Skip to content

පටුනට යන්න

5වන පාඩම

දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා

දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා

පාරාදීසය අප දැන් ජීවත් වන ලෝකය මෙන් නොවෙයි. පොළොව කරදර සහ දුක් පීඩාවලින් පිරවීමට දෙවිට කවමදාකවත් අවශ්‍ය වුණේ නෑ. අනාගතයේදී දෙවි පොළොව නැවතත් පාරාදීසයක් කිරීමට යනවා. පාරාදීසය කොයි වගේ එකක් වෙයිද? අපි බලමු බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද කියලා:

යහපත් මිනිසුන්. පාරාදීසය දෙවිගේ මිතුරන්ගේ නිවස බවට පත් වේවි. ඔවුන් එකිනෙකාට යහපත කරන්න යන අතර දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවලට එකඟවද ජීවත් වීමට යනවා.—හිතෝපදේශ 2:21.

ඇති තරම් ආහාර. පාරාදීසයේදී, කිසි කෙනෙක් කුසගින්නෙන් සිටින්න යන්නේ නෑ. “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය [නොහොත්, ආහාර] වන්නේය” කියා බයිබලයේ පවසනවා.—ගීතාවලිය 72:16.

හොඳ නිවාස සහ සතුට ගෙන දෙන වැඩ. පාරාදීස පොළොවේදී සෑම පවුලකටම තමාටම කියා නිවසක් තිබෙන්න යනවා. එමෙන්ම සෑම කෙනෙක්ම සැබෑ සතුට ගෙන දෙන වැඩවල නිරත වීමට යනවා.—යෙසායා 65:21-23.

ලොව පුරා සාමය. තවදුරටත් මිනිසුන් යුද්ධ නිසා සටන් කරන්නේවත් මියයන්නේවත් නෑ. මන්ද ‘දෙවි පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය’ කියා දෙවිගේ වචනයේ පවසනවා.—ගීතාවලිය 46:8, 9.

හොඳ සෞඛ්‍යය. පාරාදීසයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා බයිබලයෙහි පොරොන්දු කරනවා. (යෙසායා 33:24) ඒ වගේම, කිසි කෙනෙක් කොරෙකු, අන්ධයෙකු, බිහිරෙකු හෝ ගොළුවෙකුව සිටින්න යන්නේ නෑ.—යෙසායා 35:5, 6.

දුක, වේදනාව සහ මරණයට අවසානයක්. “මරණය තවත් නොවන්නේය, වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” කියා දෙවිගේ වචනයෙහි පවසනවා.—එළිදරව් 21:4.

නරක මිනිසුන් පහව ගිහින්. “දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය” කියා යෙහෝවා පොරොන්දු කරනවා.—හිතෝපදේශ 2:22.

මිනිසුන් එකිනෙකාට ප්‍රේම කරමින් ගරු කරන්න යනවා. තවදුරටත් අසාධාරණය, පීඩා කිරීම්, ගිජුකම සහ වෛරය තියෙන්න යන්නෙ නෑ. මිනිසුන් එකමුතුව හා සමාදානයෙන් දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවලට එකඟව ජීවත් වෙන්න යනවා.—යෙසායා 26:9.