14වන පාඩම
දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි
සාතන් නරක දේවල් කිරීමට මනුෂ්‍යයන්ව පොලඹවනවා. යම්කිසි කෙනෙකුට දෙවිගේ මිතුරෙක් වෙන්න කැමති නම් ඔහු යෙහෝවා වෛර කරන දේට වෛර කරන්න අවශ්‍යයි. (ගීතාවලිය 97:10) දෙවිගේ මිතුරන් වීම වළක්වන සමහරක් දේවල් සලකා බලන්න:
වැරදි ලිංගික හැසිරීම්. “කාමමිථ්‍යාචාරය නොකරව.” (නික්මයාම 20:14) විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමත් වැරදියි.—1 කොරින්ති 6:18.
බේබදුකම. ‘බේබද්දෝ දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නේ නැත.’—1 කොරින්ති 6:10.
මිනීමැරීම, ගබ්සාව. “මිනීනොමරව.”—නික්මයාම 20:13.
සොරකම. “සොරකම් නොකරව.”—නික්මයාම 20:15.
බොරුකීම. “බොරුකාර දිව” යෙහෝවාට පිළිකුලක්.—හිතෝපදේශ 6:17.
ගීතාවලිය 11:5) ‘මාංසයේ ක්‍රියාවලට ක්‍රෝධයත්’ ඇතුළත් වෙනවා.—ගලාති 5:19, 20.
සාහසිකකම සහ පාලනය කරගත නොහැකි කෝපය. ‘යෙහෝවා බලාත්කාරකමට ප්‍රියවෙන්නාට ද්වේෂ කරයි.’ (සූදුව. ‘කෑදර කෙනෙක් සමඟ සම්බන්ධකම් නොපවත්වන්න.’—1 කොරින්ති 5:11, NW.
ජාතිවාදය හා වාර්ගික වෛරය. “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.”—මතෙව් 5:43, 44.
දෙවි අපට කියන දේවල් අපේම යහපත සඳහායි. නරක දේවලින් වැළකීම සැමවිටම පහසු නෑ. නමුත්, යෙහෝවාගේ සහ ඔහුගේ සාක්ෂිකාරයන්ගේ උපකාරය ඇතුව දෙවි අසතුටු කරන දේවලින් වැළකීමට ඔබට පුළුවන්.—යෙසායා 48:17; පිලිප්පි 4:13; හෙබ්‍රෙව් 10:24, 25.