Skip to content

පටුනට යන්න

9වන පාඩම

දෙවිගේ මිතුරෝ කවුද?

දෙවිගේ මිතුරෝ කවුද?

යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ පුත්‍රයා මෙන්ම කිට්ටුම සහ හිතවත්ම මිතුරායි. යේසුස් පොළොවේ මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට පෙර, ස්වර්ගයේ බලවත් ආත්ම මැවිල්ලක් ලෙස ජීවත් වුණා. (යොහන් 17:5) පසුව ඔහු මනුෂ්‍යයන්ට දෙවි ගැන සත්‍යය ඉගැන්වීමට පොළොවට පැමිණියා. (යොහන් 18:37) ඒ වගේම ඔහු කීකරු මනුෂ්‍යයන්ව පාපයෙන් සහ මරණයෙන් බේරාගැනීමට තම මනුෂ්‍ය ජීවිතය දුන්නා. (රෝම 6:23) දැන් යේසුස් පොළොව පාරාදීසයක් කරන්න යන ස්වර්ගික ආණ්ඩුව වන දෙවිගේ රාජ්‍යයේ රජ වී සිටිනවා.—එළිදරව් 19:16.

දේවදූතයනුත් දෙවිගේ මිතුරන්. දේවදූතයන්ගේ ජීවිතය ආරම්භ වුණේ පොළොවේ මනුෂ්‍යයන් හැටියට නොවෙයි. දෙවි පොළොව මැවීමට පෙර ඔවුන්ව ස්වර්ගයෙහි මවනු ලැබුවා. (යෝබ් 38:4-7) දේවදූතයන් දසදහස් ගණන් සිටිනවා. (දානියෙල් 7:10) දෙවිගේ මෙම ස්වර්ගික මිතුරන් කැමතියි මනුෂ්‍යයන් යෙහෝවා ගැන සත්‍යය දැනගන්නවාට.—එළිදරව් 14:6, 7.

දෙවිට පොළොවෙත් මිතුරන් සිටිනවා. දෙවි ඔවුන්ව තමන්ගේ සාක්ෂිකාරයෝ ලෙස හඳුන්වනවා. උසාවියකදී සාක්ෂිකාරයෙක් යම් කෙනෙක් ගැන හෝ යම් දෙයක් ගැන ඔහු දන්න දේ පවසනවා. ඒ වගේම යෙහෝවාගේ සාක්ෂිකාරයනුත් යෙහෝවා ගැන හා ඔහුගේ අරමුණ ගැන ඔවුන් දන්න දේ අනිත් අයට පවසනවා. (යෙසායා 43:10) දේවදූතයන්ට මෙන් සාක්ෂිකාරයන්ටත් අවශ්‍ය කරන්නේ යෙහෝවා ගැන සත්‍යය ඉගෙනගැනීමට ඔබට උපකාර කරන්නයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබත් දෙවිගේ මිතුරෙක් වෙනවා දකින්නයි.