Skip to content

පටුනට යන්න

16වන පාඩම

දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න

දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න

මිතුරෙකු සමඟ ඇති සබඳකම දිගටම පවත්වාගෙන යෑමට නම් ඔහු හෝ ඇය සමඟ ඔබ කතා කරන්න අවශ්‍යයි. ඔබ ඔහුට ඇහුම්කන් දෙන අතර ඔහුත් ඔබට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ඔබේ මිතුරාගේ හොඳ ඔබ අනිත් අයටත් කියනවා. දෙවිගේ මිතුරෙක් වෙද්දිත් එම දෙයම අදාළ වෙනවා. මේ ගැන බයිබලයේ පවසන දේ බලන්න.

යාච්ඤාව තුළින් නොකඩවා යෙහෝවාට කතා කරන්න. “යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න.”—රෝම 12:12.

දෙවිගේ වචනය වන බයිබලය කියවන්න. “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් . . . ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.

අනිත් අයට දෙවි ගැන උගන්වන්න. “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

දෙවිගේ මිතුරන්ට ළං වෙන්න. “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය.”—හිතෝපදේශ 13:20.

රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වෙන්න. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු . . . එකිනෙකාට අවවාදකරමු [දිරිගන්වමු, NW].”—හෙබ්‍රෙව් 10:24, 25.

රාජ්‍ය කටයුතුවලට සහයෝගය දෙන්න. ‘කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දෙන්න. සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරයි.’—2 කොරින්ති 9:7.