Skip to content

පටුනට යන්න

18වන පාඩම

සදහටම දෙවිගේ මිතුරා වෙන්න!

සදහටම දෙවිගේ මිතුරා වෙන්න!

මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් මිතුරා සමඟ සබඳතාවය දිගටම පවත්වාගැනීමටත් වෑයම අවශ්‍යයි. දෙවිගේ මිතුරෙක් වීමට සහ සබඳතාව දිගටම පවත්වාගැනීමට ඔබ ගන්නා වෑයම්වලට බොහෝ ආශීර්වාද ලැබෙයි. යේසුස් කෙරෙහි අදහාගත් අයට ඔහු මෙසේ පැවසුවා: ‘සැබෑව නුඹලා නිදහස් කරන්නේය.’ (යොහන් 8:32) එයින් අදහස් කරන්නේ මොකක්ද?

ඔබට දැන් පවා නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඔබට සාතන් විසින් පතුරුවන වැරදි ඉගැන්වීම්වලින් සහ බොරුවලින් නිදහස් වෙන්න පුළුවන්. යෙහෝවාව නොදන්න මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිතවල ඇති නිෂ්ඵලභාවයේ හැඟීම්වලින් ඔබට නිදහසක් අද්දකින්න පුළුවන්. (රෝම 8:22) ඒ විතරක් නොවෙයි දෙවිගේ මිතුරන් ‘මරණයට ඇති භයෙන්’ පවා නිදහස්.—හෙබ්‍රෙව් 2:14, 15.

දෙවිගේ නව ලෝකයේදී ඔබට නිදහස භුක්ති විඳින්න පුළුවන්. අනාගතයේදී භුක්ති විඳින්න යන පූර්ණ නිදහස ගැන මොහොතකට සිතන්න! පාරාදීස පොළොව, යුද්ධ, අසනීප සහ අපරාධවලින් නිදහස්. දුප්පත්කම, කුසගින්න, මහලු වයස සහ මරණයෙන් පවා නිදහස්. ඒ වගේම බිය, පීඩා සහ අසාධාරණය වැනි දේවලිනුත් නිදහස්. බයිබලයේ දෙවි ගැන මෙසේ පවසනවා: ‘ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්- නේය.’—ගීතාවලිය 145:16.

දෙවිගේ මිතුරන් සදහටම ජීවත් වීමට යනවා. සදාකාල ජීවනය දෙවි විසින් තමන්ගේ මිතුරෙක් වීමට උත්සහ කරන අයට දෙන වටිනා තෑග්ගක්. (රෝම 6:23) නිමක් නොමැති ජීවිතයක්! ඔබට මොනවාද ඒ ගැන හිතෙන්නේ?

ඔබට බොහෝ දේ කරන්න කාලය තිබේවි. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍ර අඳින්න හෝ වඩු වැඩ ඉගෙනගන්න පුළුවන්. සමහරවිට ඔබට පුළුවන් සතුන් හෝ ගස් පිළිබඳව ඉගෙනගන්න. වෙනත් රටවල් සහ මනුෂ්‍ය ජාතීන්ව දැනහඳුනා ගන්නත් ඔබ ආස ඇති. සදාකාලික ජීවිතය මේ සියල්ල ඉටු කරගන්න ප්‍රස්තාව උදා කරනවා!

බොහෝ මිතුරන් ඇති කරගන්න ඔබට කාලය තිබේවි. සදාකාලයටම ජීවත් වීම මගින් දෙවිගේ මිතුරන් වී සිටින වෙනත් අයව දැනහඳුනා ගන්න අවස්ථාව සැලසෙනවා. එමගින් ඔබ ඔවුන්ගේ හැකියාවන් සහ හොඳ ගුණාංග දැනගන්න යන අතර ඔවුනුත් ඔබේ මිතුරන් වෙනවා. ඔබ ඔවුන්ට ප්‍රේම කරනවා වගේම ඔවුනුත් ඔබට ප්‍රේම කරන්න යනවා. (1 කොරින්ති 13:8) නිමක් නොමැති ජීවිතයක් මගින් ඔබට පොළොවේ සිටින සියල්ලන් සමඟම මිතුරු වීමට ප්‍රස්තාව උදා කරනවා! සියල්ලකටම වඩා වැදගත් දෙය වන්නේ, අවුරුදු සියගණන් පසු වන විට දෙවි සමඟ ඇති ඔබේ මිතුරුකම තව තවත් ශක්තිමත් වීමයි. ඔබ සදහටම දෙවිගේ මිතුරා වේවා!