Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

ස්වයංවින්දනයේ ග්‍රහණයෙන් මිදීම

ස්වයංවින්දනයේ ග්‍රහණයෙන් මිදීම

ස්වයංවින්දනයේ යෙදීමට පුරුදු වී සිටින කෙනෙක් කරන්නේ දෙවිට අප්‍රසන්න ක්‍රියාවක්. එවැනි කෙනෙක් නිතරම සිතන්නේ තම ආශාවන් තෘප්තිමත් කරගැනීම ගැනයි. ඒ නිසා එවැනි කෙනෙකුගේ මනස තිබෙන්නේ දූෂිත තත්වයකයි. * ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක් අන් අය දෙස බලන්නේ තම කාමාශාව සන්සිඳුවාගත හැකි භාණ්ඩ ලෙසයි. ලිංගික සම්බන්ධකම් ගැන එවැනි කෙනෙක් සිතන්නේ දෙදෙනෙකු අතරේ තිබෙන ආදරය පෙන්විය හැකි ආකාරයක් ලෙස නොව සුළු මොහොතකට වින්දනයක් ලබාගත හැකි දෙයක් ලෙසයි. එමෙන්ම තම ලිංගික ආශාවන් සන්සිඳුවා ගත හැකි මඟක් ලෙසයි. එවැනි කෙනෙකු ක්‍රියා කරන්නේ, “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද” තම ශරීරයේ අවයවවලින් නැති කර දමන්න කියා බයිබලයේ පවසා තිබෙන දේට විරුද්ධවයි. එයින් ඇත්තටම සිදු වන්නේ එවැනි ආශාවන් තව තවත් අවුස්සාගැනීම පමණයි.—කොලොස්සි 3:5.

පාවුල් පැවසුවේ, “ප්‍රේමණීය සහෝදරයෙනි, . . . අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු” කියායි. (2 කොරින්ති 7:1) එම උපදෙස ක්‍රියාත්මක කිරීමට ඔබ මහත් පොරබැදීමක් කරනවා නම් අධෛර්ය වී ඔබේ උත්සාහය අත්හරින්න එපා. යෙහෝවා දෙවි “සමාව දීමට කැමති,” උපකාර ලබා දීමට සූදානමින් සිටින දෙවි කෙනෙකු බව මතකයේ තබාගන්න. (ගීතාවලිය 86:5; ලූක් 11:9-13) ඔබ ඉඳහිට එම නරක පුරුද්දට නැවත වැටුණත් ඒ ගැන ඔබේ සිත ඔබට වද දීමෙන් හා එම පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම මිදීමට ඔබ දරන වෑයමෙන් පැහැදිලි වන්නේ දෙවි ඉදිරියේ පවිත්‍රව සිටීමට ඔබ තුළ අවංක ආශාවක් තිබෙන බවයි. ඒ නිසා, “අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නා බවත් ඔහු සියලු දේ දන්නා බවත්” මතක තබාගන්න. (1 යොහන් 3:20) දෙවි බලන්නේ අප කරන වරද දෙස පමණක් නොවෙයි. ඔහු අපේ හදවතේ තත්වයත් සෝදිසි කර බලනවා. අපේ සැබෑ තත්වය තේරුම්ගන්නා ඔහු, අප මහත් ඕනෑකමින් කන්නලව් කරන විට අපට සවන් දෙනවා. කුඩා දරුවෙකු කරදරයක වැටුණු විට තම පියා වෙතට යන්නා සේ, ඔබත් අත් නෑර දෙවිට යටහත්ව හා අවංකකමින් යාච්ඤා කරන්න. එවිට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් භුක්ති විඳීමේ ආශීර්වාදය ඔබට අද්දකින්න හැකි වෙයි. (ගීතාවලිය 51:1-12, 17; යෙසායා 1:18) කෙසේවෙතත් ඔබ කරන යාච්ඤාවලට එකඟව පියවර ගත යුතු බවත් අමතක නොකරන්න. උදාහරණයකට කාමුක දර්ශන නැරඹීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු අතර ඔබට නරක බලපෑමක් විය හැකි අයගෙන් ඈත්ව සිටින්න. *

ඔබට ස්වයංවින්දනය අත්හරින්න අමාරු නම් ඔබේ සාක්ෂිකාර දෙමාපියන් සමඟ හෝ ඔබට බොහෝ සෙයින් ආදරය කරන අද්දැකීම් ලත් ක්‍රිස්තියානි මිතුරෙකු හෝ මිතුරියක සමඟ ඒ ගැන කතා කරන්න. *හිතෝපදේශ 1:8, 9; 1 තෙසලෝනික 5:14; තීතස් 2:3-5.

^ 1 ඡේ. කෙනෙක් ස්වයංවින්දනයේ යෙදෙන විට ඔහු හෝ ඇය තම ලිංගේන්ද්‍රයන් අත ගෑමෙන් කාමාස්වාදයක් ලබාගැනීමට උත්සාහ කරනවා. බොහෝ අවස්ථාවලදී එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයා කාම උද්දීපනයක් ලබනවා.

^ 2 ඡේ. පරිගණක භාවිත කරන බොහෝ පවුල් තම ආරක්ෂාව සඳහා පරිගණකය තබන්නේ නිවසේ අන් අය නිතරම ගැවසෙන තැනකයි. එමෙන්ම පරිගණකයට නොහොබිනා දේවල් පිවිසීම වැළැක්වීම සඳහා නොයෙකුත් මෘදුකාංගද (software) මිල දී ගත හැකියි. කෙසේවෙතත් එම මෘදුකාංගවලින් සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබාගත යුතුයි.