදිලියි. “මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම් මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.”—යොහන් 15:10.
යේසුස් දෙවිගේ ප්‍රේමය ලැබුවේ තම පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපැදීමෙනුයි. එසේනම් අපත් කළ යුත්තේ එයම නොවේද! දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට නම් අපත් නිරතුරුවම අපට අවබෝධ වී ඇති සත්‍යයට එකඟව ජීවත් විය යුතුයි. එදා රාත්‍රියේම, “ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 13:17.
ඔබට අවබෝධ වී ඇති සත්‍යයට එකඟව ඔබේ ජීවිතයේ සෑම දවසක්ම ගත කිරීමට මෙම පොත ඔබට අත්වැලක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. එසේ කිරීමෙන් “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට” ඔබට හැකි වන අතර “සදාකාල ජීවනය” ලබාගැනීමේ අපේක්ෂාව ඇතුව සිටීමට ඔබට හැකි වන බව නොඅනුමානයි.—යූද් 21.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය