Skip to content

පටුනට යන්න

1වන පාඩම

දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා

දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා

දෙවි ඔබව මිතුරෙක් කරගැනීමට කැමතියි. මේ විශ්වයේ සිටින උතුම්ම පුද්ගලයාගේ මිතුරා වීමට ඔබට පුළුවන් කියා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? බොහෝ කාලයකට පෙර ජීවත් වූ ආබ්‍රහම්ව දෙවිගේ මිතුරා හැටියට හඳුන්වා තිබුණා. (යාකොබ් 2:23) ඒ වගේම බයිබලයේ සඳහන් වෙනත් අයත් දෙවි සමඟ මිත්‍රත්වයක් භුක්ති විඳීමෙන් මහත් ආශීර්වාද ලැබුවා. අදදිනත් ලොව පුරා වෙසෙන බොහෝ මිනිසුන් දෙවිගේ මිතුරන් වී සිටිනවා. ඔබටත් පුළුවන් දෙවිගේ මිතුරෙක් වෙන්න.

දෙවිගේ මිතුරෙක් වීම මනුෂ්‍යයන්ගේ මිතුරෙක් වීමට වඩා අගනා දෙයක්. දෙවි කවමදාකවත් තම විශ්වාසවන්ත මිතුරන්ගේ බලාපොරොත්තු කඩ කරන්නේ නෑ. (ගීතාවලිය 18:25) ඇත්තටම කියනවා නම් දෙවිගේ මිතුරෙක් වීම වස්තුව ඇතුව සිටිනවාට වඩා අගනා දෙයක්. මන්ද පොහොසත් පුද්ගලයෙක් මැරුණ විට ඔහුගේ දේපොළ උරුම වෙන්නේ අනිත් අයටයි. එහෙත් දෙවි සමඟ භුක්ති විඳින මිත්‍රත්වය නිසා ලැබෙන නිධානය නැතහොත් ආශීර්වාද කිසිම කෙනෙකුට සොරාගන්න බැහැ.—මතෙව් 6:19.

ඔබ දෙවි ගැන ඉගෙනගන්නා විට එය වැළැක්වීමට සමහර උදවිය මාන බලන්න පුළුවන්. මෙවැනි දේවල් ඔබේම මිතුරන් හෝ ඔබේම පවුලේ අය විසින් කිරීමට ඉඩ තියෙනවා. (මතෙව් 10:36, 37) අනිත් අය ඔබට සිනාසෙන විට හෝ තර්ජනය කරන විට, ‘මට සතුටු කරන්න අවශ්‍ය දෙවිවද එහෙම නැත්නම් මිනිසුන්වද’ කියලා ඔබෙන්ම අසන්න. මොහොතකට මේ ගැන හිතන්න: ඔබට කවුරුහරි කිව්වොත් කෑම කන්න එපා කියලා, ඔබ ඔහුට කීකරු වෙනවාද? කොහෙත්ම නෑ. ඔබේ ජීවිතය ගෙන යෑමට කෑම අවශ්‍යයි. හැබැයි, දෙවිට පුළුවන් ඔබව සදාකාලයටම ජීවත් කරවන්න! එමනිසා, දෙවිගේ මිතුරෙක් වන්නේ කෙසේද කියා ඉගෙනගැනීම වළක්වන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා.—යොහන් 17:3.